The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ස්වයං වින්දනය කළොත් අපායෙ යයිද? -කැකිරාවේ සුදස්සන හිමි

T

The Leader Desk

March 5, 2022 • 10:27 AM

 ස්වයං වින්දනය කළොත් අපායෙ යයිද? -කැකිරාවේ සුදස්සන හිමි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (සුක්කවිස්සට්ඨි – ස්වයං වින්දනය පිළිබඳව බුදුන්වහන්සේගේ ඉගැන්වීම)
  • මුහුණේ කිසිම ප්‍රසන්නබවක් නොමැත.”සෙය්යසක” නම් ඒ භික්ෂුව දුටු උදායි හිමියන් උන්වහන්සේ අමතා ගැටලුව කුමක්දැයි ඇසීය.
  • සෙයියසක හිමියන් රාගයට ඇති ලැදිකම ප්‍රකාශ කළ අතර සසුන අත්හැර නොයා ස්වයං වින්දනයෙ යෙදෙන ලෙස උපදෙස් දෙන ලදි.
  • ශුක්‍රාණු පිටකරන අවස්ථා කුමක්ද යන්න බුදුදහමේ දක්වා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කෑම අරුචිය හා ඇග වැහැරුණු භික්ෂුවකි. මුහුණේ කිසිම ප්‍රසන්නබවක් නොමැත.”සෙය්යසක” නම් ඒ භික්ෂුව දුටු උදායි හිමියන් උන්වහන්සේ අමතා ගැටලුව කුමක්දැයි ඇසීය.

සෙයියසක හිමියන් රාගයට ඇති ලැදිකම ප්‍රකාශ කළ අතර සසුන අත්හැර නොයා ස්වයං වින්දනයෙ යෙදෙන ලෙස උපදෙස් දෙන ලදි.

සෙයියසක හිමියන් හස්ත උපක්‍රමයෙන් වින්දනය ලබාගත් අතර මේ පිළිබඳව දැනගත් අනෙක් භික්ෂූන් බුදුන්වහන්සේ හමුවට සෙයියසක හිමියන් පමුණුවන ලදි.

ශුක්‍රාණු පිටකරන අවස්ථා කුමක්ද යන්න බුදුදහමේ දක්වා ඇත.


1. නිරෝගීකම පිණිස
2. සැප පිණිස
3. දරුබීජයක් වෙනුවෙන්
4. බෙහෙත් පිණිස
5. වර්ණය සොයාබැලීමට
6. දානය පිණිස (මේ දරුපල නැති අයට දරුවන් ලබා ගැනීමට ශුක්‍රාණු පරිත්‍යාග කිරීමයි)
7. විනෝදයට



ස්වයං වින්දනය ගිහි ජීවිතය උදෙසා වූවක් බවත් එය බ්‍රහ්මචර්‍යාව පුරන භික්ෂුවට නුසුදුසු නිසාත් “දැන දැන ශුක්‍රමෝචනය (ස්වයං වින්දනය) තහනම් කරන ලදි.

එහෙත් එය සසුනෙන් නෙරපීමට තරම් බරපතල වරදක් ලෙස නොදුටු බුදුන්වහන්සේ සිල්වත් වැඩිමහලු භික්ෂුවකට වරද ප්‍රකාශ කර, වරදින් නිදහස් විය හැකිබව ප්‍රකාශ කරන ලදි.

මේ බුදුන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මානවයන්ගේ ලිංගිකත්වය පිළිගත් ආකාරයයි.

මහමෙව්නාවේ බණ කරුවන් හා විකාර ධර්ම දේශකයන් ලිංගිකත්වය සදාචාර විරෝධී දෙයක් ලෙස හංවඩු ගැසීම නියම බුද්ධ දේශනාවට පටහැනිය. ඒ විකාර කතා නිසා අද ලංකාව අපයෝජන ,ඝාතන, දික්කසාද , අනියම් සම්බන්ධතා, ව්‍යභිචාරය ආදී අර්බුධයන්ට පැමිණ ඇත.

(ස්වයං වින්දනය ගිහියාට තහනම් නැත. ස්වයං වින්දනය තහනම් කර ඇත්තේ භික්ෂුවටය.)

සංස්කෘතික වහලය ගලවන්න – ඡන්නං විවරේථ…. ලංකාවේ ගමන්මග කොයිබටද ?


(කැකිරාවේ සුදස්සන හිමි)

(උපුටා ගැනීම - facultyofsex.com)

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...