‘ගණ ගැටව්‘ නමින් වදනක් සිංහල ජනවහරට එක් වී ජනප්‍රිය වුයේ නුවර යුගයේදීය.
‘ගණ‘ යන වදන සිංහල ජන වහරට එකතු වුයේ බුදු සසුනෙනි.
සංඝ නාමයට අනුරූපව ‘ගණ‘ යන වදන භාවිතා වේ.
සිවු නමකට වැඩි සංඝයා වහන්සේලා ‘ගණ‘ වශයෙන් හදුන්වා ගනු ලැබුහ. නමුඳු සිංහල ජන වහරෙදී ‘ගණ‘ යන්න ගණයා වී අපහාස අරුත මුසු වු වදනක් බවට ද පත් විය. ඒ අනුව භික්‍ෂුන් වහන්සේලා ට අපහාස කිරිම සඳහා “ගණයා“ “ගණින්නෑහේ “ ආදී වචන අදත් භාවිත කරයි.
නමුත් ගණ ගැටයන් හෙවත් ‘ගණ ගැටව්‘ බිහි වී ‘ගණ‘ නම් වදන අපහාසය මුසු වු වදනක් ලෙස තුළ ව්‍යවහාරයට පත් වීමට බලපෑවේය.
සිංහල සඟ සසුන බිදී වැනසී ගිය පසු මහනුවර සමයේ “ගණින්නාන්සේ “ නමින් සුවිශේෂි පිරිසක් බිහි වුහ. ඔවුහු අඹු දරුවන් සමඟ දිවිගෙවමින් විහාරස්ථාන පවත්වාගෙන ගියහ. ගණයාගෙන් ලද දරුවා “ගණ ගැටයා“ වු අතර ගණයන්ට දාව උපන් දරු පරපුර ‘ගණ ගැටව්‘ නමින් හැඳින්වුහ.
ගණින්නාන්සේ පරපුර සමඟ ‘ගණ ගැටව්‘න්ගෙන් යුතු සමාජයක් බිහි වු අතර, වැලිවිට සරණංකර සංඝ රාජායාණන්ගේ ශාසන පුනරුදය වු සිල්වත් සමාගම බිහි වීමට තතු නිමිත්ත වනුයේ ද මෙම පිරිසේ ක්‍රියාකාරිත්වයයි.
මහනුවර යුගයේ ජනකාන්ත විරෝධාකල්ප කවියා වු මුංකොටුවේ රාළ මෙලස කවි බසින් පවසන්නේ මෙකී ‘ගණ ගැටව්‘ පිළිබඳවය.
සැදැහැත්තන් පුද නනොයෙක් පුජා ලබමි නනෑයින්ට බෙද මි නනිමල සස්නේ කසට තවර න
දේපළ වලින් පිරිපුන් ආරාම අධිපතීන්ට දාව උපදින දරු පරපුර වෙනම පරපුරක් ලෙස ලංකා ඉතිහාසයෙහි හඳුනා ගත හැකි ය. මෙම සුවිශේෂ දරු පරපුර මහනුවර ජනසමාජය තුළ විශේෂ කණ්ඩායමක් සේ කැපී පෙණුනි.
ගණින්වහන්සේලාගේ දරුවන් ජනතාව ශාසනය සහ රජතුමා අතර තවත් විශේෂ පංතියක් බවට පත් වුහ. ඔවුන් සතු වු බලය නිසාම ‘ගණ ගැටව්‘ ජනතාවගේ දැඩී විරෝධයට ද ලක් වුහ. තවදුරටත් මුංකොටුවේ රාළ මෙලස ස්වකීය තියුණු කාව්‍ය විවේචනය තුළින් පල කරන්නේ එම විරෝධාකල්පයයි.
දහම් ලෙස නොහැසි රකුල දුසනම කර ක රබණ නො උගෙන පව රනැකැත් වෙදකම් කර ක ර
එයින් ලොව සිත් ගෙ ණවස්තුව උපදවා ගෙ ණඅඹුදරුවන් රකි ණපමණ මයි උන් පුරන සිල් ගුණ
බුදුසසුන සතු දේපළ තුළින් පෝෂිත වු මෙම ‘ගණ ගැටව්‘ විටෙක තම පියවරු මෙන්ම සසුනට ද ඇතුළත් වුහ. තවත් පිරිසක් ප්‍රබල සිටුවරුන් විය. තවත් පිරිසක් වෙඳදුරන් බවට පත් විය. නැවත සංඝ සාසනය පිහිටුවීමත් සමඟ සමහර ‘ගණ ගැටව්‘ මහණ උපසම්පදාව ලබා ගත්හ. ශාසනික ඥාතීත්වය නිසා රජු සමඟ ගනු දෙනු කරන සුපිරි බලවතුන් පිරිසක් බවට විටෙක ඔවුන් පත් වීය.
එහෙත් ගණින්තැන්සේලාගේ දරුවන් ලෙස ඔවුන් වීදී සමාජ අවමානය මේ තුළින් ඉවත්ව නොගියේය..
මෙරට ඉතිහාසය කතා ලතාවේ මෙම විශේෂ ජන ස්ථරය අරභයා අපහාස උපහාස එමටය. නමුදු පසු කලෙක සිරිලක බබලවන මහා සංඝ නේතෘන් අතර ද සාහිත්‍යධරයන් මෙන්ම පාලකයන් අතර ද මෙවන් ‘ගණ ගැටව්‘ අපමණය.
එලෙසම නුතනය දක්වා ‘ගණ ගැටව්‘ අතරින් පිය පුතු උරුමයෙන් පැමිණි පරපුරක් මෙරට සුවිශේෂි ප්‍රභූ ස්ථාන අත් පත් කරගෙන සිටින අයුරු ද කිසිවෙක් නොදනති.
එමෙන්ම එකල්හි සමාජ අවමානයෙන් කුඩා වියේ පටන් පීඩනයට ලක් වු ගණ ගැටයන් පෘතුග්‍රීසී, ලන්දේසී මෙන්ම ඉංග්‍රීසීන්ගේ ඔත්තුකාරයන් බවට ද, ලිංගික මෙවලම් බවට ද පත් වු අතීතයක් ද පවතී.
ගණ ගැටයන් නායක්කර් රජ මාළිගයේ රූපලාවන්‍ය ශිල්පීන් මෙන්ම සම්භාහන ශිල්පීන් සේ ද විලාසිතා ශිල්පීන් ද වු සොදුරු කතා තතු විත්ති බොහෝය.
‘ගණ ගැටව්‘ පිළිබඳ අනෙක් තතු විත්ති නම් දේව වාදයට වු ඔවුන්ගේ නෑකමය. මහනුවර සමය දේවාලයට රාජ්‍යත්වය ලද සමය වේ. එමෙන්ම නැවත නිර්මල සඟ සසුන පිහිටුවිමත් සමඟ පිරීහී යන දේවාලය යළි පණ ලබන්නේ ද ‘ගණ ගැටව්‘ වෙතින්ය.
අපුරුවනම් ‘ගණ ගැටව්‘ අතර වු වැඩිමල් සහෝදරයා පැවිදී වී විහාරස්ථානයේ අධිපති වන අතර, බාල සොයුරු නිළමේ, කපුරාළ වැනි දේවාල අධිපතීන් වන අයුරුය.
මේ තුළින් මහජන සේවයක් මෙන්ම නව සංස්කෘතියක් ද ඇති වුයේය. එමෙන්ම ‘ගණ ගැටව්‘ අතරින් සම්භාව්‍ය දේශීය වෛද්‍යවරුන් ගණනාවක් මෙන්ම අද්විතීය නක්‍ෂත්‍රකරුවන් නෘත්‍යවේදීන් ද බිහි වුහ.
මේ සියල්ල අතර ‘ගණ ගැටව්‘ අතරින් ශ්‍රී ලාංකික ඉතිහාසය උඩු යටිකුරූ කල සිද්ධියක් සිදු විය. එය සිංහල රාජ ඉතිහාසයේ නිමාවෙහි නිමිත්ත ද විය. එනම් වීර වික්‍රම නරේද්‍රසිංහ රජුගේ සිංහල බිසවගේ පුත් උනම්බුවේ බණ්ඩාරට රජකම ලබා දීම වැලැක්වීමට ‘ගණ ගැටව්‘ මහත් වෙහසක් ගැනීමය.
නරේද්‍රසිංහයන්ගේ ද්‍රවිඩ බිසවට දරුවන් නොසිටි අතර, දෙවන බිසව වු සිංහල බිසවගේ පුත් කුමරා උනම්බුවේ බණ්ඩාර විය. නමුත් එකළ මෙරට සිටි ද්‍රවිඩ ප්‍රභූ පිරිස සමග එක්වු ‘ගණ ගැටව්‘ තම දේපළ රැක ගැනිම සඳහා අසිංහලයෙකුගේ රාජාගමනය ප්‍රාර්ථනා කළේය.
ඒ අනුව කුමන්ත්‍රණ කර උනම්බුවේ බණ්ඩාර කුමරු රහසේ මරා දැමුවේය. උනම්බුවේ බණ්ඩාර කුමරු සිංහල කිරුළෙහි අවසාන හිමි කරුවා විය.
ඉන්පසුව දෙමළ රජ බිසවගේ සොයුරු විජය රාජසිංහ නමින් රජ කමට පත්ව සිංහල රජ සිරිත අවසන් විය. එය ‘ගණ ගැටව්‘ ජාතියට කළ මහා අපරාධය වන්නේය.

නිදහස් ලේඛක
කියවන්න - හදාරන්න :
THE LEADER TV
වෙන වැඩ නවත්තමු! රොකට් චිචීගේ පුසි හොයමු!
බල්ලන් කෑ රටක් !