The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මේ ප්‍රතිඵලය ට්‍රම්ප්වාදයේ ජයග්‍රහණයක් -තරිඳු උඩුවරගෙදර

T

The Leader Desk

November 5, 2020 • 9:40 AM

මේ ප්‍රතිඵලය ට්‍රම්ප්වාදයේ ජයග්‍රහණයක් -තරිඳු උඩුවරගෙදර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකානු ජනාධිපතිවරණයකදී බහුතර ඇමෙරිකානුවන් වැඩිපුර ඡන්දය ලබාදී ඇත්තේ කාටද යන්න වැදගත් නැහැ.
  • 18.19) වනවිට ප්‍රාන්ත ප්‍රතිඵල තිබූ අන්දම.
  •   ඒ අනුව බයිඩන් ආසන 264ක් හා ට්‍රම්ප් ආසන 213ක් ජයගෙන සිටිනවා.
  • නෙවාඩා ප්‍රාන්තයේ ආසන හයත් සමග අමෙරිකානු ජනාධිපතිවරණයකදී අවශ්‍ය වන ඡන්ද විද්‍යාලයේ ආසන 270 සීමාවට ළඟා වී හමාර බව අනුමාන කරනවා.''   නෙවාඩා ප්‍රාන්තයේදී ජෝ බයිඩන් ඉදිරියෙන් සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
මේ වන විටත් ගණනය කර ඇති ඡන්ද අනුව බහුතර ඡන්දදායකයන් ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරමින් ජෝ බයිඩන් තෝරාගෙන ඇතත්, ඡන්ද විද්‍යාලයේ ආසන 270ට වැඩි සංඛ්‍යාවක් ලබාගන්නා තුරු සම්පූර්ණ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුදැයි කිව නොහැකියි.
 
ජනාධිපතිවරණය පවතින්නේ ප්‍රාන්ත කිහිපයක. 
 
ඡන්ද විද්‍යාල සඳහා එක් එක් ප්‍රාන්තවලින් ලැබෙන ආසන සංඛ්‍යාව එකිනෙකට වෙනස්. 
 
යම් ප්‍රාන්තයක් එක් ඡන්දයකින් ජයගත්තත්, ඒ ප්‍රාන්තයට අදාල ආසන සියල්ල ජයගත් අපේක්ෂකයාට ලැබෙනවා. 
 
ඒ අනුව යම් අපේක්ෂකයෙක්ට ජය ලැබෙන බව විශ්වාස ඇතැම් ප්‍රාන්තවල මැතිවරණ ව්‍යාපාරක් සිදු වෙන්නේ නැති තරම්. 
 
fgdfgfd
ග්‍රිනිච් වේලාවෙන් 12:49 (ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 18.19) වනවිට ප්‍රාන්ත ප්‍රතිඵල තිබූ අන්දම. (BBC සිංහල)
 
කුමන පැත්තට දෝලනය වේදැයි අවිශ්වාස දෝලනය වන ප්‍රාන්තවල මැතිවරණ සටන තීරණාත්මකයි.
 
ඒ අනුව ගියවර ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගත්, එම තීරණාත්මක ප්‍රාන්තවල ප්‍රතිඵලය කුමක්දැයි සියලුදෙනා බලා සිටියා. 
 
ජෝර්ජියා, නෝත් කැරොලිනා, පෙන්සිල්වේනියා, ෆ්ලොරීඩා, මිචිගන්, වින්කොන්සින්, ඔහායෝ, ඇරිසෝනා යන ප්‍රාන්ත ඒ අනුව තීරණාත්මකයි.
 
 සටහන ලියන මොහොත වන විට එම ප්‍රාන්ත අතරින් තුනක් වන මිචිගන්, වින්කොන්සින් සහ ඇරිසෝනා බයිඩන් ජයගෙන හමාරයි. ෆ්ලොරිඩා සහ ඔහායෝ ට්‍රම්ප් ජයගෙන හමාරයි.
 
ඒ අනුව බයිඩන් ආසන 264ක් හා ට්‍රම්ප් ආසන 213ක් ජයගෙන සිටිනවා.
 
''නෙවාඩා ප්‍රාන්තයේදී ජෝ බයිඩන් ඉදිරියෙන් සිටිනවා. නෙවාඩා ප්‍රාන්තයේ ආසන හයත් සමග අමෙරිකානු ජනාධිපතිවරණයකදී අවශ්‍ය වන ඡන්ද විද්‍යාලයේ ආසන 270 සීමාවට ළඟා වී හමාර බව අනුමාන කරනවා.''
 
නෙවාඩා ප්‍රාන්තයේදී ජෝ බයිඩන් ඉදිරියෙන් සිටිනවා. නෙවාඩා ප්‍රාන්තයේ ආසන හයත් සමග අමෙරිකානු ජනාධිපතිවරණයකදී අවශ්‍ය වන ඡන්ද විද්‍යාලයේ ආසන 270 සීමාවට ළඟා වී හමාර බව අනුමාන කරනවා.
 
මේ වන විට පෙන්සිල්වේනියාහි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉදිරියෙන් ඉන්නේ ඡන්ද ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් පමණක් ලබාගෙන. 
 
එහෙත් ඡන්ද ලක්ෂ හතක් පමණ ගණන් කිරීමට නියමිතයි. ඒ ඡන්ද අතරින් බහුතරය බයිඩන්ට ලැබෙනු ඇති බවත්, ඒ අනුව ඔහුට පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඡන්ද විද්‍යාල ආසන 20ත ලැබෙනු ඇති බවත් අනුමාන පවතිනවා. 
 
එහෙත්, පෙන්සිල්වේනියාහි සහ ඇලස්කාහි ඡන්ද ගණනය කිරීම ඇතැම්විට සිකුරාදා දක්වා ඇදී යනු ඇති.
 
ජෝර්ජියාහි සටනත් තීරණාත්මකයි. මේ වන විට ට්‍රම්ප් ඡන්ද 28,000 පමණ පරතරයකින් ඉදිරියෙන් සිටිනවා. එහෙත්, තවත් ඡන්ද ලක්ෂයක් පමණ ගණනය කිරීමට නියමිතයි. 
 
නෝත් කැරොලිනාහි ඡන්ද ලක්ෂ තුනකට වඩා ගණන් කිරීමට නියමිතයි. ට්‍රම්ප් ඡන්ද 76,000කින් පමණ ඉදිරියෙන්.
 
මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කණ්ඩායම බයිඩන් දැනටත් ජයගෙන හමාර මිචිගන් සහ වින්කොන්සින්හි ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් අධිකරණය ඉදිරියට ගොස් තිබෙනවා. ඊට අමතරව පෙන්සිල්වේනියාහි ඡන්ද ගණනය නවත්වන ලෙස ඉල්ලමින් අධිකරණයට ගොස් තිබෙනවා.
 
''මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කණ්ඩායම බයිඩන් දැනටත් ජයගෙන හමාර මිචිගන් සහ වින්කොන්සින්හි ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් අධිකරණය ඉදිරියට ගොස් තිබෙනවා. ඊට අමතරව පෙන්සිල්වේනියාහි ඡන්ද ගණනය නවත්වන ලෙස ඉල්ලමින් අධිකරණයට ගොස් තිබෙනවා.''
 
ඡන්ද ගණනය ප්‍රමාද වනු ඇති බවත්, ප්‍රමාද වන විට ට්‍රම්ප් ඉදිරියෙන් සිටියහොත් ඔහු අධිකරණයට යනු ඇති බවත් මැතිවරණයට පෙර සිටම අනුමාන පැවතියා. 
 
මේ වන විට ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුන් නව දෙනාගෙන් හය දෙනෙකු රිපබ්ලිකන් පැත්තට වැඩි නැඹුරුවක් දක්වනවා. ඒ හයදෙනාගෙන් තුන්දෙනෙකු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පත් කරන ලද අය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඡන්ද ගණන් කිරීම නවතා ප්‍රතිඵල නිවේදනය කරන ලෙස නිවේදනය කරනු ඇතැයි ට්‍රම්ප් පාර්ශ්වය බලාපොරොත්තු වෙනවා. 
 
ඡන්දය ප්‍රකාශ කළ සියලු ඡන්දදායකයන්ගේ ඡන්ද ගණනය කරන්නට පෙර ප්‍රතිඵල නිවේදනය කරන්නැයි ඉල්ලීම ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් නොවන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.
 
මීට පෙර සඳහන් කර පරිදි, ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට යනු ඇතැයි මුල සිටම අනුමාන තිබුණත්, බොහෝ විචාරකයන් අපේක්ෂා කළේ මැතිවරණ ප්‍රතිඵල මීට වඩා වැඩි පරතරයකින් බයිඩන්ට වාසිදායක වනු ඇති බව. 
 
එම නිසා ප්‍රතිඵල ප්‍රමාද වුණත් මුල් අදියරේ සිටම බයිඩන් ඉදිරියෙන් සිටිනු ඇති බව එම විචාරකයන් අනුමාන කළා. මන්ද යත්, සාමාන්‍ය බුද්ධියක් ඇති අති බහුතර ජනතාව ට්‍රම්ප්ට ඡන්දය ප්‍රකාශ නොකරනු ඇතැයි එම විචාරකයන් අනුමාන කළා.
 
කොවිඩ්-19 වසංගතය පාලනයේදී අසමත් වීම, ට්‍රම්ප් ලබාදුන් පොරොන්දු රැසක් ඉටු නොවීම, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බොහොමයක් ට්‍රම්ප් එළිපිට විවේචනය කිරීම, ඔහු ප්‍රසිද්ධියේ කී බොරු ගණනාවක් හෙළිදරව් වීම ඇතුළු හේතු ගණනාවක් නිසා ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය විශාල වශයෙන් හීන වී ඇතැයි බොහෝ අය අනුමාන කළා.
 
 ට්‍රම්ප්ගේ ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසා ඔහු මෙවර පරාද වනු ඇති බවට සැකයක් තිබුණේ නැහැ.
 
එහෙත් මේ තරම් අසාර්ථක පාලන සමයකින් පසුව පවා ට්‍රම්ප්ට පක්ෂපාතී ඇමෙරිකානුවන් විශාල පිරිසක් සිටීම නිසා පෙනෙන්නේ ට්‍රම්ප්වාදය කෙතරම් බලවත්ද යන්න. ඒ අතින් බලන විට මෙතරම් අවාසිදායක තත්වයන් යටතේත් කරට කර සටනක් දීම ඔහු නියෝජනය කරන මතවාදයේ විශාල ජයග්‍රහණයක්.
 
Trump 22
'මේ තරම් අසාර්ථක පාලන සමයකින් පසුව පවා ට්‍රම්ප්ට පක්ෂපාතී ඇමෙරිකානුවන් විශාල පිරිසක් සිටීම නිසා පෙනෙන්නේ ට්‍රම්ප්වාදය කෙතරම් බලවත්ද යන්න. ඒ අතින් බලන විට මෙතරම් අවාසිදායක තත්වයන් යටතේත් කරට කර සටනක් දීම ඔහු නියෝජනය කරන මතවාදයේ විශාල ජයග්‍රහණයක්.''
 
නොසිතූ තරම් ඇමෙරිකානුවන් පිරිසක් තවමත් බිය පතුරවන, ජාතිවාදී නැඹුරුවක් දක්වන, සැබෑ කරුණු වෙනුවට හැඟීම් මත පදනම් වූ, බාහිර බලවේගයකින් තමන්ගේ ජාතිය විනාශ වේයැයි බියක් දක්වන ජනප්‍රියවාදී ට්‍රම්ප් මතවාදය පිළිගන්නවා.
 
දැන් ට්‍රම්ප් ක්‍රමයෙන් ලබමින් සිටින පරාජය පිළිනොගෙන, චෝදනා කරන පුද්ගලයන් අතර ඒ ට්‍රම්ප් හිතවාදීන් පවා සිටිනවා. දැනටත් ඡන්ද ගණන් කිරීම නවත්වන ලෙස ඉල්ලා ට්‍රම්ප් හිතවාදීන් උද්ඝෝෂණ පවා පවත්වා තිබෙනවා. ඒ අනුව මේ මැතිවරණ පරාජයෙන් පසු  පවා ඔහුට හිතවත් ජනප්‍රියවාදී මතවාදය පරාජය නොවේවි. 
 
ඇමෙරිකානු දේශපාලනයට සහ ලෝක දේශපාලනයට ඩොනල්ඩ් ට්‍රම්ප් යුගයේදී සිදු වූ විනාශය ලෙහෙසියෙන් සුව නොවන බවත්, ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් ගැනීමට සිදුවනු ඇති බවත් මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිළි වෙනවා.
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
කියවන්න:
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...