ඔන්න අයෙත් UNP එක ප්‍රතිසන්විධානේ කරගෙන ඒ වටා ආණ්ඩුවට සහය දෙන පක්ෂ - කණ්ඩායම් එකතු කරන යනවා කියල ආරංචියි.
ඒ ආරංචිවල හැටියට සැප්තැම්බර් මැදදී UNP සම්මේලනයක් තියලා පක්ෂයට අලුත් ව්‍යවස්ථාවක් හදන්න යන්නේ. ඒ අලුතින් කෙටුම්පත් කරමින් ඉන්න UNP ව්‍යවස්ථාව තුලින් පක්ෂයේ මහා ලේකම්ට තියන බලතල කපා හැරලා..
ඔය කියන විදියට UNP එකේ මහ ලේකම්ට, සිරිකොතේ එදිනෙදා පරිපාලන කටයුතු විතරකට සිමා කරන්න යනවා ලු.
ඒ විතරක් නෙමෙයි , ඉස්සරහට එන ඕනෑම ජාතික මැතිවරණයකට මුනදෙන්න පුළුවන් විදියට UNP එක ප්‍රති සංවිධානය කරන්න තීන්දුවක් අරන්.
පහුගිය සතියේ ජනාධිපති වික්‍රමසිංහ කැඳවපු UNP නායක මට්ටමේ රැස්වීමක දී තමයි ඒ තීන්දුව අරන් තියන්නේ..
ඔය කියන රැස්වීමට රුවන් විජේවර්ධන, රවී කරුණානායක, අඛිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, පාලිත රංගේ බණ්ඩාර වගේම මනුෂ නානායක්කාර ත් ඇවිත් තියනවා. වෙන වැඩක් නිසා වජිර අබේවර්ධන ඇවිත් නැ ..සාකච්ජා සටහන් ලියන්න ශමල් ඇවිත් තිබුනා.
ආරංචි විදියට පක්ෂේ සියලු ප්‍රතිසංවිධාන කටයුතු පක්ෂයේ නායක මට්ටමේ ඉන්න හත් අට දෙනෙකුට පවරන්න යනවා කියල ආරංචියක් තියනවා.
ඔය කමිටුව PAC කියල ලු නම් කරන්න යන්නේ.. මෙතන PAC කියන්නේ Political Action Committee කියන එක.
ඒ ආරංචිවලට අනුව රුවන් විජේවර්ධන, රවී කරුණානායක, වජිර අබේවර්ධන, අඛිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, පාලිත රංගේ බණ්ඩාර, හරින් ප්‍රනාන්දු , මනුෂ නානායක්කාර ඔය කියන PAC කමිටුවට පත්කරන්න ලු හදන්නේ.
මෙතනදී ඒ කමිටුවට පත්කරන සියලු දෙනාට එකහා සමාන තත්වයක් ලබාදෙන්න ලු යන්නේ..
ඒ කියන්නේ JR පක්ෂයේ ව්‍යවස්ථානුකුල තනතුරුවලට පිටින් ආර් ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි , රොනී ද මෙල් වගේ නායකත්ව මණ්ඩලයක් පත්කරලා ඒ සේරටම එක පොඩියට දුවන්න දුන්න වගේ. දක්ෂය ඉදිරියට ඒවි කියන ස්තාවරෙන්.. මතකනේ එතැනදී දිනුවේ ප්‍රේමදාස. ඒ නිසා ප්‍රේමදාස අගමැතිකලා.
රනිලුත් හදන්නේ ඒ වගේ තරඟයක් හදන්න. වැඩේ කියන්නේ ඔය පත්කරන්න යන කට්ටියගෙන් සමහරු දිවිල්ල කෙසේ වෙතත් දැනටත් නොන්ඩි ගහන උදවිය.
ඉතින් UNP නායකයා මෙදා සැරේ මොකාටද එන්න හදන්නේ කියල UNP එකේ සමහර ලොක්කෝ සැක කරන්නත් පටන් අරන්.
අලියාව ඇහැරවන්න PAC එයි !
T
The Leader Desk
July 11, 2023 • 4:58 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දැන් දැන් එනපොට එච්චර හොඳ මදි කියල බුද්ධි අංශවලින් ලැබෙන වාර්තාත් එක්ක ජනාධිපති පොඩි තිගැස්මකට ලක්වෙලා.
- මෙතන PAC කියන්නේ Political Action Committee කියන එක.
- ඒ කියන්නේ JR පක්ෂයේ ව්‍යවස්ථානුකුල තනතුරුවලට පිටින් ආර් ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි , රොනී ද මෙල් වගේ නායකත්ව මණ්ඩලයක් පත්කරලා ඒ සේරටම එක පොඩියට දුවන්න දුන්න වගේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...




