The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

යක් දෙස්සෝ - සුජිත් අක්කරවත්ත

T

The Leader Desk

October 8, 2021 • 5:08 PM

යක් දෙස්සෝ - සුජිත් අක්කරවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිරිහීමේ යුගය නමින් සිංහල භික්ෂු වංශයෙහි යුගයක් වේ.
  • එය මහනුවර යුගය සමඟ බැඳී පැවතිණි.    මෙම පිරිහිමේ යුගයහි භික්ෂූන් වහන්සේලා ගණින් වහන්සේලා බවට පත් වූ අතර තවත් පිරිසක් කපුවන් ද " යක් දෙස්සන් ද බවටත් පත් වූහ.
  • 1341 - 1351) දේව වාදයට දිරි දුන් පාලකයෙකි.    රජ තෙමේ දකුණු ඉන්දියාවෙන් පොකුරු පිටින් බමුණු පූජකයන් ආනයනය කරන්නට තරම් අදූරදර්ශී වුවෙකි.
  • එහි ප්‍රතිපලයක් ලෙස වැල නොකැඩි බමුණන් සිරිලකට පැමිණ කඳුරට සෑම පෙදෙසකම පාහේ දේවාල ගොඩනැංවීය.    කඳුරට පුරා බමුණු ගම්මාන ද බිහි වුහ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
එලෙස පිරිහීමේ යුගය ලෙස නම් වුයේ උපසම්පදාව අහිමිව ගෙවි ගිය සමයයි. එය මහනුවර යුගය සමඟ බැඳී පැවතිණි. 
 
මෙම පිරිහිමේ යුගයහි භික්ෂූන් වහන්සේලා ගණින් වහන්සේලා බවට පත් වූ අතර තවත් පිරිසක් කපුවන් ද " යක් දෙස්සන් ද බවටත් පත් වූහ. මෙම විපරිණාම ශාසනික බිඳ වැටීමට මුල් වු ප්‍රබල දේශපාලන හේතුවක් ද විය. 
 
එය ගම්පොළ යුගය හා බැඳී යන්නකි. ගම්පොළ රාජ්‍ය විචාල සිවුවන බුවනෙකබාහු රජු (ක්‍රි.ව. 1341 - 1351) දේව වාදයට දිරි දුන් පාලකයෙකි. 
 
රජ තෙමේ දකුණු ඉන්දියාවෙන් පොකුරු පිටින් බමුණු පූජකයන් ආනයනය කරන්නට තරම් අදූරදර්ශී වුවෙකි. එහි ප්‍රතිපලයක් ලෙස වැල නොකැඩි බමුණන් සිරිලකට පැමිණ කඳුරට සෑම පෙදෙසකම පාහේ දේවාල ගොඩනැංවීය. 
 
කඳුරට පුරා බමුණු ගම්මාන ද බිහි වුහ. සිංහල ස්ත්‍රීන් පාවාගෙන මෙරටට අමුතු තාලේ ජන ප්‍රවාහයක් ද බෝ කළහ. නොබෝ කලකින් සමාජයේ කැපී පෙනෙන සුපිරි පංතියක් බවට ද පත් වුහ.
 
 
මෙසේ විකාශය වූ පරපුර "කළු කපු ගොල්ල " නමින් ප්‍රචලිත වූ අතර, කළු කපු ගොල්ලලා තම අණසකින් තවත් පිරිසක් මෙරටට වැද්දා ගත්හ. එනම් යක් දෙස්සෝය. යක් දෙස්සෝ යකුන් ඇදහිම මෙරට ප්‍රචලිත කලහ. කළු කපු ගොල්ලලා දෙවියන්ට තේවාව කරන්නන් ලෙස රාජ සම්මානිත වුහ. 
 
  
එලෙසම "යක් දෙස්සන් යකුන්ට පිදේනි තබන්නන් ලෙස රාජ්‍ය සම්මානයට පත් විය. මේ සියල්ල තුළින් බුදුදහම බුද්ධාගම බවට පත් වීමේ පසුගාමි විප්ලවයට මාවත විවර කළේය.
 
" යක් දෙස්සෝ " ක්‍රමයෙන් ජනතාවගේ ඉටු දෙවියන් බවට පත් විය. දුක වේදනාව රෝග බිය හෝ අපල උපද්‍රව සඳහා රත්නත්‍රයේ ආශිර්වාදය පුරුදුව සිටි බෞද්ධයෝ ඒ මගින් අත් මිදුණහ. 
 
එය වඩාත් තීව්‍රර වුයේ භික්ෂුන් වහන්සේලා ද කෙමෙන් කෙමෙන් යක් දෙස්සන් බවට පත්ව යකුන්ට පිදේනි තබන්නට යාමත් සමඟය. එය අවිඡින්න සාසන සම්ප්‍රදාය අභියෝගයට ලක් කිරීමක් විය. භික්ෂූන් වහන්සේලා මුදලින් පොහොසත් වුහ. 
 
  
යක් පිදිවිලි පෙරට ගෙන භික්ෂූන් වහන්සේලා එහි නිරත වීමත් සමග පිරිත් පින්කම් පස්සට තල්ලු විය. යක් පිදිවිලි ඉදිරියට පැමිණීමත් සමඟ " යක් දෙස්සෝ " එකල්හි සමාජ විලාසිතාවක් තරමට ජනකාන්ත වූහ.
 
  
භික්ෂුන් වහන්සේලා ද යක්දෙස්සන් බවටපත් වීමත් සමග සිදු වුයේ සැබෑ යක් දෙස්සන් දේශපාලන බලය අතට ගැනීමට මාන බැලීමය. මෙම මහත් විපත්තිදායක සමාජ ව්‍යසනය දුටු තත්කාලීන කවියෙකු වූ අඹන්වෙල යාපා ආඬි මාලේ නමින් කෘතියක් රචනා කලේය එහි මෙලෙස සටහන් කර ඇත.
 
 
සත් තිර රජුන් රට කරවන දැක      සොඳුරා
ගත් රජ වෙස් විල්බාවේ යක්            ඇඳුරා
මත් ගජ පෙර බිඳ දෙන නද දැක     කෙසරා
ඇත් රළ මැදට පැන ඇඬුවා වැනි       වඳුරා
මන තුට මුනිදුන්ගෙ සමයට හරි         මින්න
යකු නට වඳින දැන් සමහරු කෙලෙ   සින්න
සොඳයට පිළිසඳරකි නොම අඳි          මින්න
රිටිපට අඳින වන තුරු වැදි දන          වැන්න
  
යක් දෙස්සෝ ආඩි ලෙසින් ජනගතව තිබු අතර යක් දෙස්සෝ බවට පත් වූ භික්ෂූන් යක් පිදවිලි ඔස්සේ ධනවතුන් බවට පත්ව සිටියහ. එය පොදු සංඝ විනය නොතකන සඟ පංතියක් බිහි කිරීමට බලපෑවේය. ඔවුහු තම හිතුමතේට ශාසන පිළිවෙත් වෙනස් කර ගත්හ. 
 
මෙම තත්වය සමඟ උපසම්පදා නොකොට ඥාති ශිෂ්‍ය ක්‍රමය ඇති කොට ශාසනික දේපොළ භුක්ති විදිමේ සිරිත නිර්මාණය වූයේය. එකල්හි මුංකොටුවේ රාළ" කවියා මෙම විවේචනය පල කරන්න ඒ අරභයාය
 
  
උන්ගෙන් පැවත එ               න 
දරුවන් පැවිදි කර ගෙ           න 
බැහරින් පැවදි වෙ                න 
අයට අවසර නොදී ඉඳගෙන  න 
 
යක් දෙස්සන් වෙතින් තදබල කුල වාදයක් ද සමාජ ගත විය. දේවාලය හා දෙවියන් යට කරගෙන යකුන් පිදීම පෙරට පැමිණීම තරමට යක් දෙස්සෝ ප්‍රබල වූහ. 
 
හූනියන් යකා මහ සෝන් යකා, සන්නි යකා රීරි යකා, ඔඩ්ඩි යකා පිල්ලි යකා ලෙස විවිධ යකුන් බුදුන් වහන්සේ පමණක් නොව විෂ්ණු කතරගම සුමන සමන් දෙවිවරු ද යටපත් කරගෙන ආධිපත්‍යය දරන්නට වුහ. 
 
යක්ෂ, දේව භක්තිය හරහා බුද්ධ භක්තිය යටපත් විය යක්ෂ වාදය මුළු රට වෙලා පැතිර ගිය කල වීදාගම මෛත්‍රීය මහා හිමිපාණන් වහන්සේ බුදුගුණාලංකාරය රචනා කරන්නේ එබැවිනි. බුදුගුණාලංකාරයේ මෙම විරෝධය යක් දෙස්සන්ට එරෙහිවය.
 
 
 
ගහයෝ නම් අඹ                   ර 
දෙවියෝ ඌ සුර පු                ර 
උදක් අමරස මිසක් මනහ       ර 
නොගනිති අන් අහ                ර 
 
 
සිවු සිය ගවු අස                    ල 
වු නම් නරෝ ගෙ                 ළ 
දෙවියෝ තමන් ගෙ              ළ 
දැවටු කුණු සේ කරති පිළිකු   ල 
 
  
අතර ගම්පොළින් රාජ්‍යය අගනුවර කෝට්ටේට සංක්‍රමණය වන්නේ මෙම සමාජ වටපිටාව තුළය.
 
හින්දු යාග හෝම මෙන්මයක් පිදිලි හරහා බුදු දහම යටපත්ව තිබුණේය. ජනතාව අතරින් බුදු දහම මැකී ගියේය. 
 
එමෙන්ම පැවැත්ම සඳහා බුදු දහම සමඟ යක්කුන් දෙවියන් මුසු කිරීම් ද සිදු විය. යකුන් පිළිගෙන දෙවියන් පිළිගෙන බුදු දහම පවත්වා ගන්නා තරමට පිළිවෙතින් ශාසන භාරධාරී මහ තෙරවරුන් පවා පිරිහු වීදාගම මෛත්‍රී මහා හිමියන්ට ශාසනික බුදු බණ පසෙක තබා ගැමි බසින් බුදු ගුණ වයමින් ග්‍රන්ථ රචනා කරන්නට සිදු වූයේ මේ නිසාය. 
 
මෙම තත්වය දෙවියන් පුදද්දී හෝ යකුන් පිදිමේදි බුදුගුණ ගැයෙන්නේ උන්වහන්සේ මෙම ව්‍යායාමය නිසාය. කෙසේ නමුත් බලවත් වූ යක් පිදීම හා දේව වාදයට එරෙහිව පසුව විදාගම මෛත්‍රීය මහා හිමිපාණන් වහන්සේ බුදුගුණාලංකාරය රචනා කරන්නේ එබැවිනි. 
 
බුදුගුණාලංකාරයේ මෙම විරෝධය යක් දෙස්සන්ට එරෙහිවය.
 
 
Sujith 2021
 
සුජිත් අක්කරවත්ත
නිදහස් ලේඛක 
 
 
කියවන්න - හදාරන්න :
  
 
 
 
 
 
 
 

 

 


 

THE LEADER TV 
 
 
ගෙවල් බිඳින එක වගේ ද මල්ලී, රටක් බිඳින එක?
 

 
 
ලොකුගේ වාසු කැබිනට්ටුවේ ඇරගනී! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...