ඒ හීනෙ හැබෑ වෙන්න බොහෝ කාලයක් ගියා. ඇත්තටම ඒ හීනෙ හැබෑ වෙන දවස් වෙනකොට සඟරා කියන සංස්කෘතියත් මිය ගිහින්.
එහෙම තමයි බොහෝ දෙනෙක් හිතන්නෙ. ඒත් මං හිතන්නෙ අපි මිය ගිහින් කියලා හිතන බොහෝ දේවල් ‘පොදු’ ‘mass’ බවෙන් ගැලවිලා luxury කියන පුනරුත්පත්තිය ලබනවා. අතීතය මියගිහින් අතිරික්තයක් විදිහට යළි උපත ලබනවා. සඟරා මිය ගියා නෙමෙයි. සඟරා කියන්නෙ අද වෙද්දි luxury කියවීමක්. මුද්‍රණය කියන්නෙ සුඛෝපභෝගීත්වයක්. ඒවා තවදුරටත් කඩපිල්වල එල්ලි එල්ලි ඉන්නෙ නෑ. ඒ වෙනුවට සීත කුටියක කෝපි සුවඳ අතර අනුහස පතුරමින් ඉන්නවා.
ශෘංගාර කියන්නෙ අතිරික්තයක්. ඒක හැමෝම කියවිය යුතු සඟරාවක් නෙමෙයි. තෝරාගත් පිරිසක් පමණක් ලැබිය යුතු අත්දැකීමක්.
හෙට මගේ ශෘංගාර සිහිනය සැබෑ වෙනවා. මම උත්කෘෂ්ට සුරතාන්තයක් ලබනවා. ජීවිතේ වේගය නතර කරන, වයින් වීදුරුවක් තොල ගාන තරමට සෙමෙන් විඳින, අනුරාගයේ අනුහසින් බන්දන ඒ පිටුමතින් ඇවිද යන්නට ඉසියුම් රස දන්නා ඔබට ඇරයුම් කරනවා.
ශෘංගාර කියන්නෙ අසනිය කුසුමක්.
අසනිය කියන්නෙ අර්චනීය කියන එක. අර්චන කියන්නෙ ෆෙටිෂ් කියන එක
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




