The Leader News
BREAKING
Top Ad
Gossip

නිමල් ලන්සාට 'ගේම' ජොනි එක්ක !

T

The Leader Desk

February 18, 2022 • 6:52 AM

නිමල් ලන්සාට 'ගේම' ජොනි එක්ක !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය ඉවත් කරගනිමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් ආරම්භකර ඇති විරෝධය සිය අමාත්‍යංශ ලේකම් සමග ඇතිකර ගත්
  • ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පසුගිය 15 අඟහරුවාදා සිය පෞද්ගලික බඩු බාහිරාදිය හා කාර්ය මණ්ඩලය අමාත්‍යංශයෙන් ඉවත්කර ගත් අතර මේවනවිට අමාත්‍යංශයට අදාල රාජකාරි කටයුතුවලින් බැහැරව සිටියි.
  • කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මහාමාර්ග අමාත්‍යංශයට මෙවර අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 72ක් බව පැවසේ.
  • ඔහුගේ එම ඉල්ලීම අමාත්‍යංශ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ, පසුගිය වසරේ රාජ්‍ය අමාත්‍යංශයෙන් සිදුකර ඇති ව්‍යාපෘතීන් වෙනුවෙන් රුපියල් බිලියන 12ක ණය ගෙවීමට ඇති බැවින් මේ වසරේ වෙනත් සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන නොමැත බව පවසමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආරවුලකට වඩා මහාමාර්ග කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග ඇතිකරගත් ගැටුමක් බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පසුගිය 15 අඟහරුවාදා සිය පෞද්ගලික බඩු බාහිරාදිය හා කාර්ය මණ්ඩලය අමාත්‍යංශයෙන් ඉවත්කර ගත් අතර මේවනවිට අමාත්‍යංශයට අදාල රාජකාරි කටයුතුවලින් බැහැරව සිටියි.

නිමල් ලන්සා අමාත්‍යවරයා අමාත්‍යංශ කටයුතුවලින් ඉවත්ව ඇත්තේ, එම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක සමග ඇතිකර ගත් බහින්බස් වීමක් හේතුවෙන් බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමග ජනාධිපති ලේකම්වරයා ඔහුට දුරකථන ඇමතුමක් ලබාදෙමින්, අමාත්‍යංශ ලේකම්වරයා ඉවත්කර ගැනීමට එකඟත්වය පළකර ඇතැයි වාර්තාවේ.

තමාට ගැටුමක් ඇත්තේ අමාත්‍යංශ ලේකම්වරයා සමග නොව මහාමාර්ග කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග බවත් තම අමාත්‍යංශයට කෙරෙන කෙනෙහිලිකම් හා මහාමාර්ග අමාත්‍යංශයේ සිදුවන බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී පෞද්ගලිකව ම කරුණු දැක්වීමට බලාපොරොත්තුවන බවත් නිමල් ලන්සා අමාත්‍යවරයා එහිදී පැවසු බවද වාර්තාවේ.

එහෙත් මේ දක්වා නිමල් ලන්සා අමාත්‍යවරයාට ජනාධිපති හමුවීමට අවස්ථාවල් ලබාදී නොමැත.

මාර්ග ඉදිකිරීමේදී සිදුවන බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා කිහිප වරක්ම ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් දැනුවත්කර ඇතත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී කරුණු දැක්වීමට අවස්ථාවක් ලැබී නොතිබීම ඔහුගේ බරපතල කනස්සල්ලට හේතුවී තිබු බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.



සිය අමාත්‍යංශය වෙත පැවරී තිබු මාර්ග සංවර්ධන ව්‍යපෘති සඳහා වූ කොන්ත්‍රාත් වෙනුවෙන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයින්ගෙන් හා ප්‍රාදේශීය නායකයින්ගෙන් දිගින් දිගටම එල්ලවී තිබු අනිසි බලපෑම් මෙන්ම පාස්කු ප්‍රහාරයට අදාල පොලිස් විමර්ශන සිදුකෙරෙන ආකාරය පිළිබඳව ද මොහු පසුගිය කාලයේ නොසතුටින් පසු වූ අතර ජනාධිපතිවරයා සහභාගිවූ මධ්‍යම අධිවේගයේ කොටසක් විවෘත කිරීමේ උත්සව පවා වර්ජනය කර තිබිණ.



මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විසින් 2021 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් නිමල් ලන්සා ගේ රාජ්‍ය අමාත්‍යංශයට රුපියල් බිලියන 35කට වැඩි මුදලක් වෙන්කර තිබුනද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙවර අයවැයෙන් එම අමාත්‍යංශයට වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 10ක මුදලකි.

කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මහාමාර්ග අමාත්‍යංශයට මෙවර අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 72ක් බව පැවසේ.

තම අමාත්‍යංශයට වෙන්කර ඇති බිලියන 10 මුදලින් පන්සල් ,පල්ලි, වෙනත් දේවස්ථාන වලින් ඒ ඒ ප්‍රදේශවල මාර්ග සුළු සුළු අලුත්වැඩියා සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුකරන්නැයි තමා කල නිර්දේශයන් අමාත්‍යංශ ලේකම්වරයා නොතකා හැර ඇතයි ද නිමල් ලන්සා අමාත්‍යවරයා චෝදනා කරයි.

ඔහුගේ එම ඉල්ලීම අමාත්‍යංශ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ, පසුගිය වසරේ රාජ්‍ය අමාත්‍යංශයෙන් සිදුකර ඇති ව්‍යාපෘතීන් වෙනුවෙන් රුපියල් බිලියන 12ක ණය ගෙවීමට ඇති බැවින් මේ වසරේ වෙනත් සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන නොමැත බව පවසමිනි.

මෙවර අයවැයෙන් බිලියන 72ක් වෙන්කර ඇති ජොන්ස්ටන් ඇමතිතුමාට ඊට අමතරව රුපියල් බිලියන 350ක ණය ගෙවීමට අනුමැතිය දෙන්නේ කෙසේදැයි නිමල් ලන්සා ප්‍රශ්න කරයි.

පන්සලකින් පල්ලියකින් කරන ඉල්ලිමකටවත් සුළුවෙන් හෝ උදව්වක් කරගන්න බැරි ඇමතිකමකින් තමාටවත් රටටවත් වැඩක් නැතැයි නිමල් ලන්සා අමාත්‍යවරයා පසුගියදා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් සමග පවසා ඇතැයි ද වාර්තාවේ.

 




සබැඳි පුවත් :


ඇමති ලන්සාට මරණ තර්ජන ! - හඬපටයක් ලීක් වෙයි !!

නිමල් ලන්සාට ඇමතිකම එපා වේ ! - ගෙදර යන්න බඩු 'පැක් කරයි

 

Leader Whats app

 

 

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...