The Leader News
BREAKING
Top Ad
ශෘංගාර

සන්නාගේ ආදරේ සැණකෙලිය අදයි (14) ඒකෙ නම 'නිර්වාණ' ආදරයේ පරිපූර්ණත්වය... | Chinthana Dharmadasa

T

The Leader Desk

February 14, 2026 • 10:38 AM

සන්නාගේ ආදරේ සැණකෙලිය අදයි (14) ඒකෙ නම 'නිර්වාණ' ආදරයේ පරිපූර්ණත්වය... | Chinthana Dharmadasa

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද වැලන්ටයින් දවස. ආදරය සමරන දවස. ආදරෙන් මත්වෙන, තෙත්වෙන දවස. ගොඩක් අය යතාර්ථවාදීව හිතලා මේ දවස උපහාසෙන් බැහැර කරනවා. නිර්මාණාත්මක අය ෆැන්ටසි මවලා මේ දවසෙ ආදර උත්සව පවත්වනවා. ආදරය කියන්නෙම හරි පුදුම දෙයක්.
  • ‘ඇත්තටම ඕකා යස්සයෙක්ද දන්නෙත් නෑ’ සයිකිගෙ හිතට සැකය ඇතුල් කරනවා.
  • සයිකි දවසක් රෑ ඉරොස් නිදි අතරෙදි පහනක් දල්වලා ඔහු දිහා බලනවා.
  • ඒ අතිසොදුරු තරුණයා දැකලා සයිකි කලබල වෙන පාර පහන පෙරලිලා ඇතිරිල්ල ගිනි ගන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉරොස් කියන්නෙ ග්‍රීක මිත්‍යා කතාවල ආශාවට, ආදරයට, ශෘංගාරයට අධිපති දෙවියා. ඇෆ්‍රොඩයිට්ගෙ සහ ඒරස්ගෙ පුත්‍රයා. ඇෆ්‍රොඩයිට් කියන්නෙ සුන්දරත්වයේ සහ තෘප්තියේ දෙවඟන. සයිකි කියන්නෙ ආත්මය. ග්‍රීක මිත්‍යාකතාවලට අනුව අතිසුන්දර කුමාරිකාවක්. මේ සුන්දරත්වයට ඇෆ්‍රොඩයිට් පවා ඉරිසියා කරනවා. ආදරේ කතාව තියෙන්නෙ මෙන්න මේ කී‍පදෙනා අතර.

eros
මේ කතාව රෝමනු ලේඛක ඇපියුලියස් ලියා තියෙනවා. හැබැයි ඊට වඩා බොහෝ පැරණි ඉතිහාසයක් මේ කතාවට තියෙනවා.

මිනිස්සු සුන්දරත්වය නිසා සයිකිට වැඳුම් පිදුම් කරන්න ගන්නවා. මේක ඇෆ්‍රොඩයිට්ගෙ ඉරිසියාවයි තරහයි අවුස්සනවා. එයා සයිකිට හොඳට දඩුවමක් දෙන්න තීරණය කරනවා.

පුතා ඉරොස්ට කතා කරනවා. එයා තමයි අනංගයා කියන්නෙත්. සයිකිව ලෝකෙ ඉන්න කැතම එකා එක්ක ආදරෙන් බැ‍දෙන්න පොළඹවන්න කියලා ඉරොස්ට කියනවා. හැබැයි සයිකිව දැකපු ගමන් ඉරොස් ඒ සුන්දරත්වයෙන් වසඟ වෙලා එයාගෙ ඊතලෙන් එයාවම තුවාල කරගන්නවා. සයිකි (ආත්මය) සහ ඉරොස් (ශෘංගාරය) දැඩි ප්‍රේමයෙන් බැදෙනවා.

ඇෆ්‍රොඩයිට්ගෙ සාපය ගැන සයිකිට කලින් අනවැකිකරුවන් කියලයි තිබුනෙ. ඒ හින්ද එයාව කඳුවැටියක තනිකරලා දාලා තිබුනා. හැමදාම රාත්‍රියට ඉරොස් සයිකිව බලන්න මේ කඳුවැටියෙ ඇගේ කුටියට එනවා.

‘කිසිම දවසක ඔයා මා දිහා බලන්න එපා’

 

the abduction of psyche william adolphe bouguereau 1895

ඉරොස් සයිකිගෙන් කරලා තිබුනු එකම ඉල්ලීම ඒක. තමන්ව දකින්න උත්සාහ කරන්න එපා කියන එක.

ඉරොස් කියන්නෙ ශෘංගාරයට අධිපති. ඒ තරම් හැගීම් උපදන්න, දනවන්න, නළවන්න පුළුවන් කෙනෙක් තවත් නෑ. ඉරොස් ළගදි සයිකි හිටියෙ දිව්‍යලෝකයක.
ඉරොස් දෙවි කෙනෙක්. සයිකි මනුස්සයෙක්. ‘ආදරය සැක කරන්න බෑ’ ඒක තමයි ඉරොස්ගෙ පනිවිඩය වුනේ.

හැබැයි සයිකගෙ සහෝදරිය මේ වැඩේ අල කරනවා. ‘ඇත්තටම ඕකා යස්සයෙක්ද දන්නෙත් නෑ’ සයිකිගෙ හිතට සැකය ඇතුල් කරනවා.

සයිකි දවසක් රෑ ඉරොස් නිදි අතරෙදි පහනක් දල්වලා ඔහු දිහා බලනවා. ඒ අතිසොදුරු තරුණයා දැකලා සයිකි කලබල වෙන පාර පහන පෙරලිලා ඇතිරිල්ල ගිනි ගන්නවා. ඉරොස් අවදි වෙනවා. පලා යනවා. විශ්වාසය බිඳී යනවා.

සයිකි ලෝකෙ පුරාම ඉරොස්ව හොයනවා. අන්තිමට ඇෆ්‍රොඩයි‍ට්ගෙ දෙපා ළග වැඳ වැටෙනවා. නපුරු ඇෆ්‍රොඩයිට් කරන්නම බැරි කාරණා හතරක් සයිකිට පවරනවා. ඒ හතර සම්පූර්ණ කලොත් නැවත ඉරොස්ව ලබාදෙන්න එකග වෙනවා.

Aphrodite having a passionate affair with Ares e1726349497975

එක රෑකින් මහා ධාන්‍යාගාරයක ධාන්‍ය වෙන් කරන්න, අති දරුණු බැ‍ටළුවන්ගෙන් වූල් එකතු කරන්න, ළංවෙන්න බැරි අවදානම් දිය ඇල්ලකින් වතුර එකතු කරන්න වගේම පාතාලයේ රැජිනගෙන් සුන්දරත්වයේ පෙට්ටියක් හොරකම් කරන්න ඇයට පැවරෙනවා. මේ සුන්දරත්වයේ පෙට්ටිය ඇරලා බලන්න තහනම් බවත් කියනවා.

අර සියල්ලම සයිකි තම පෙම්වතා වෙනුවෙන් ඉෂ්ට කරනවා. සුන්දරත්වයේ පෙට්ටිය රැගෙන එන අතරෙ ඒක ඇරලා බලන්නෙ නැතුව ඉන්න සයිකිට බැරි වෙනවා. ඒ පෙට්ටියේ සුන්දරත්වය තමන්ට ලැබුනොත් ඉරොස් නැවත දිනාගන්න තමන්ට පුළුවන් වෙයි කියල සයිකි හිතනවා.

ඒත් අවාසනාවට ඒ පෙට්ටිය ඇරපු ගමන් ඇය මරණයේ නින්දට වැ‍ටෙනවා.

 

633091442 10164236994895185 223330406225975837 n

ඉරොස් තමන්ගේ හිතේ පෑරීම සමනය වුනාට පස්සෙ සයිකිව හොයාගෙන එනවා. ඇයව මරණයේ නින්දෙන් ඇහැරවන්න ඔහුට පුළුවන් වෙනවා. ඔවුන්ගේ ආදරයට සියුස්ගේ අවසරය පතා සිටිනවා.

සියුස් සයිකිට අමරනීයත්වය ලබා දෙනවා. ඉරොස් සහ සයිකි විවාහ වෙනවා. ඒ දෙන්නාට උපදින දුව තමයි ‘ප්ලෙෂර්’ නැත්තං සතුට කියන්නෙ.

මේ තමයි ආදරයේ පරිණත බව දක්වා ආත්මය යන ගමන. සැකය විසින් ආශීර්වාදය විනාශයක් බවට පත් කරනවා. ආශාව පවතින්නේ දැනුමෙන් තේරුම් ගැනීමට නෙමෙයි. දෑස් වසාගෙන විඳීමටයි.  
 lover

වෙන්වීම විසින් ආදරයේ ගැඹුරට ඇදෙන වන්දනා ගමනක් විවර කරනවා. ආදරය කියන්නෙම මරණය දක්වා යන අවදානම්කාරී ගමනක්. පවතින තමන්ගේ මරණයෙන් පසු ආදරය තුල අමරණීය කෙනෙක් උපදිනවා.

අද හවස සුගතදාස එකේ සන්නාගේ ආදරේ සැණකෙලිය තියෙනවා. ඒකෙ නම නිර්වාණ. ආදරයේ පරිපූර්ණත්වය.


Chinthana D
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

631501706 10240464324215049 4676825148731760499 n

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...