The Leader News
BREAKING
Top Ad
Gossip

පී. බී. ඉල්ලා අස්වීමට යයි !

T

The Leader Desk

December 5, 2021 • 3:36 AM

පී. බී. ඉල්ලා අස්වීමට යයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වන්න තීරණය කර ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.
  • මේ සම්බන්ධයෙන් ' Lanka Lead News' හි පළකර ඇති වාර්තාවක සඳහන් වන්නේ, ආර්ථික ඝාතක තීන්දු රැසකට මුල් වූ මෙම නිලධාරියා ඉහළ අධිකරණයෙන් දඬුවම් ලැබ රජයේ කිසිදු තනතුරක් නොදැරීමට සුදුස්සෙකු නොවන බවට තීන්දු කළ අයෙකු බවයි.
  • ජයසුන්දරට, ජනාධිපතිවරයා සිටියදීම දැඩි ලෙස චෝදනා කර එල්ලකර තිබු බව  ' The Leader TV '  වීඩියෝවක සඳහන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 
තමන් කඩිනමින් තනතුරෙන් ඉවත් වන බව මෙම නිලධාරියා විසින් දැනටමත් ඇතැම් දේශපාලනඥයන්ට ප්‍රකාශ කර ඇති බවත්, මෙසේ ඉල්ලා අස්වන බව පවසා ඇති නිලධාරියා චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ සිට මෙරට ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන පෙළේ නිලධාරියෙකු බවත් 'ලංකා සී නිව්ස්' පවසයි.  

පොහොර අර්බුදය සහ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් මෙරටට එවීම යන කාරණා මත අමාත්‍ය චමල් රාජපක්ෂ ද ආසන්න දිනක දී මෙම නිලධාරියාට දෝෂාරෝපණය එල්ල කර ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

fgdrtr


මේ සම්බන්ධයෙන් ' Lanka Lead News' හි පළකර ඇති වාර්තාවක සඳහන් වන්නේ, ආර්ථික ඝාතක තීන්දු රැසකට මුල් වූ මෙම නිලධාරියා ඉහළ අධිකරණයෙන් දඬුවම් ලැබ රජයේ කිසිදු තනතුරක් නොදැරීමට සුදුස්සෙකු නොවන බවට තීන්දු කළ අයෙකු බවයි.

එම නීතිඥවරයාට අනුව වසර තිහක් තිස්සේ අදාල නිලධාරියා විසින් ගනු ලැබූ ආර්ථික ඝාතක තීන්දු හේතුවෙන් රට බංකොලොත් තත්වයට වැටී ඇති බවත් එලෙස රටවල් බංකොලොත් කිරීමට දායක වූ නිලධාරීන්ට ඔවුන්ගේ හාම්පුතුන් වන බටහිර රටවල්වල දොරටු ඕනෑම මොහොතක විවර කර ඇති බවත් එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

 

Screenshot 2021 12 05 at 9.12.54 AM

 

පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ කිරීමට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයාගේ කාර්යාල කාමරයට පැමිණි අමාත්‍ය චමල් රාජපක්ෂ, එහි සිටි ජනධිපති ලේකම් පී. බී. ජයසුන්දරට, ජනාධිපතිවරයා සිටියදීම දැඩි ලෙස චෝදනා කර එල්ලකර තිබු බව 'The Leader TV' වීඩියෝවක සඳහන් විය.

එසේම, පී. බී. ජයසුන්දර වෙනුවට හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වන එස්. අමරසේකර පත්කිරීමේ සුදානමක් ගැනද 'ලීඩර් ගොසිප්' වාර්තා කර තිබිණ.

 

 


 

THE  LEADER  TV
 
 

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය 

 

පිස්සුකුට්ටයා පිටුපස ඉන්න පිස්සා මැදමුලනේ !| මොණරවිලගේ ලියමන  

 

 
ස' Tool මාරු කරයි! ගොඩයයිද?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...