The Leader News
BREAKING
Top Ad
Gossip

සාදුලාගේ 'මන්ත්‍රිවලිය': වේදිනිගම හිමි තමාගේ නම ඉල්ලා අස්කරගෙන ලු! -රතන හිමි අල්ලනවා ලු!!

T

The Leader Desk

August 24, 2020 • 8:38 AM

සාදුලාගේ 'මන්ත්‍රිවලිය': වේදිනිගම හිමි තමාගේ නම ඉල්ලා අස්කරගෙන ලු! -රතන හිමි අල්ලනවා ලු!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සඳහා අත්තනෝමතික ලෙස තමාගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත
  • එම ලිපිය ඉල්ලා අස්කරගෙන මන්ත්‍රී ධූරය සඳහා පුජ්‍ය අතුරලියේ රතන හිමිගේ නම යෝජනා කර ඇති බව එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
  • කෙසේ වෙතත් අපේ ජන බල පක්ෂයේ ලේකම් ධුරයෙන් වේදිනිගම විමලතිස්ස හිමි පසුගිය 7 වනදා උදෑසන 8 සිට බලපැවැත්වෙන පරිදි ඉවත්කර තිබීම හේතුවෙන් කිසිදු පත්කිරීමක් හෝ එම පක්ෂය වෙනුවෙන් පෙනී සිටීමක් නිත්‍යානුකුල නොවන බව පැවසේ.
  • උන්වහන්සේ අපවත් වීමට පෙර විමලතිස්ස හිමියන්ව ගෝල කමෙන් අයින් කර ඇති බව කියති.
අකුරු ප්‍රමාණය (Font Size):

වේදිනිගම විමලතිස්ස හිමි විසින් බාරදී තිබූ ලිපිය දිවුරුම් ප්‍රකාශයක් මගින් පසුගිය 18 වනදා ඉල්ලා අස් කරගෙන ඇති බව colombotoday.com වාර්තා කරයි.

එම ලිපිය ඉල්ලා අස්කරගෙන මන්ත්‍රී ධූරය සඳහා පුජ්‍ය අතුරලියේ රතන හිමිගේ නම යෝජනා කර ඇති බව එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත් අපේ ජන බල පක්ෂයේ ලේකම් ධුරයෙන් වේදිනිගම විමලතිස්ස හිමි පසුගිය 7 වනදා උදෑසන 8 සිට බලපැවැත්වෙන පරිදි ඉවත්කර තිබීම හේතුවෙන් කිසිදු පත්කිරීමක් හෝ එම පක්ෂය වෙනුවෙන් පෙනී සිටීමක් නිත්‍යානුකුල නොවන බව පැවසේ.

ඒ අනුව පක්ෂයේ වර්තමාන ලේකම් නිශාන්ත රත්නායක විසින් පක්ෂයේ අනුමැතියෙන් නම් කෙරු පක්ෂ සභාපති සමන් පෙරේරාට අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය හිමිවීමට ඉඩකඩ ඇති අතර පත්වූ වහාම ඉල්ලා අස්වී තමාගේ අසුන පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබා දෙන බව ඒ මහතා පසුගියදා මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේය.

 

කවුද මේ වේදිනිගම හිමියෝ ?

වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ ගුරු හාමුදුරුවෝ වන්නේ අස්ගිරි මැද මහා විහාරවාසී ව වැඩ හිටි නුගේගොඩ වජිරතිස්ස හාමුදුරුවන්ය. උන්වහන්සේ අපවත් වීමට පෙර විමලතිස්ස හිමියන්ව ගෝල කමෙන් අයින් කර ඇති බව කියති.

 ඉන්පසු සියලූ අයිතීන් හිමි වන්නේ රාහුල නමැති භික්ෂුන් වහසේ නමට බව සඳහන්ය. එය එසේ වුවත් නායක හිමියන්ගේ අපවත්වීමෙන් පසුව අස්ගිරි මැද මහා විහාරස්ථානයට පැමිණි වේදිනිගම විමලතිස්ස හිමියන්ට එම විහාරස්ථානය පසුගිය මාසයේ අහිමි වන්නේ නඩු කටයුත්තක ප්‍රතිඵලයක් ලෙසය.

අස්ගිරිය මැද මහා විහාරස්ථානය තුළ පුරාවිද්‍යා ස්ථානවලට සංහාරය කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව මහනුවර අධිකරණයේ ඊ8618/20 යටතේ නඩුවක් විභාග වේ. තවත් මූල්‍ය වංචා පිළිබඳව නඩු රැසක් ද විභාග වෙමින් පවතින මහනුවර පොලිසිය සඳහන් කරයි.

 

කට්ටිපනිමින් සිටින රතන හිමි අද හෙටම අත් අඩංගුවට !

rathana 1අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගියේ අතුරලියේ රතන හිමියන් විසින් බව දැනටමත් පොලිසියට ලැබී තිබෙන පැමිණිල්ලට අනුව පොලිසියට කට උත්තරයක් දීම මග හරිමින් සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තවදුරටත් පොලිසිය මග හරින්නට කටයුතු කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව උසස් පොලිස් නිළධාරියෙකු සඳහන් කළේය.

උන්වහන්සේ ට එරෙහිව ඇති පුද්ගල පැහැරගැනීමේ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම දිගින් දිගටම අතුරලියේ රතන හිමියෝ මග හරිමින් සිටින අතර පුද්ගල පැහැරගැනීම යන චෝදනාව අපරාධ වරදක් යටතේ වන චෝදනාවක් බව නීතිඥවරු පවසති.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...