The Leader News
BREAKING
Top Ad
Gossip

මහේල -සංගා ගේ පත්වීම් ගැන නාමල් හා මහින්දානන්ද අතර අරෝවක්!

T

The Leader Desk

August 28, 2020 • 6:03 AM

මහේල -සංගා ගේ පත්වීම් ගැන නාමල් හා මහින්දානන්ද අතර අරෝවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2011 ලෝක කුසලාන අවසාන මහා ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට පාවා දුන්නා යයි එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ
  • එහෙත් ඊට පිළිතුරු දුන් කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩකයන්ගේ සම්බන්ධයක් නොමැතිව තරගයක් පාවා දීමට නොහැකි බවත් ක්‍රීඩකයන් එසේ පාවාදීම කර ඇත්නම් එය ඔප්පු කරන ලෙසත්ය.
  • ඉන්පසු මේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ ක්‍රීඩා දූෂණයන් පිටුදැකීමේ පොලිස් ඒකකය එවැනි සිදුවීමක් සිදුවී නොමැති බව වාර්තා කරන ලදී.
  • නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රීඩා සංවර්ධන කමිටුවේ සභාපති ධූරයටත් කුමාර සංගක්කාර එහි සාමාජිකයකු ලෙසත් පත්කරනු ලැබිය.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් කරනු ලැබූ චෝදනාවට එරෙහිව ප්‍රබල හඬක් නැගූ එම තරඟයේදී ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් කුමාර් සංගක්කාර හා එම තරඟයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් ලැබූ මහේල ජයවර්ධන යන දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රීඩා සංවර්ධන කමිටුවට පත්කිරීමට නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ගත් තීන්දුව අමාත්‍යවරුන් දෙදෙනා අතර 'සිතල යුද්ධයක්' බවට පත්ව ඇතැයි වාර්තාවේ.

2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට පවා දුන් බවත් ඊට ක්‍රීඩකයන් සම්බන්ධ නොමැති බවට මහින්දානන්ද අලුත්ගමගේ මහමැතිවරණයට පෙර විශේෂ එළිදරව්වක් කරන ලදී.

එහෙත් ඊට පිළිතුරු දුන් කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩකයන්ගේ සම්බන්ධයක් නොමැතිව තරගයක් පාවා දීමට නොහැකි බවත් ක්‍රීඩකයන් එසේ පාවාදීම කර ඇත්නම් එය ඔප්පු කරන ලෙසත්ය.

ඉන්පසු මේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ ක්‍රීඩා දූෂණයන් පිටුදැකීමේ පොලිස් ඒකකය එවැනි සිදුවීමක් සිදුවී නොමැති බව වාර්තා කරන ලදී.

නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රීඩා සංවර්ධන කමිටුවේ සභාපති ධූරයටත් කුමාර සංගක්කාර එහි සාමාජිකයකු ලෙසත් පත්කරනු ලැබිය.

මහනුවර ත්‍රීත්ව විද්‍යාලයේ කීර්තිමත් ආදිසිසුවකු වන කුමාර සංගක්කාර හා මහින්දාන්ද අලුත්ගමගේ අතර පැවති මතගැටුම 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂකයකු වන දිලුම් අමුණුගම විසින් අවුළුවා ලමින් සිදුකල ප්‍රචාරක මෙහෙයුම හමුවේ මහ මැතිවරණ මනාප ප්‍රතිපල අනුව මහින්දානන්ද, දිලුම් අමුණුගමට 'සෙකන්ඩ්' විය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...