BREAKING
බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●
Top Ad
ශෘංගාර

How I Wonder What You Are අන්තර්ජාලයට ලීක් වෙයි

T

The Leader Desk

July 4, 2026 • 4:30 PM

How I Wonder What You Are අන්තර්ජාලයට ලීක් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවෙ ස්වාධීන සිනමාවෙ රැඩිකල් පියවරක් ලෙස සැලකිය හැකි how i wonder what you are චිත්‍රපටිය එහි සම අධ්‍යක්ෂවරයෙකු වන
  • උදය ධර්මවර්ධන සහ චින්තන ධර්මදාස යන දෙදෙනා විසින් 2010 වසරේදී නිර්මාණය කළ මේ චිත්‍රපටය මෙසේ මුදහැරීම සම්බන්ධයෙන් නිර්මාණකරුවන් දෙදෙනා අතර පවතින්නේද මතභේදාත්මක තත්වයක්.
  • How I Wonder චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ 2010දි.
  • ඒ කියන්නෙ මීට අවුරුදු 16‍ට කලින්.
අකුරු ප්‍රමාණය (Font Size):

චින්තන ධර්මදාස විසින් තමන්ගේ faculty of sex වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට මුද හැර තිබෙනවා.

උදය ධර්මවර්ධන සහ චින්තන ධර්මදාස යන දෙදෙනා විසින් 2010 වසරේදී නිර්මාණය කළ මේ චිත්‍රපටය මෙසේ මුදහැරීම සම්බන්ධයෙන් නිර්මාණකරුවන් දෙදෙනා අතර පවතින්නේද මතභේදාත්මක තත්වයක්.

මෙය අනවසරයෙන් youtube නාලිකාවකට හදිස්සියෙම අප්ලෝඩ් කර තිබුනු අතර චින්තන ධර්මදාස විසින් එයට ස්තුතිය පල කරද්දී උදය ධර්මවර්ධන විසින් එයට එරෙහිව පැමිනිලි කර තිබුනි.

චින්තන ධර්මදාස විසින් මේ චිත්‍රපටය තමන්ගේ වෙබ් අඩ්වියෙන් මුදාහරින්නේ ඉන් අනතුරුවයි.

ඒ සමග ඔහු මෙවන් ෆේස්බුක් සටහනක් තබා තිබුනා.

How I Wonder චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ 2010දි. ඒ කියන්නෙ මීට අවුරුදු 16‍ට කලින්. ඒ චිත්‍රපටිය කලේ පොදු අරමුණක් ඇතුවයි. ඒ අරමුණ වුනේ සම්මත සිනමා ව්‍යාකරණය, ප්‍රදර්ශනය ආදී සියලු අංශ ප්‍රශ්න කරමින් විකල්ප සිනමාවක් නිර්මාණය කිරීමයි. මේ චිත්‍රපටියට සමාන්තරව ඒ වෙනුවෙන් පොතක් ලියවුනා. ‘සිනමාව ඔබම වීම’ තමයි ඒ පොතේ නම. ඒකෙ තියෙනවා මාත් උදයාත් සමග කළ සංවාදයක්.

චිත්‍රපටිය පෙන්නන්නෙ කොහොමද?

අපේ චිත්‍රපටිය ලංකාවෙ පොදු මහත් ප්‍රේක්ෂකයා වෙනුවෙන් හදපු එකක් නෙමෙයි. ඒක බලන්න සහ විඳින්න යම් කිසි ශික්ෂණයක් අවශ්‍යයි. නාගරික මානසිකත්වයක් අවශ්‍යයි. ඒක හින්දම අපේ චිත්‍රපටිය negative වලට පුච්චලා හෝල්වලට දාන එකේ තේරුමක් නෑ. සහ ඒකෙන් අපිට අවශ්‍ය කරන dialog එක හැදෙන්නෙ නෑ. ඒ වෙනුවට අපි තෝර ගත්තා ඉතා කුඩා කණ්ඩායම්වලට ප්‍රදර්ශන සංවිධානය කරන්න. එතකොට චිත්‍රපටියත් එක්ක ප්‍රේක්ෂකයාගේ සම්බන්ධය ළගයි. අනික ප්‍රේක්ෂකයයි අපියි අතර සම්බන්ධයත් ගොඩක් ළගයි. ඒ විදිහට අපි උත්සාහ කරනවා අලුත් ප්‍රේක්ෂක පරම්පරාවක් එක්කවඩාත් හෘදයාංගම සංවාදයකට යන්න. මේක අපි විතරක් කරපු පුද්ගලික ව්‍යාපෘතියක් නෙමෙයි. මේක අපි වගේ අලුතෙන් චිත්‍රපටි හදන්න ඉන්න ගොඩක් උන් වෙනුවෙන් කරපු වැඩක්. මේ ව්‍යාපෘති‍යෙ සාර්ථක හෝ අසාර්ථක වීම බලපාන්නෙ අපිට විතරක් නෙමෙයි. අපි විතරක් නම් කීප දෙනෙක්නෙ. මොකක් වුනත් මොකද? ඒත් මේක විකල්පයක් විශ්වාස කරන අලුත් ප්‍රකාශනයක් සමාජගත කරන්න උත්සාහ කරන හැම කෙනෙකුටම බලපාන යතාර්ථයක්. ඒක හින්ද අපි වැඩ කරන්නෙ පොදු සිහිනයක් වෙනුවෙන් කියලයි අපි හැමතිස්සෙම හිතන්නෙ.

(උපුටාගැනීම අවසන්)

ඉතින් මේ චිත්‍රපටය ලංකාවෙ සිනමාව ගැන උනන්දුවක් දක්වන හැමෝටම අද ඉඳන් Faculty of S# වෙබ් අඩවියෙන් නරඹන්නට හැකිය. මේ චිත්‍රපටිය මගින් තවත් බොහෝ දෙනෙකුට චිත්‍රපට නිර්මාණය කිරීමේ උනන්දුව සහ ආශාව උද්දීපනය වේවාය යන්න මෙහි ඒකායන අරමුණය. මෙමගින් අපේක්ෂා කරන වෙනත් කිසිදු ආකාරයක වාණිජමය ලාභයක් හෝ ප්‍රයෝජනයක් හෝ නොමැත්තේමය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...