The Leader News
BREAKING
Top Ad
Gossip

'රතු ඉර' පාස්කු විවාදයට පෙර රහස් කතා !

T

The Leader Desk

February 9, 2022 • 11:59 AM

'රතු ඉර' පාස්කු  විවාදයට පෙර රහස් කතා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය සඳුදා (07) රාත්‍රී ස්වර්ණවාහිනියේ සජීවී ලෙස විකාශය වූ 'රතු ඉර' විශේෂ දේශපාලන විවාදයට පෙර එම විවාදයේ
  • එම ආරංචිමාර්ග වලට අනුව සඳුදා දහවල් 12.30ට පමණ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සහ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අතර මෙම හමුව සිදුව ඇත්තේ, කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ 20 වන මහලේදිය.
  • එම හමුවට මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා වාහන ගාල් කරන බිම් මහලේ සෝපානයෙන් හෝටලය තුලට පැමිණ ඇති බවත්, ඇමතිවරයා හෝටල් ආලින්දයෙන් ඇතුල්වී ඇති බවත් පැවසේ.
  •   මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එම විවාදයට සහභාගී වූ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ, පසුගිය සඳුදා ජැයික් හිල්ටන් හෝටලයේදී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා හමුවී ඇතැයි කිසිවකු හෝ පවසන්නේ නම් එය මුළුමනින්ම ප්‍රබන්ධයක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙපාර්ශවයේ ප්‍රධාන කථිකයින් දෙදෙනෙකු අතර රහසිගත හමුවක් පැවති බවට දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිරයමින් තිබේ.

එම ආරංචිමාර්ග වලට අනුව සඳුදා දහවල් 12.30ට පමණ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සහ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අතර මෙම හමුව සිදුව ඇත්තේ, කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේ 20 වන මහලේදිය. එම හමුවට මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා වාහන ගාල් කරන බිම් මහලේ සෝපානයෙන් හෝටලය තුලට පැමිණ ඇති බවත්, ඇමතිවරයා හෝටල් ආලින්දයෙන් ඇතුල්වී ඇති බවත් පැවසේ.

 

එසේම, ස්වර්ණවාහිනි විවාදය සම්බන්ධයෙන් සැක මතුකරන විපක්ෂයේ ඇතැමුන් ගේ අදහස් වී ඇත්තේ, පාස්කු ඉරිදා ප්‍රහාරයට එරෙහිව අති උතුම් මැල්කම් කාදිනල් ‍රංජිත් හිමිපාණන් විසින් ගෙනයන විරෝධය හැල්ලු කර එම විරෝධය වෙනතකට යොමුකිරීමේ අරමුණින් මෙම විවාදය සංවිධානය කළා වියහැකි බවයි.

 

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එම විවාදයට සහභාගී වූ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ, පසුගිය සඳුදා ජැයික් හිල්ටන් හෝටලයේදී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා හමුවී ඇතැයි කිසිවකු හෝ පවසන්නේ නම් එය මුළුමනින්ම ප්‍රබන්ධයක් බවයි. '' මමයි, හරින් ප්‍රනාන්දුයි  සඳුදා උදේ ඉඳල හිටියේ ජැයික් හිල්ටන් එකේ.. එක ඇත්ත . අපේ පක්සේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර වගේම හර්ෂ ද සිල්වත් එතනට ඇවිත් උපදෙස් දුන්න. අපට මහින්දාන්නද හම්බවෙන්න පිස්සුද ? '' මන්ත්‍රීවරයා දැඩි ආවේගයෙන් යුතුව කියා සිටියේය.

මෙම කාරණය සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අදහස් දැක්වූ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ, ජැයික් හිල්ටන් හෝටලයට ගිය කාලයක් මතක නැති බවයි.


මහින්දානන්ද ගේ අභියෝගය !


2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රූපවාහිනී විවාදයකට සහභාගී වන ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ අභියෝගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පිළිගැනීමත් සමග 'ස්වර්ණවාහිනිය' මෙම විවාදය සංවිධානය කිරීමට එකඟත්වය පළකර තිබිණ.

අමාත්‍ය අලූත්ගමගේ අමාත්‍යවරයා මෙම ආරාධනාව කළේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදයේ දී කළ අදහස් දැක්වීමෙන් අනතුරුවය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට විවාදයකට ආරාධනා කරන බව අලුත්ගමගේ අමාත්‍යවරයා එහිදී අභියෝග කර සිටියේය.

'හිරු' සහ 'දෙරණ' නාලිකා තමන්ට වැඩසටහන් සඳහා අවස්ථාව ලබා නොදෙන බව හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබු අතර ඒ අනුව විවාදය සඳහා ස්වර්ණවාහිනී නාලිකාව තෝරා ගතයුතු යැයි යෝජනා වී තිබේ.

ඒ අනුව, ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කෘෂිකර්ම ඇමැතිවරයා සමග කාංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයා මෙම 'රතු ඉර' විවාදයට සහභාගී වූ අතර   විපක්ෂය නියෝජනය කරමින් හරින් ප්‍රනාන්දු සමඟ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර එක්විය.

විවාදයෙන් පසු හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් මෙසේ සඳහන් කළේය.





පිළිතුරුදීමේ අයිතිය :
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගන්නා තර ඊට නිසි ප්‍රචාරයක් ලබාදීමටද සහතික වෙමු.

සංස්කාරක:
විද්‍යුත් ලිපිනය leadernews.lk@gmail.com

 

 

Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...