The Leader News
BREAKING
Top Ad
ශෘංගාර

කැළඹෙන්න නියමිත වැඩක් - අභිසාරි නිල ෆේස්බුක් පිටුව ඇරඹෙයි!

T

The Leader Desk

May 28, 2026 • 8:00 AM

කැළඹෙන්න නියමිත වැඩක් - අභිසාරි නිල ෆේස්බුක් පිටුව ඇරඹෙයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ළගදීම සිනමාශාලාවලට පැමිනීමට නියමිත අභිසාරි චිත්‍රපටය කියන්නෙ ලංකාවෙ සදාචාරය, සංස්කෘතිය, සාසනය ආදී බොහෝ තැන් කැළඹෙන්න නියමිත වැඩක්.
  • තලවතුගොඩ පුරා නියෝන් එළි දැල්වෙන ඇරයුම.
  • ඉතින් මේ චිත්‍රපටය වෙනුවෙන් අලුතෙන්ම නිල ෆේස්බුක් පිටුවක් විවෘත වෙලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉතින් මේ චිත්‍රපටය වෙනුවෙන් අලුතෙන්ම නිල ෆේස්බුක් පිටුවක් විවෘත වෙලා තියෙනවා. ඒක නම් කරලා තියෙන්නෙම, සංවාසය සංවාදය සහ සිනමාව කියලයි.

ඒ පිටුව ගැන චිත්‍රපටයේ අධ්‍යක්ෂ චින්තන ධර්මදාස මෙහෙම සටහනක් පළ කරලා තිබුනා.
 
''අභිසාරි කියන්නෙ චිත්‍රපටියක් විතරක් නෙමෙයි. සංවාසය, සංවාදය සහ සිනමාව කියන තුනටම ඇරෙන දොරටුවක්. ටිකට් එකක් අරන් ෆිල්ම් එකක් බලලා ගෙදර එනවට වඩා ගොඩක් දේවල් අභිසාරි එක්ක සිද්ද වෙනවා. ඒ තමයි රාත්‍රිය. හේමරතනලා පවා ගොදුරු හොයන අඳුර. තලවතුගොඩ පුරා නියෝන් එළි දැල්වෙන ඇරයුම. ලිංගික අධ්‍යාපනය එපා යැයි සිවුරුහොරුන් කරන සරදම. කොන්ඩමයක් සාක්කුවෙ තිබුනොත් ගෙදර බිරිඳගෙන් ලැබෙන සත්තම. මේ හැම දෙයක්ම ලෝකෙ පරණම වෘත්තීන්ගෙන් එකක් කියලා සැලකෙන අභිසාරි එක්ක සම්බන්ධයි. ඉතින් ඒක සිනමාවෙන් එලියට ඇවිත් වැසුනු කාමරවල යහන් මතටම එනවා. වෙබ් පිටුවල ගොසිප් උඩටම එනවා. පොලිසිවල වැටලීම් විදිහට එනවා.
 
 
අභිසාරි සංවාසයට සංවාදයට සහ සිනමාවට එකතු වෙන්න. අභිසාරි නිල පිටුවට එන්න.

මෙන්න ලින්ක් එක

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...