The Leader News
BREAKING
Top Ad
ශෘංගාර

Delta of Venus | Faculty Of Sex

T

The Leader Desk

February 2, 2026 • 11:59 AM

Delta of Venus | Faculty Of Sex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇනායිස් නීන් කියන්නෙ මගේ කැමතිම ඉරොතික ලේඛිකාවක්.
  • ලෝකයේ ස්ත්‍රී ආශාව කේන්ද්‍රය බවට පත්කරගෙන ප්‍රකාශමාන වුනු මුල්ම කාන්තාවන් අතරින් කෙනෙක් ඇනායිස්.
  • ඒක ලියවෙන්නෙ 1940 ගනංවල මුල් කාලෙදි.
  • පස්සෙ කාලෙක 1977දි විතර මේ පොත මුද්‍රණය වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

WhatsApp Image 2026 02 02 at 11.41.17 2ඒ එයා ශෘංගාර දේ විවෘතව ලියන හින්ද විතරක් නෙමෙයි. ආශාව ගැන, ආත්මය ගැන, අභ්‍යන්තර සැගවුනු ජීවිතය ගැන විසිවෙනි සියවසේදී රැඩිකල් විදිහට ලියපු කාන්තා දෘෂ්ටියක් හින්ද. ලෝකයේ ස්ත්‍රී ආශාව කේන්ද්‍රය බවට පත්කරගෙන ප්‍රකාශමාන වුනු මුල්ම කාන්තාවන් අතරින් කෙනෙක් ඇනායිස්. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඇනායිස් ලියපු එයාගෙ දිනපොත් කියවන්න. මාව පුදුමයට පත් කරමින් බොරුල්ලෙ කනත්තෙත් ඇනායිස්ගෙ කියමනක් උපුටාගෙන සොහොනක ගහලා තිබුන.

මේ අපි පරිවර්තනය කරන කතාව එන්නෙ ‘ඩෙල්ටා ඔෆ් වීනස්’ කියන ඇනායිස් නීන්ගෙ කතා පොතෙන්. ඒක ලියවෙන්නෙ 1940 ගනංවල මුල් කාලෙදි. මේක ඇය ලියන්නෙ කොමිෂන්ගත වැඩක් විදිහට. ඒ කියන්නෙ කවුරුන් හෝ ධනවතෙකුගේ පුද්ගලික එකතුවකට ලියවුනු ‘ශුද්ධ ශෘංගාරයක්’ විදිහට.

පස්සෙ කාලෙක 1977දි විතර මේ පොත මුද්‍රණය වෙනවා. මේ කතා පෝර්න් සහ සාහිත්‍ය අතර දෝලනය වෙනවා. ඇනායිස් සාහිත්‍යකර‍ණයේ එක සීමාවක් බොඳ කරමින් මේ කතා ලියනවා. ලෝකයේ වාණිජමය අර්ථයෙන් මේ පොත ‘පෝර්න්’ විදිහට කැටගරි වෙන්නෙ නෑ. ඒ වෙනුවට ශෘංගාර සාහිත්‍ය කෘතියක් විදිහට අධ්‍යනයට ගන්නවා.

ඇනායිස් පසු කාලෙක මේ ඇතැම් කතා ගැන තෘප්තිමත් වුනේ නෑ. ලිංගිකත්වය එහි ඉමෝෂනල් ගැඹුරින් ගලවා, ඇයට ලබා දුන් කාර්යය අනුව මතුපිටින් පමණක් ඉදිරිපත් කිරීම ගැන ඇය සතුටු වුනේ නෑ.

WhatsApp Image 2026 02 02 at 11.41.17

මේ පරිවර්තනය කරන බැරන්වරයාගේ කතාව බොහෝ විට පළවෙන්නෙ ඩෙල්යා ඔෆ් වීනස් පොතේ පළමු කතාව විදිහටයි. ඇතැම් ප්‍රකාශකයන් මෙය දෙවැනි කතාව විදිහට දානවා. මේ කතාවෙ තියෙන්නෙ යුරෝපියානු වංශවතෙක් ගැන. බලය, පාලනය, බලහත්කාරය කේන්ද්‍ර කරගත් ආශාව ගැන. මේ කතාව ඇතුලෙ පංතිය, පීතෘමූලිකත්වය, ශෘංගාර ආධිපත්‍යය ගැන ප්‍රශ්න කරනවා. ඇතැම් චරිත අපිව අපහසුතාවයට පත් කරන තරම් අඩු වයස්වල පසුවෙනවා.

එහෙනම් ඇයි මේක ළමා අසභ්‍ය ප්‍රකාශන ගණයට නොවැටෙන්නෙ කියන සාධාරණ ප්‍රශ්නය කෙනෙකුට මතුවෙනවා. නමුත් නීතියෙන් මේක අසභ්‍ය ගණයට ලෝකයේ පිලිගැනෙන්නෙ නෑ. සදාචාරය පැත්තෙන් ඉතාම තියුණු ගැටුම් මතු කරනවා.

අපි මේකෙ නීත්‍යානුකූලබව ගැන මුලින් කතා කරමු. යුරෝපයේ සහ ඇමරිකාවෙ නීතිය අනුව ළමා අසභ්‍ය ප්‍රකාශන ගණයට වැටෙන්න නම් කාරණා කීපයක් සම්පූර්ණ කරන්න වෙනවා.

රූපමය භාවිතාව

ළමා චරිත යොදා ගනිමින්, ලිංගික උත්තේජනය වෙනුවෙන්ම ලියවුනු අතිශය කාමුක ලියැවීම්ත මේවායේ කිසිදු සාහිත්‍යමය හෝ කලාත්මක වටිනාකමක් නොපැවතිය යුතුයි කියන කාරණය වැදගත්.

 

WhatsApp Image 2026 02 02 at 11.41.31

ඉතින් ඩෙල්ටා ඔෆ් වීනස් කියන්නෙ ප්‍රබන්ධයක්. ඒ කියන්නෙ සාහිත්‍යයක්. එහි රූපමය ඉදිරිපත් කිරීම් නැහැ. ලෝකයේ විශ්ව සාහිත්‍ය කෘතියක් විදිහට ඒක සළකුණු වෙලා තියෙනවා. විශ්ව විද්‍යාලවල සාහිත්‍ය අධ්‍යයන වලදී හදාරනවා. එමෙන්ම ළමා අපචාරමය ලිංගික උත්තේජනයක් වෙනුවෙන් ලියවුනු කෘතියක් හැටියට ලෝකයේ සළකුනු වෙලා නැහැ. එය සාහිත්‍ය කෘතියක් හැටියෙන් නීතිය ඉදිරියේ නිදහස් වෙනවා.

WhatsApp Image 2026 02 02 at 11.41.17 3ඒ වගේම ස්ත්‍රී ලිංගිකත්වය සමාජයේ සිරගත වී ඇති ආකාරය මෙන්ම පීතෘමූලිකත්වය යටතේ ශෘංගාර ශ්‍රමය සූරාකෑම ගැන කතිකාවක් හැටියට මේ කතාව ඉස්මතු කරනවා. එය ඓතිහාසික කලා කෘතියක් වශයෙන් සළකන අතර සදාචාර මිනුම් දන්ඩක් හැටියෙන් යොදාගන්නෙ නෑ. කතාව තුල බැරන්වරයාගේ ‘පාවිච්චි කිරීම’ හෙලිදරව් කරනවා මිස එය උත්කර්ෂයට නැංවීමක් ඇනායිස් අතින් සිද්ද වෙන්නෙ නෑ.

නමුත් අද දක්වාම මේ කෘතිය අතිශයින් ආන්දෝලනාත්මක එකක් වෙනවා.
............

සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න.......

WhatsApp Image 2026 02 02 at 11.41.43
Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...