The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

ගැමි ගොවි විප්ලවය නොදුටු වම - මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

T

The Leader Desk

February 15, 2022 • 6:52 AM

ගැමි ගොවි විප්ලවය නොදුටු වම - මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට තුළ අමුතුම සමාජ ප්‍රවණතා මතුව පැතිර යන කාලයකට අපි ඇවිල්ල ඉන්නවා. එය සුභ සාධන රජය ගලවා දැමීමත් සමඟ බිහිවුන පෙළගැසීමක්.
  • ගමට ලොක්ක වුනේ ඒ තුළ ඇති වන එකමුතු භාවයයි.
  • රජය පත් කරන ගම් මුලෑදෑණියන්ටත් වැඩ කරන්න සිද්ද වුනේ ගම තුළම ඇති වන මේ ජන පෙළ ගැසීම තුළයි.
  • ගමට උරුම නායක පෙළ ගැසීමත්, ගමට පත් වෙලා එන නිලධාරීනුත් අතර ආරවුල් මුලදී ඇති වුනත්, එදා සිටි දේශපාලන නායකයන් ජනතාවාදීව මැදිහත් වී ගම තුළ ඒවා ප්‍රජාතන්ත්‍රවාදී ලෙසට ඉදිරිපත් කිරීමෙන් සමනය වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):



එහි උපත එක අතකින්, මහින්ද සමඟ ගෙන ආ අලුත් පෙළගැසීම කියන්නත් පුළුවන්.

ඒත් එයාලට ඇමරිකාව, ඉන්දියාව, ජපානය හරහා හමා යන ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනියමට යටත් වෙන්නත් වෙලා. ඒ නිසා කියන තරමට යකා ලොකු නෑ කියන්නත් පුළුවන්.

හැබැයි හැමදේම අලුත් වගේ පෙනෙන්නේ. ඒ නිසා තරුණ අයගේ ඇදීමකුත් තියෙනවා. ඒත් සුභසාධන රජයේ වැටීම දුප්පතාට බලවත් පහරක්.

විශේෂයෙන්ම ගම්බදව දියත් වී පැතිරී තිබූ සමූපාකාර ව්‍යාපාරයන් ගෙන ගිය නායකත්වයන් වැටීම ලොකු පාඩුවක්. ගැමි සමූහ බලය තුළ ගොඩනැගුන මේ සංවිධානය ලොකු වැඩක් එදිනෙදා ජීවිතයට කළා.

ඒ නායකත්වය පැරණි කල තිබුණා. ආදි කාලීන ගමරාලගෙන් ගලා එන්නක් ඒක. ගමට ලොක්ක වුනේ ඒ තුළ ඇති වන එකමුතු භාවයයි.

සමහරු කුලය බලය කරගත්ත කිව්වත්, එය බලපෑවේ නෑ. කුලයට වඩා තමන්ගේ නායකත්වය ගැනීමේ, වගකීම් දැරීමේ හපන්කම තුළ ගමේ මුල්තැන ලබාගැනීම දිගටම සිද්ද වුනා. රජය පත් කරන ගම් මුලෑදෑණියන්ටත් වැඩ කරන්න සිද්ද වුනේ ගම තුළම ඇති වන මේ ජන පෙළ ගැසීම තුළයි.

ගම තුළට නවීන ක්‍රමයට එක එක රාජ්‍ය දෙපාර්තමේන්තු වල නිලධාරීන් නම් කොට එන්න පටන් ගත් විට, මේ ගමට ලොකු වෙනස්කම් වලට මුහුණ දෙන්නට සිදු වුනා. ගමට උරුම නායක පෙළ ගැසීමත්, ගමට පත් වෙලා එන නිලධාරීනුත් අතර ආරවුල් මුලදී ඇති වුනත්, එදා සිටි දේශපාලන නායකයන් ජනතාවාදීව මැදිහත් වී ගම තුළ ඒවා ප්‍රජාතන්ත්‍රවාදී ලෙසට ඉදිරිපත් කිරීමෙන් සමනය වුනා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලික අඩිතාලම වුනේ මේ නූතන දියුණුව ගමට ඇතුල් කිරීම යි.

 

ගම තුළ උසස් පහත් භේදය, පරණ ක්‍රමයට වඩා දැන උගත්කමට ඉඩ දීමක් ලෙසට එය දියත් වුනා. එය දැනුමට වඩා සම්ප්‍රදාය උඩ තැබීමට විරුද්ධ පිළිවෙලක් ලෙස දියත් වුනා කිව්වොත් හරි. මොකද එදා දැනුම ගලා ගියේ පවුල් වලින්.

 

නමුත්, දැන් නිදහස් අධ්‍යාපනය තුළ පවුල් ඉක්මවා දැනුම පහලට ගලා ගියා. ඒ අනුව පරම්පරා දැනුම ගලායාමට ඉහලින්, පාසල් දැනුම ගලා යෑම ඉදිරිපත් වීම පිළිගත යුතුයි. අනෙක් අතට පාරම්පරික පවුල් තුළ දැනුම ගලා යාමත් එයටම සමපාත වුනා. ලොකු පරම්පරාවල් තම දරුවන් ඉගෙනීමට තල්ලු කරද්දී, අනික් අය ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වූවේ නෑ.

මේ ගැන එදා ලියූ පොත පත තුළත් කථා වුනා. මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ පොත් වල මේ ගම උදාව යසට පෙන්වා දී තිබෙනවා. එලෙස මෙය දේශපාලනය තුළින් මෙන්ම ගම දියුණු වීමත් තුළින් සිදු වූ විපර්යාසයක් ලෙස පෙන්වා දී තිබෙනවා.

වාමාංශික පක්ෂ යට කරගෙන විප්ලවකාරී බලයක් ලෙසට ගමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුල් වුනේ මේ ගැමි විප්ලවයට එය මුල් වූ නිසයි.

 

සම සමාජයට බුදු දහම තුළ තිබෙන විප්ලවකාරී හරයට ඇතුල් වීමට බැරි වුනා කියල බොහෝ උගතුන් කියනවා. ගම තුළ ඇති බෙදීම් පන්සල තුළ සමහන් වීම, නිදහස් පක්ෂයට ඉඩක් පාදා දුන්නා. වමට එයට ඇතුල් වීමට එකවර බැරි වුනා.

 

සමහර සමසමාජ නායකයන් බුදු දහම තුළ තිබෙන විප්ලවකාරී ගුණයන් එලියට ගන්න වැඩ කළා. ඒත් නිදහස් පක්ෂය තුළ එය වඩා ලේසියෙන් ගලා ගියා.

එලෙසට ජනතාවාදය ගම තුළ ගලා ගිය දෙයක් ලෙසට පෙනුනා.

නගරය තුළ වමට බලයක් ලැබුනත්, ගමතුළ ඇති වුන යුක්තිය, සාධාරණය සහ නිදහස වඩාත් විකසිත දෙයක් ලෙසට ගලා ආවා අපූරු සුවඳක් සමඟ.

වම නිදහස සඳහා සටනට මැදිහත් වුනේ මේ ගමතුළ පෙරළිය හරියට දැනගෙන නෙවෙයි. එයිනුත් නිදහස් පක්ෂයට ඉඩක් ලැබුණා එලියට එන්න.

ගමතුළ පංති සටන නිදහස් අධ්‍යාපනය දියත් වීමෙන් ගලා ගියා. සමහර වාමාංශිකයන් මෙය හදුනාගෙන එයට ඇතුල් වුනා.

තමන් රෙදි බැනියම් මගින්, සරම මගින් වැඩට බැසීමට නිදහස් පක්ෂය කටයුතු කළා. මේ ගැන දනුමක් ඇති වාමාංශික නායකයින්, සරමට බැහැල රෙදි බැනියමට බැහැල වැඩ කළා. ලෙස්ලි ගුණවර්ධන ඉන් එක් අයෙක්. නමුත් වැඩි දෙනෙක් ගම මඟඇරල ටවුමට මුල් වුනා. එයිනුත් නිදහස් පක්ෂය වාසිය ලබා ගත්තා.

ගැමි දුප්පතුන් යුක්තිය, සාධාරණය හා නිදහස සඳහා ධනපති නිදහස් පක්ෂයට යාම තුළින්, රටේ වාමාංශික ජනතාවට ප්‍රශ්නයක් වුනා. එයින් සමසමාජ පක්ෂයට නිදහස් පක්ෂය සමඟ එක්වීම අනියම් බලපෑමක් ඇති වුනා.

එදා පොදු පෙරමුණ බිහි වුනේ මේ තෙරපුම නිසයි. එය ඇත්තටම කම්කරුවන් නිදහස් ධනවාදයට යටවීමයි. එක් අතකට එය පොදුජන පෙරමුණ කියල කියන්න පුළුවන්. සුභසාධන රජයක් හැටියට එය වැඩ කළ නිසා.

 

එහි ප්‍රභල ප්‍රශ්නයක් වුනේ සිංහල ජාතිය රකින පක්ෂයක් වීමයි. ඒ නිසා පෙරමුණ මේ සිංහල ජාතියට සීමා වූ බලයක් වුනා. දෙමළ මුස්ලිම් බර්ගර් ආදී අනෙක් ජන කොටස් වලට මහා බලයකින් බැට කන්න සිද්ද වුනා. සිංහල ජනතාව තමන්ගේ අයිතිය වෙනුවෙන් සුළු ජාතීන්ට වෙනස්කම් කිරීමට බලපෑම ඇති වුනා. අවසානයේදී සමසමාජයත් මේ ජාතිවාදී බලයට යට වුනා.

 

ලංකා ඉතිහාසයේ නපුරුම කාලය ඇති වුනේ ඒ ලෙසටයි.

සමාජවාදී කියමින් ජනසතු කළත්, යටි තලයේ ගමන් කළේ සිංහල ජාතිවාදී බලවේගයයි.

තවමත් මේ වැරදි නිසා අපට යුක්තිය, සාධාරණය, නිදහස ලබා ගන්නට බැරිවුනා.

නැවත නැවතත් අපට වැරදුන හැටි මතක් කරන්නට වෙන්නේ ඒ නිසයි. එය ලියන්නාගේ යුතුකමයි. ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීම.


(මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න)
නව සමසමාජ පක්ෂයේ නායක

2022.02.12

 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...