The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

# නිදහසක් නෑ බන්! : නිදහසේ සිහිනය දකින්නට හෝ කෝ අපට නිදහසක් ? -ගයාත්‍රී නවරත්න

T

The Leader Desk

February 4, 2022 • 5:32 AM

# නිදහසක් නෑ බන්! : නිදහසේ සිහිනය දකින්නට හෝ කෝ අපට නිදහසක් ? -ගයාත්‍රී නවරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව නිදහස යැයි කියන දේ දිනා ගන්නා කාල වකවානුවේ පටන් එහි සැබෑ අරුත සොයනා මේ මොහොත දක්වා ස්ත්‍රීපුරුෂ සමාජභාවී වෙනසකින්
  •     සිරිමාවෝ, චන්ද්‍රිකා නම් පෙරමුණේ තබමින් ඉතිහාසය පිලිබඳ උදම් ඇනුවද කාන්තා දේශපාලන සහභාගීත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වර්තමානය දෙස බැලීමේදී රටවල් 184කින් අප සිටින්නේ 178 වන ස්ථානයේය.
  • සමස්ත ජනගහණයෙන් 51%ක කාන්තා බහුතරය නියෝජනය කිරීම සඳහා ව්‍යවස්තායකය තුල සිටින්නේ 5.4%ක සුළුතරයකි.
  • සකල ශ්‍රී ලාංකිකයින්ගේ මුදුන් මල්කඩවන් වන දන්ත දාතුව හිසෙහි දරාගෙන ආ, ජය ශ්‍රී මහා බෝධිය දෝත දරාගෙන ආ ගැහැනුන්ට අදත් මාසික ඔසප් දිනයට පන්සල අකැපය.
අකුරු ප්‍රමාණය (Font Size):
තොරව සියලු දෙනා නිදහස උදෙසා සිහින දකිති, වෙහෙසෙති, කැපවෙති.

එහෙත්, එම නිදහසේ සිහිනය යථාර්ථයක් කරගැනීම මේ දකුණු ආසියාතික පරාධීන සමාජය තුළ කාන්තාවට අසීරු කටයුත්තකි.

මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය දරා සිටින්නේ නිදහස පිලිබඳ සිහින පසෙකලා මැදපෙරදිගට ජිවිත උකස් කළ කුමාරි අක්කලා වැනි ගැහැනුන්ය.
 
 
සිරිමාවෝ, චන්ද්‍රිකා නම් පෙරමුණේ තබමින් ඉතිහාසය පිලිබඳ උදම් ඇනුවද කාන්තා දේශපාලන සහභාගීත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වර්තමානය දෙස බැලීමේදී රටවල් 184කින් අප සිටින්නේ 178 වන ස්ථානයේය. සමස්ත ජනගහණයෙන් 51%ක කාන්තා බහුතරය නියෝජනය කිරීම සඳහා ව්‍යවස්තායකය තුල සිටින්නේ 5.4%ක සුළුතරයකි.  
 
 
සැමියා, හෝ පියාගේ පාරම්පරික උරුමයෙන් ඔබ්බට ගිය කාන්තා දේශපාලන සහභාගීත්වයක් පිලිබඳ සිහින සැබෑ කර ගැනුමට මැලිවන තරමට තවමත් ශ්‍රී ලාංකික දේශපාලනය ළදරු මට්ටමක පවතී.

වර්තමානය වනවිට කාන්තා කටයුතු උදෙසා අමාත්‍යාංශයක් හෝ වෙන් කිරීමට පාලකයින් උත්සුක නොවීමෙන් ඔවුන් කාන්තාව උදෙසා දක්වන සැලකිල්ලෙ පරිමාව ප්‍රදර්ශනය වේ.

සකල ශ්‍රී ලාංකිකයින්ගේ මුදුන් මල්කඩවන් වන දන්ත දාතුව හිසෙහි දරාගෙන ආ, ජය ශ්‍රී මහා බෝධිය දෝත දරාගෙන ආ ගැහැනුන්ට අදත් මාසික ඔසප් දිනයට පන්සල අකැපය.

ඒ තබා ගෙදර බුදුන් හට සනීපාරක්ෂක පහසුකම් මිලාධිකය. ජීවවිද්‍යාත්මක ක්‍රියාවලින් නිසියාකාරව ගත කිරීමේ නිදහස ශ්‍රී ලංකාවේ ගැහැනුන්ට තවමත් රහසිගතය, කිලිය.

ශ්‍රී ලංකාවේ ගෙදර බුදුන්ගෙන් සෑම පස්දෙනෙක්ගෙන් එක් අයෙකුම එම බුදුවරියගේ සැමියාගෙන් පහර කන බව පර්යේෂණයන් හෙළි කරයි. වැඩ ඇරී වැඩට යන ලංකාවේ සෑම ගැහැනුන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුම වැඩ කරන ස්ථානයේදී හෝ පොදු ප්‍රවාහන සේවයේදී හිංසනයට ලක්වන බව පර්යේෂණ දත්ත හෙළි කරයි.

ඉතින් පරමාධිපත්‍ය බලය ස්ත්‍රීපුරුෂ සමාජභාවී වෙනසකින් තොරව දිනා ගැනුමට සටන් වැදී ඇග්නස් සිල්වලා, ඩේසී බන්ඩාරණායකලාගේ සිට වර්තමානයේ තම නිදහස උදෙසා සිහින දකින ගැහැනුන්ට නිදහසේ ඒ සිහිනය දකින්නට හෝ කෝ නිදහසක්?


IMG 2021.12.21(ගයාත්‍රී නවරත්න)
සමාජ ක්‍රියාකාරිනි හා නිදහස් ලේඛිකා 
 
 
 
 
 
 

Leader Whats app


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...