The Leader News
BREAKING
Top Ad
ශෘංගාර

හරිනි රනිල් සහ මංගල | චින්තන ධර්මදාස

T

The Leader Desk

January 3, 2026 • 11:59 AM

 හරිනි  රනිල් සහ මංගල | චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමරිසි බව ගැන ලංකාවෙ ප්‍රසිද්ධ දේශපාලනයේදී විවිධ ආකාරයෙන් අපහාස අපවාද එල්ලවුනු තුන්දෙනා තමයි හරිනි රනිල් සහ මංගල.
  • ආඩම්බරෙන් තමන්ගේ ලිංගික නැමියාව ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කළා.
  • හරිනිට සමරිසිබව ගැන අපහාස කරනවා යැයි කියමින් ඇයව බේරාගන්න පිරිසක් ඉදිරිපත් වෙලා තියෙනවා.
  • හරිනි ඒක අපහාසයක් විදිහට බාරගන්නවද නැද්ද කියල තාම ප්‍රකාශයක් කර ඇති බවක් දැක්කෙ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

මංගල එතනදි විවෘතව තමන්ගේ සමරිසි බව බාරගත්තා. ආඩම්බරෙන් තමන්ගේ ලිංගික නැමියාව ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කළා. ලංකාවෙ ලිංගික නිදහස ගැන අරගලයේදි මංගල කියන්නෙ දැවැන්තයෙක් වෙන්නෙ ඒ හින්දයි.

රනිල් තමන්ට එන මේ වර්ගයේ අපහාස ගානකට ගත්තෙ නෑ. ඊට ප්‍රතිචාර දක්වන්න ගියේ නෑ. ලිංගික නිදහස කියන කලාපය රනිල් උනන්දු දේශපාලන කලාපයක් නෙමෙයි. කවුරුවත් රනිල් වෙනුවෙන් ඉදිරිපත් වුනෙත් නෑ. රනිල්ට අපහාස කරනවා, රනිල්ව වෙනුවෙන් සිටගනිමු වගේ කැම්පේන් කලෙත් නෑ. එහෙම කළා නම් රනිල්ට හිනා යන්නත් ඉඩ තිබුන.

හරිනිට සමරිසිබව ගැන අපහාස කරනවා යැයි කියමින් ඇයව බේරාගන්න පිරිසක් ඉදිරිපත් වෙලා තියෙනවා. හරිනි ඒක අපහාසයක් විදිහට බාරගන්නවද නැද්ද කියල තාම ප්‍රකාශයක් කර ඇති බවක් දැක්කෙ නෑ.

 

350687318 1210294846281455 2591905936839537026 n

 කොහොම වුනත් සමරිසි බව කියන්නෙ අපහාසයක් නෙමෙයි. ඒක අගමැති කෙනෙක් වීමට නුසුදුසුකමක් නෙමෙයි. මට කවුරුන් හෝ සමරිසි යැයි කිව්වොත් මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එකම දේ සමරිසි නොවෙන කෙනෙකුට නම් එහෙම සමරිසි යැයි කීම සමරිසි අයට අපහාසයක් වෙන්න පුළුවන්. උදා පිරිමියෙකුට ගෑණියෙක් වගේ යැයි කීම ඒ පිරිමියාට අපහාසයක් නෙමෙයි. ඒක ගැණුන්ට කරන අපහාසයක්.

 
සමරිසි කෙනෙකුට නම් සමරිසි යැයි කීම අපහාසයක් වෙන්න විදිහක් නෑ. විශේෂයෙන් රටේ දේශපාලකයන්ට, නායකයන්ට තමන්ගේ ලිංගික නැමියාව බාරගැනීමට තරම් පරිණත බවක් තියෙන්න ඕන. ඒක විවෘතව ප්‍රකාශ කරනවද නැද්ද කියන එක ඒ පුද්ගලයාගේ තෝරාගැනීමක්.

සමරිසි යැයි පැවසීම අපහාසයක් නෙමෙයි. එය යම් ආකාරයකින් ද්වේශ සහගත ලෙස, සමරසිබව පහත් යමක් යැයි සැලකෙන ලෙස යම් යම් ප්‍රකාශ සිද්ද වෙනවා නම් ඒකයි අපහාසය වෙන්නෙ. හරිනිට නෙමෙයි, ප්‍රජාවකට.



Chinthana D(සටහන | චින්තන ධර්මදාස)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...