The Leader News
BREAKING
Top Ad
ශෘංගාර

ඇවිලෙනසුලු තාබු | චින්තන ධර්මදාස

T

The Leader Desk

January 22, 2026 • 6:10 PM

ඇවිලෙනසුලු තාබු | චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තාබු කියන්නෙ වයසට යන්න යන්න තව තවත් අනුරාගය උතුරා හැලෙන නිළියක්. වයසත් එක්ක එයාගෙ ආනුභාවය, වසගය
  • මේ හින්දම තාබුගෙ විවිධ ප්‍රකාශවලින් වරින්වර මාධ්‍ය ගිනියම් වෙනවා.
  • ගොඩක් වෙලාවට ඒ ප්‍රකාශ මාධ්‍ය විසින් මවන ලද ඒවා.
  • නමුත් තාබු මේ ප්‍රකාශය අසත්‍ය සහ නොමග යවනසුලුයි කියල නිල වශයෙන් ප්‍රකාශ කරලා තිබුන.
අකුරු ප්‍රමාණය (Font Size):

තවත් වැඩි වෙනවා. කාන්තාවක් හැටියට තාබුගෙ දකින්න ලැබෙන ස්වාධීනත්වය, නිදහස මේ සරාගීබව තවත් වැඩි කරන කාරණයක්.

fgsdgsg
මේ හින්දම තාබුගෙ විවිධ ප්‍රකාශවලින් වරින්වර මාධ්‍ය ගිනියම් වෙනවා. ගොඩක් වෙලාවට ඒ ප්‍රකාශ මාධ්‍ය විසින් මවන ලද ඒවා. නමුත් තාබුගේ පෞර්ෂයත් එක්ක ඒ බොරු කතාවල වුනත් සම්බන්ධයක් දැනෙනවා.

‘මට පිරිමියෙක් ඕන වෙන්නෙ ලිංගිකව සතුටු වෙන්න විතරයි. එතනින් එහාට තනියම ඉන්න එක ගැන මං උපරිමෙන් තෘප්තිමත්’

තාබු මෙහෙම කතාවක් කිව්වා කියලා මෑතකදි ගොසිප් සයිට්වල පත්තු වෙලා ගියා. නමුත් තාබු මේ ප්‍රකාශය අසත්‍ය සහ නොමග යවනසුලුයි කියල නිල වශයෙන් ප්‍රකාශ කරලා තිබුන.

cxvsdgsd

තාබු ගැන මේ කතාවලට මූලික හේතුව වෙන්නෙ අවුරුදු 52ක් වෙලත් එයා තාමත් අවිවාහක වීම.

‘ගෑනියෙක් තනියම ජීවත් වෙන එක මේ තරම් ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ. මම නම් කවදාවත් කෙනෙක්ව විවාහකද නැද්ද කියන එක උඩ විනිශ්චය කරන්නෙ නෑ’ තාබු කියලා තිබුන.

තාබුට තියෙන්නෙ අතිශය අප්‍රකට පෞද්ගලික ජීවිතයක්. එයා කිසි දවසක ඒ පුද්ගලික දේවල් මාධ්‍ය ඉස්සරහට අරගෙන ආවෙ නෑ. ඒ වගේම තාබුගෙ ප්‍රේම සම්බන්ධතා කියලා දැනගන්න තියෙන දේවල් වුනත් කෙටි, සරල, ලිංගික සබඳතා නෙමෙයි. ඒවා කාලයක් පැවතුනු, යම් හැගීම්මය බැඳීමක් පැවති සම්බන්ධතා.

එයාගෙ තියෙන වැදගත්ම දෙයක් තමයි නිහඩතාවය. තාබු බොහෝ දේ ගැන නිහඩයි. ඒ නිහඩබවම ප්‍රකාශනයක් වෙන අවස්ථා බොහොමයි.

එයාගෙ චරිතය පැවැත්මෙන්ම ආන්දෝලනාත්මකයි.

කාන්තාවක් විදිහට ආයතනගත නොවී පවතින ප්‍රේමයන් විශ්වාස කිරීම. ප්‍රදර්ශනාත්මක නොවන ආදරයක පැවතීම. තමන්ගේ ආශාව පිළිබද කිසිදු පැහැදිලි කිරීමක් සමාජයට නොකිරීම. මේ කාරණා හින්දම තාබු කියන්නෙ කැරැල්ලක්.

සිනමාව ඇතුලෙ වුනත් තාබුගේ රූපයේ පරිණාමය අධ්‍යනය කරන්න වටිනවා. අවුරුදු 40ට පෙර තාබු, ඒ කියන්නෙ අවුරුදු විසිතිස් ගණන්වලදි වුනත්, එයා නිරූපණය කරපු චරිතවල තිබුනා ලස්සනට අමතරව ගැඹුරක්. තරමක සංකීර්ණත්වයක්. එයා මාසාලා වීරවරියක් වුනේ නෑ කවදාවත්.

අවුරුදු 40න් පස්සෙ තාබු ඉන්දියානු සිනමාවෙ රැඩිකල් පෙරලියක් කරනවා. එයා අපූර්ව ගැහැණියක් සිනමාවට අරගෙන එනවා. විවෘතව ආශා කරන, තමන්ගේ ලිංගිකත්වය ගැන විශ්වාසයෙන් යුතු, එය වරදක් ලෙස  බාරනොගන්නා, පිරිමින් ඉදිරියේ දියාරු නොවන, සමාජයට තමන්ව පැහැදිලි කිරීමට උත්සුක නොවන, අන්ඇපොලොජටික් ගැහැණියක් එයා සිනමාවෙ නිරූපණය කරන්න ගන්නවා.

cxgdfvfg
අන්ධාදූන්, හයිඩර්, ද්රිශ්‍යම් වගේ චිත්‍රපටිවල මේ ගැහැණිය දැකගන්න පුළුවන්. ඒ චරිත හරහා ඇය ආශාවේ වස්තුව බවට පත්වෙනවා වෙනුවට ඇයම ආශාව බවට පත්වෙනවා.

මේ වෙනසත් එක්ක අවුරුදු හතලිහෙන් පස්සෙ තාබු වයසත් එක්ක මැකී යනවා වෙනුවට වඩාත් කේන්ද්‍රීය චරිතයක් බවට පත්වුනා. එයා වයස අඩු තරුණියක් වෙන්න දගලනවා වෙනුවට වයසත් එක්ක ස්වාධිපත්‍යයක් නිර්මාණය කරගත්තා. ඒ පෞර්ෂය බලවත්. ඒක පොළඹවන, අවුස්සනසුලුයි. ඉරොතිකයි. ඒත් සරල වාණිජ ස්වරූපයෙන් නෙමෙයි.

වයස එක්ක ගැහැණියක් මත පවරන අම්මෙක්, බිරිඳක් කියන ආකෘතීන් තාබු අභියෝග කරනවා. එයා වයසත් එක්ක ආශාව පවත්වාගෙන යනවා. බිරිඳක්, මවක් විදිහට සමාජය වෙනුවෙන් පවතින ගැහැණිය වෙනුවට තාබු තමන් වෙනුවෙන් ජීවත්වෙන නිදහස් ගැහැණියකගේ ආකෘතිය ගන්නවා.

තාබු කියන්නෙ පිරිමින්ට විස්තර කළ නොහැකි, එමෙන්ම මග හැර යා නොහැකි, තමන්ගේ ලිංගිකත්වයේ බලය තමන් අතට ගත්, තනිව ජීවත් වෙන භයානක ගැහැණියක් වෙන්නෙ ඒකයි.
xcvdfgsdg

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...