The Leader News
BREAKING
Top Ad
Gossip

තවත් ගැසට් එකක්: පොල් ගන්න කඩේ යද්දී 'ටේප් එකක්' අරන් යන්න!!

T

The Leader Desk

September 26, 2020 • 2:33 PM

තවත් ගැසට් එකක්: පොල් ගන්න කඩේ යද්දී 'ටේප් එකක්' අරන් යන්න!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වටප්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.
  • වටප්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් සඳහා ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ රුපියල් 65 කි.
  • වටප්‍රමාණය අගල් 13 ට වැඩි පොල් සඳහා ගෙඩියක් රුපියල් 70 ක් වන පරිදි උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කර ඇත.
  • ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රීයේ ප්‍රකාශයට පත් කර  ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ අනුව වටප්‍රමාණය අගල් 12 කට අඩු පොල් සඳහා ගෙඩියක් රුපියල් 60 ක් වන ලෙස උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කර තිබේ.

වටප්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් සඳහා ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ රුපියල් 65 කි.

වටප්‍රමාණය අගල් 13 ට වැඩි පොල් සඳහා ගෙඩියක් රුපියල් 70 ක් වන පරිදි උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රීයේ ප්‍රකාශයට පත් කර  ඇත. ඒ අනුව මෙම නියමයන් අද සිට බලපැවැත්වෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව කිසිඳු නිෂ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට පොල් අලෙවි කිරීම සිදු නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දී සිටියි.

Tape Coconut Price

ඉකුත් සමයේ මෙරට පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් තිබිණ.

පොල් අස්වැන්න අඩුවීම සහ පොල් ආශ්‍රීත වෙනත් කර්මාන්ත වෙනුවෙන් අපනයන වෙළඳපළක් ඇතිවීම ඊට ප්‍රධාන හේතුව බව රජය පවසයි.

 මෙලෙස පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉතිහාසයේ දෙවන වරටය.

 

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කියන කතා :

මෙසේ පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කර තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ අදහස් සංසරණය වෙමින් තිබේ.

ඒ ගැන ප්‍රවීන මාධ්‍යවේදියකු වන සිසිර යාපා සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

 

Sisira Yapa

''අපේ අම්මා අපි දන්නා කියන කාලයේ සිටම වෘත්තීය සන්නාලියකි. අපේ ජීවිතයේ පළමු වතාවට එයා ඇදුම් මැසීමේ වැඩේදී රෙදි මැනීමට යොදා ගන්නා ටේප් එකත් රැගෙන හෙට ඉරිදා පොළට යමි. අපේ ජීවිතයට වෙනස් වෙනස් දේ එකතු කරනවාට ස්තුතියි නොකියා ඉන්නේ කොහොමද?

sisira Yapa post

ඒ අතර ප්‍රවීන මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන ද සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.

දෙවියනි මේන් මැන බලන් ගහන පොලේ

දෙනකොට හරියට දියන් නූලට මැනලා බලේ

(Subhash Weerathunga Jayawardena)

 

'පොල් බෑ මූණාගේ හෑල්ල'

වැට පැනලා ගත්ත පොල් ගෙඩී
වට මැනලා ගත්ත පොල් ගෙඩී
කෑවත් කිරට රස කරී
සම්බෝලෙත් නැහැ වැඩී

බෑ එක දෙක බෑ දැන් විකුණන්න
මුදලාලියාගේ බැස්සුවා ගිනිගනන්
ගැහුවා ගැසට්‍ටුවක් තරු විසිවෙන්න

අඟල් දොළහක් ඇති අත ඇති තරමට
ගති බඩ පිරෙන්න බඩ ඉරිගු හොද්දට

දෙවියනි මේන් මැන බලන් ගහන පොලේ
දෙනකොට හරියට දියන් නූලට මැනලා බලේ

අපි කෑවොත් හම්බ කරන්
ස කීවොත් නොකා මැරෙන්
ඕනෑ දේකට අපි රෙඩී
තිබුණේ නැතත් රෙදී

Tape Coconut Subash

 

GR- ගැසට් රාජපක්ෂ

ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව (ජී .ආර්) මේවනවිට හඳුන්වන්නේ ගැසට් රාජපක්ෂ (ජී .ආර්) ලෙසිනි. ඒ දිනපතා ගැසට් නිවේදන නිකුත් කරමින් රට පාලනය කිරීමට දරන උත්සාහය නිසාය.

එහි විශේෂත්වය වන්නේ උදේට ගහන ගැසට් නිවේදනය සවස ගහන ගැසට් නිවේදනය මගින් හකුලා ගැනීම මේවනවිට සාමාන්‍ය දෙයක් පත්ව තිබීමයි.

 

සබැඳි පුවත් :

පොල් බෑයක් 50 යි: රාජ්‍ය ඇමති ගස් නගී! - 'බඩු මිල අඩු කරන්න බැරිබව බන්දුල කියයි!!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...