BREAKING
Top Ad
විශේෂාංග

විමුක්ති දේශපාලනයට එන එක අවුල් ද? - (FreedomTV වීඩියෝවක්)

T

The Leader

September 13, 2022 • 12:50 AM

විමුක්ති දේශපාලනයට එන එක අවුල් ද? - (FreedomTV වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගගේ පුත් විමුක්ති කුමාරතුංග නොදුරේදීම දේශපාලනයට පිවිසීමට නියමිත බවට පසුගිය දින කිහිපයේම මාධ්‍ය
  •  ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් පිහිටුවන ලද නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ධූරයට පත් කිරිමට නියමිත බවත් එවැනි මාධ්‍ය වාර්තාවල සඳහන්වේ.
  • මේ දිනවල එම පක්ෂයේ ආසන සංවිධායක සහ දිස්ත්‍රික් සංවිධායක ධූර සඳහා පත්කිරීම් කරමින් තිබෙනා අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගම්පහ දිස්ත්‍රිකයේත්, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග කොළඹ දිස්ත්‍රික්කයේත් නායකත්වයට පත්කිරීමට යෝජිත බවත් පැවසේ.
  • විමුක්ති මූලික කරගෙන ආපහු නිදහස් පක්ෂය ගොඩනගන එක මේ රටට අවශ්‍ය දෙයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔස්සේ පුළුල් ප්‍රචාරයක් දියත්වෙමින් තිබේ.

 ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් පිහිටුවන ලද නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ධූරයට පත් කිරිමට නියමිත බවත් එවැනි මාධ්‍ය වාර්තාවල සඳහන්වේ.

මේ දිනවල එම පක්ෂයේ ආසන සංවිධායක සහ දිස්ත්‍රික් සංවිධායක ධූර සඳහා පත්කිරීම් කරමින් තිබෙනා අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගම්පහ දිස්ත්‍රිකයේත්, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග කොළඹ දිස්ත්‍රික්කයේත් නායකත්වයට පත්කිරීමට යෝජිත බවත් පැවසේ.

මෙම කාරණය සම්බන්ධයෙන් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද අදහස් දක්වමින් සිටිති.

'' විමුක්ති කුමාරතුංග දේශපාලනයට එනවා කියල නොයෙකුත් කතන්දර තියෙනවා. ඒක එහෙම වෙනවා නං මම ගොඩක් කැමතියි. විමුක්ති මූලික කරගෙන ආපහු නිදහස් පක්ෂය ගොඩනගන එක මේ රටට අවශ්‍ය දෙයක්. 2030 නාමල් එන එක නවත්තන්න පුළුවන් එකම මග ඒක. ඒත් වෙල්ගම විසින් පටන්ගත්ත පෙන්ෂන් පක්ෂය වගේ එකකින් මේ ඕනකරන ජවය දෙන්න පුළුවන් ද කියන එක සැකයක්.'' එවැනි ප්‍රකාශයක් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇත්තේ, දේශපාලන විශ්ලේෂක චින්තන ධර්මදාස.


එවැනිම ප්‍රකට දේශපාලන විශ්ලේෂකයකු මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන කථිකාචාර්ය මහේෂ් හපුගොඩ සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇත්තේ මෙවැනි සටහනක්.

wimkuthi

විමුක්ති සම්බන්ධයෙන් එවැනි පුළුල් සංවාදයක් මතුවෙමින් තිබියදී FreedomTV සමාජ මාධ්‍ය නාලිකාව ඒ සම්බන්ධයෙන් වෙනත් දේශපාලන විග්‍රහයක් ඉදිරිපත්කර ඇත.

අහලම බලන්න ...




 

FreedomTV වෙනත් වීඩියෝ :







The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...