The Leader News
BREAKING
Top Ad
Gossip

ජනපතිට 'පාට්' දැමු ඇමතිවරයකුගේ කලදසාව නරක අතට!

T

The Leader Desk

August 14, 2020 • 8:58 AM

ජනපතිට 'පාට්' දැමු ඇමතිවරයකුගේ කලදසාව නරක අතට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය 12 දා මහනුවර මඟුල් මඩුවේදී පැවති ඇමති මණ්ඩලයේ දිවුරුම් දීමේ අවස්ථාවෙන් පසු ජනාධිපතිවරයා සමඟ
  • අනෙක් රාජ්‍ය ඇමතිවරයා තමන් බලාපොරොත්තුව සිටි රාජ්‍ය අමාත්‍ය ධුරය වෙනුවට වෙනත් රාජ්‍ය අමාත්‍යංශයක් බාර ගැනීමට සිදුවීම නිසා බලවත්සේ කනස්සල්ලට පත්ව තමන්ගේ හා ආරක්ෂක නිලධාරීන්ගේ දුරකථන ද විසන්ඳි කර එම ස්ථානයෙන් පිටව ගොස් තිබු බවත් වාර්තා වී තිබේ.
  • විරෝධය පළකරමින් පිටව ගොස් තිබු රාජ්‍ය ඇමතිවරයා, පසුව මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ තමන් මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ධූරය බලාපොරොත්තුව සිටියද එය නොලැබුන බවකි.
  • කෙසේවුවද ඊයේ (13) සිය අමාත්‍යංශයේ වැඩ බාරගත් ඔහු කියා සිටියේ, තමා බලාපොරොත්තු වූ රාජ්‍ය ඇමතිකම නොලැබුනත්, එය ගැටලුවක් කර නොගෙන තමන් ට ලැබුණු වගකීම නිසි ලෙස ඉටු කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සමූහ ඡායාරූපයකට පෙනී නොසිට, විරෝධය පළකරමින් එම අවස්ථාව මගහැර ගොස් සිටි රාජ්‍ය අමාත්‍යවරයකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බලවත් සේ අප්‍රසාදය පලකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

රාජ්‍ය ඇමතිවරුන් සමග සමූහ ඡායාරූපයක් ගැනීමට සුදානම් වෙද්දී දිවුරුම් දුන් තිදෙනෙකු නොමැතිබව දැනගත් ජනාධිපතිවරයා, ඔවුන් සම්බන්ධයෙන් සොයා බලන විට එක් රාජ්‍ය ඇමතිවරයකු නිවසින් පැමිණි හදිසි පණිවිඩයකට එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත්, තවත් රාජ්‍ය ඇමතිවරයකු ඡායාරූපයක් ගන්නා බවක්
සන්නිවේදන නොවී එම ස්ථානයෙන් පිටවගොස් ඇතිබවත් වාර්තා වී ඇත.

අනෙක් රාජ්‍ය ඇමතිවරයා තමන් බලාපොරොත්තුව සිටි රාජ්‍ය අමාත්‍ය ධුරය වෙනුවට වෙනත් රාජ්‍ය අමාත්‍යංශයක් බාර ගැනීමට සිදුවීම නිසා බලවත්සේ කනස්සල්ලට පත්ව තමන්ගේ හා ආරක්ෂක නිලධාරීන්ගේ දුරකථන ද විසන්ඳි කර එම ස්ථානයෙන් පිටව ගොස් තිබු බවත් වාර්තා වී තිබේ.

මෙසේ ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයකට පෙනී නොසිට පිටව ගොස් සිටි එක් රාජ්‍ය අමාත්‍යවරයකු දිගාමඩුල්ල දිස්ත්‍රීක්කය නියෝජනය කරන අතර එක් අයෙක් මහනුවර දිස්ත්‍රීක්කය ද අනෙක් රාජ්‍ය ඇමතිවරයා පුත්තලම දිස්ත්‍රීක්කයද නියෝජනය කරයි.

විරෝධය පළකරමින් පිටව ගොස් තිබු රාජ්‍ය ඇමතිවරයා, පසුව මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ තමන් මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ධූරය බලාපොරොත්තුව සිටියද එය නොලැබුන බවකි.

කෙසේවුවද ඊයේ (13) සිය අමාත්‍යංශයේ වැඩ බාරගත් ඔහු කියා සිටියේ, තමා බලාපොරොත්තු වූ රාජ්‍ය ඇමතිකම නොලැබුනත්, එය ගැටලුවක් කර නොගෙන තමන් ට ලැබුණු වගකීම නිසි ලෙස ඉටු කරන බවයි.

State Ministers 2020රාජ්‍ය ඇමතිවරුන් 39ක් දිරුම් දුන්න ද ඡායාරූපයේ සිටින්නේ 36කි.

 

විජේදාස විරෝධය පළකර පිටව ගිනින් ....

ජනාධිපති කාර්යාලයෙන් ලැබුන ආරාධනයක් මත හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ එදින (අගෝස්තු 12) උදැසන මහනුවර ගොස් ඇතත්, තමාට ලැබී ඇත්තේ කිසිඳු රාජ්‍ය ආයතනයක් නොමැති නාමමාත්‍රීක රාජ්‍ය අමාත්‍ය ධුරයක් බව වාර්තා වීමත් සමග එය බාර ගැනීම ප්‍රතික්ෂේප කර උත්සවයට පවා නොසිට පිටව ගොස් තිබිණ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය ඒ මහතාට පිරිනැමීමට කටයුතු යොදා තිබී ඇත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...