The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

ලිංගික තෘප්තිය ගැන කතා නොකරන ලිංගික අධ්‍යාපනය හානිකරයි

T

The Leader Desk

February 12, 2022 • 12:21 PM

ලිංගික තෘප්තිය ගැන කතා නොකරන ලිංගික අධ්‍යාපනය හානිකරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිංගික අධ්‍යාපනයේදී තෘප්තිය සහ ආශාව යන දෙක අඩංගු කිරීමෙන් කොන්ඩම් පාවිච්චිය වැඩිකළ හැකි බව අධ්‍යයන මගින් පෙන්වයි.
  • එහෙම වුනා නම් කන්සෙන්ට් හෙවත් අනුමැතිය ගැනත්, LGBTQ ලිංගිකත්වයන් සහ ස්ත්‍රී ස්වයං වින්දනය ගැනත් වඩා විවෘත සංවාදයක් ඇතිවීමට ඉඩ තිබුනි.
  • නවතම අධ්‍යයන මගින් පෙන්වන්නේ ලිංගික අධ්‍යාපන සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් මගින් තෘප්තිය නොතකා හැරීම සහ එය අපචාරී අර්ථයකට බඳුන් කිරීමක් සිදු කර ඇති බවයි.
  • ලෝකය පුරා 2005-2020 දක්වා ලිංගික සෞඛ්‍ය පිළිබඳ ලියවුනු ජාත්‍යන්තර ලියවිලි සටහන් අතර ලිංගික තෘප්තිය ගැන කතා කර ඇත්තේ 33 වතාවක් පමණක් බව පර්ය‍ේෂණවලදී හෙලිවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



රූබි ජීසන් සඳහන් කරන පරිදි ඇය පාසැලේදී ලිංගික අධ්‍යාපනය ලැබුවද ආශාව සහ තෘප්තිය වෙනුවෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම හෝ ලිංගිකත්වය සහ ස්ත්‍රීපුරුෂභාවය පිළිබඳ සංවාදයක් එහි අඩංගු වුනේ නැත.

Sex Edu 8

පැවතුනේ කෙහෙල් ගෙඩියකට කොන්ඩම් දැමීම සහ මූලික කරුණු ගැන සාකච්ඡාවක් පමණි. ශරීර අවයව ගැන, ලිංගිකව බෝවන රෝග ගැන සහ ප්‍රවේශම්කාරී ලිංගික එක්වීම් ගැන පමණක් ඉගැන්වීම සිදුවිය. ස්වයං වින්දනය ගැන කතා කළේද පුරුෂයන්ට පමණක් සීමාවූ පරිදිය.

Sex Edu 7

‘පාසැලේදී ලිංගික තෘප්තිය ගැන කතා කිරීම මට කිසිසේත්ම අපහසුතාවයක් දනවන දෙයක් නෙමෙයි. එහෙම වුනා නම් කන්සෙන්ට් හෙවත් අනුමැතිය ගැනත්, LGBTQ ලිංගිකත්වයන් සහ ස්ත්‍රී ස්වයං වින්දනය ගැනත් වඩා විවෘත සංවාදයක් ඇතිවීමට ඉඩ තිබුනි.

තෘප්තිය බැහැර කරමින් කරන මේ ඉගැන්වීම් මගින් සිදුවන්නේ විෂමලිංගික නියමයන්ට බැහැර ලිංගික ක්‍රියාවන් බැහැර කිරීමය’’

Sex Edu 6

මිනිසුන් ලිංගික ක්‍රියාවේ යෙදෙන මූලිකම අරමුණ තෘප්තියයි. නවතම අධ්‍යයන මගින් පෙන්වන්නේ ලිංගික අධ්‍යාපන සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් මගින් තෘප්තිය නොතකා හැරීම සහ එය අපචාරී අර්ථයකට බඳුන් කිරීමක් සිදු කර ඇති බවයි.

ලෝකය පුරා 2005-2020 දක්වා ලිංගික සෞඛ්‍ය පිළිබඳ ලියවුනු ජාත්‍යන්තර ලියවිලි සටහන් අතර ලිංගික තෘප්තිය ගැන කතා කර ඇත්තේ 33 වතාවක් පමණක් බව පර්ය‍ේෂණවලදී හෙලිවී ඇත.

Sex Edu 5

මේ අවස්ථාවන්හිදීද ඒවා ලිංගිකව බෝවන රෝග සහ කොන්ඩම් පාවිච්චිය යන කාරණාවලට සීමා කර ඇත. කොන්ඩම් පාවිච්චිය සම්බන්ධයෙන් තෘප්තිය අදාල කරගනිමින් කතා කළ මේ අවස්ථාවන් 08න් පමණක් වුවත් ධනාත්මක කැපී පෙනෙන කොන්ඩම් පාවිච්චි ගැන උනන්දුවක් ඇති වී ඇති බව පැහැදිලිය.

මේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ලිංගික තෘප්තිය ලිංගික අධ්‍යාපනයට අදාල කරගැනීමෙන් ලිංගික සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉතාම ධනාත්මක ප්‍රතිඵල ඇති කරගත හැකි බවයි. නමුත් මේ සාකච්ඡාවන් ලිංගික අධ්‍යාපන විෂයට අන්තර්ගත කොට නැත.

Sex Edu 4

පාසැල් ඇතැම් විට දෙමව්පියන්ගෙන් විරෝධය මතුවේ යැයි බියෙන් ලිංගික තෘප්තිය පිළිබඳ කාරණා කතා නොකරයි. එයින් තරුණ පිරිස් ලිංගික ක්‍රියාවල යෙදෙන්නට වඩා උනන්දු කිරීමක් සිදුවේ යැයි දෙමව්පියන් සිතනු ඇතැයි ඔවුන් බියෙන් පසුවෙයි.

Sex Edu 3

නවසීලන්තයේ සිදු කළ පර්යේෂණයකින් පැහැදිලි වන්නේ තරුණ පිරිස් තමන්ගේ ජීවිතයට අදාල නොවන සහ අවදානම පමණක් ඉස්මතු කරන මේ ලිංගික අධ්‍යාපනයෙන් වෙහෙසට පත්ව ඇති බවයි.

Sex Edu 2

පවුල් සැලසුම් අධ්‍යාපන පද්ධතියට‍ 2007 සිට ලිංගික තෘප්තිය යන කාරණය අඩංගු කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම ගුරුවරුන්ට වැඩි ආත්ම විශ්වාසයකින් මේ කරුණු ඉගැන්වීමට හැකියාවක් ඇති කිරීමටත්, එමගින් වඩා ඵලදායී ලිංගික අධ්‍යාපනයක් ලබාදීමටත් ඔවුන් අතිරේකව සහාය දක්වයි.

Sex Edu 1

ලිංගික තෘප්තිය නැති ලිංගික අධ්‍යාපනය විෂමලිංගිකත්වයට සීමා වුනු, අසාධාරණ ලෙස පටු කරන ලද, වෛද්‍යමය මුහුණුවරක් ගනු ඇති අතර එය අවදානම මගහැරීම යන කාරණයට පමණක් සීමා වේ.


(උපුටා ගැනීම - Faculty of Sex)

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලිංගික තෘප්තිය ගැන කතා නොකරන ලිංගික අධ්‍යාපනය හානිකරයි | The Leader