The Leader News
BREAKING
Top Ad
Gossip

''අපොයි, ඒ තනතුර නම් මට එපා'' - ඇමති බන්දුල කියයි!

T

The Leader Desk

August 17, 2020 • 5:52 AM

''අපොයි, ඒ තනතුර නම් මට එපා'' - ඇමති බන්දුල කියයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය භාර ගැනීම වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් දැඩිව ප්‍රතික්ෂේප කර ඇතැයි
  • එම ආරංචි මාර්ගවලට අනුව, කැබිනට් ප්‍රකාශක ධුරය සඳහා බන්දුල ගුණවර්ධනව යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසිනි.
  • කෙසේවුවද, බන්ධුල ඇමතිවරයා එම ඉල්ලිම ප්‍රතික්ෂේප කර ඇත්තේ, තමන්ට හිමි වී ඇති ඇමතිධුරයේ රාජකාරි සහ වගකීම් ඉටුකිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට අවශ්‍ය බව පවසමිනි.
  • තමන්ට පවරා ඇති අතිරේක වගකීම්වලින් තමන් නිදහස් කරන්නැයි ද ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා ඇතැයි පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එම ආරංචි මාර්ගවලට අනුව, කැබිනට් ප්‍රකාශක ධුරය සඳහා බන්දුල ගුණවර්ධනව යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසිනි.

කෙසේවුවද, බන්ධුල ඇමතිවරයා එම ඉල්ලිම ප්‍රතික්ෂේප කර ඇත්තේ, තමන්ට හිමි වී ඇති ඇමතිධුරයේ රාජකාරි සහ වගකීම් ඉටුකිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට අවශ්‍ය බව පවසමිනි.

තමන්ට පවරා ඇති අතිරේක වගකීම්වලින් තමන් නිදහස් කරන්නැයි ද ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා ඇතැයි පැවසේ.

බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා එම නව පත්වීම ප්‍රතික්ෂේප කර තිබීම නිසා ඊට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පත් කිරීමට යෝජනා වී ඇතැයි ද වාර්තාවේ.

පසුගිය මාස කිහිපයෙහි සම කැබිනට් ප්‍රකාශකවරු ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධනට මෙන්ම රමේෂ් පතිරණට ආණ්ඩුවේම ඇතැම් පාර්ශවලින් චෝදනා එල්ල විය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...