BREAKING
බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●
Top Ad
ශෘංගාර

ශෘංගාරය සළු උනා දමයි...

T

The Leader Desk

June 11, 2026 • 1:34 PM

ශෘංගාරය සළු උනා දමයි...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජූනි 09 වෙනි අගහරුවාදා හවස ලංකාවෙ පළමු ඉරොතික සඟරාව වන ශෘංගාර එළිදැක්වීම සිදු වුනා.
  • ස්වර්ණා මල්ලවාරච්චි, අශෝක හඳගම, සැන්ඩ්‍රා මැක්, සුමින්ද ගමගේ ඇතුලු තවත් බොහෝ කලාවට සම්බන්ධ පිරිස් එතනට එකතු වුනා.
  • ඒ එළිදැක්වීම සුවිශේෂ ආකාරයේ එකක් බව කිව යුතුයි.
  • ඒ වගේම ශෘංගාර කතන්දර සහ විශේෂ ඡායාරූප එකතුවක් මෙහි අන්තර්ගතයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එය පැවැත්වුන‍ේ බොරැල්ලේ  CoCA Art Space කියන සාමූහික කලා පරිශ්‍රයේදීයි.

ස්වර්ණා මල්ලවාරච්චි, අශෝක හඳගම, සැන්ඩ්‍රා මැක්, සුමින්ද ගමගේ ඇතුලු තවත් බොහෝ කලාවට සම්බන්ධ පිරිස් එතනට එකතු වුනා.

ඒ එළිදැක්වීම සුවිශේෂ ආකාරයේ එකක් බව කිව යුතුයි. එහි දිගු දේශන තිබුනෙ නෑ. පාරාදීසය පුවත්පත‍ේ මීට දශක ගණනාවකට පෙර ශෘංගාර කලාපය රචනා කළ සුමින්ද ගමගේ ශෘංගාරය පිළිබඳ තමන්ගේ ඉතා කෙටි අදහස් දැක්වීමක් පමණක් සිදුකළා.  

මින් පෙර පොත් එලිදැක්වීමක නොදුටු ආකාරයෙන් Pole Dancing නර්තනයක් සියල්ලන්ගේ රසාස්වාදනය වෙනුවෙන් ඉදිරිපත් වුනා. එම නර්තනය ඉදිරිපත් කලේ Lora විසිනුයි. අනතුරුව සියල්ලන් මිතුරු සංවාදවල යෙදෙමින් කමින් බොමින් සොඳුරු සවස් කාලය ගත කළා.

ශෘංගාර සඟරාව ලංකාවේ ශෘංගාරය අරඹයා ‍ලිවීම් කරන බොහෝ පිරිසකගේ එකතුවක්. කැකිරාවේ සුදස්සන හිමි, අනීශා ජයකොඩි, රන්දුලා ද සිල්වා,  මහේෂී වීරකෝන්, ශේන්‍යා ෆර්ඩිනැන්ඩස්, ප්‍රවීන් මලවැන්නගමගේ ආදී ලේඛක පිරිසකගේ රචනා මේ සඟරාවට එකතු වෙනවා.

ඒ වගේම ශෘංගාර කතන්දර සහ විශේෂ ඡායාරූප එකතුවක් මෙහි අන්තර්ගතයි. ශෘංගාර පිටුසැකසුම සිදු කරන්නේ චන්දන ප්‍රසන්න වන අතර එහි ඡායාරූප මීෂා ගුණවර්ධනගෙනි. ශෘංගාර සංස්කරණය වන්නේ ෆැකල්ටි ඔෆ් සෙක්ස් නිර්මාතෘ චින්තන ධර්මදාස අතිනුයි.

විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයක් වන්නේ මේ සඟරාවේ අද්විතීය මුද්‍රණ තත්වයයි. එහි පාර්ශ්වකරුවා වන්නේ නියෝ ග්‍රැෆික්ස් ආයතනයයි. එහි පිටු ස්පර්ශ කරන කෙනෙකුට මේ වෙනස නිතැතින්ම හඳුනාගත හැකි වෙනවා.

ශෘංගාර නැමැති අමුතු ව්‍යාපෘතිය දියත් වන්නේ මංගල සමරවීරයන් විසින් ආරම්භ කරන ලද රැඩිකල් සෙන්ටර් සාමූහිකය වෙතිනුයි. ලංකාවෙ සියලු දේශපාලන අර්බුදවලට යටින් දිවෙන ශෘංගාර අර්බුදයට මැදිහත් වීම මේ ව්‍යාපෘතියේ අරමුණ වෙනවා.

සෑම මාස තුනකටම වරක් නිකුත් වන ශෘංගාර ලංකාවේ දේශපාලන සහ සංස්කෘතික කලාපයේ ඇවිලෙනසුලු අත්දැකීමක් වනු ඇති.

Chinthana D
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

 srungara 2026.07.11

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...