The Leader News
BREAKING
භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●
Top Ad
පුවත්

රාජ්‍ය ආයතන සුද්ද කිරිමේ ‘සෙයිරි සතිය’ අද (01) ඇරඹේ

T

The Leader Desk

September 1, 2025 • 5:41 AM

රාජ්‍ය ආයතන සුද්ද කිරිමේ ‘සෙයිරි සතිය’ අද (01) ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි ඉටු කිරීම සඳහා නිදහස්, පිරිසිදු සහ සෞඛ්‍යාරක්ෂිත වැඩ පරිසරයක් නිර්මාණය කිරීමයි.
  • ඒ අනුව, රාජ්‍ය ආයතන තුළ සීමිත ඉඩකඩ ප්‍රශස්ත ලෙස භාවිත කරමින්, ගොඩගැසී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම මෙහිදී ප්‍රමුඛ කාර්යයක් වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
  • රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථා ප්‍රධානීන්ට නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව, මෙම සතිය තුළ සෑම දිනකම උදෑසන කාලයෙන් පැය දෙකක් ආයතන පිරිසිදු කිරීම සහ සංවිධානය කිරීම සඳහා යෙදවිය යුතුය.
  • ගොඩනැගිලි ඇතුළත මෙන්ම බාහිර පරිසරය, ආයතනයට පිවිසෙන මාර්ග සහ මාර්ග දෙපස අලංකාරව පවත්වා ගැනීමටත්, විශේෂයෙන් ආබාධිත ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැලසීමටත් මෙහිදී අවධානය යොමු කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි ඉටු කිරීම සඳහා නිදහස්, පිරිසිදු සහ සෞඛ්‍යාරක්ෂිත වැඩ පරිසරයක් නිර්මාණය කිරීමයි.

ඵලදායීතාව පිළිබඳ පංචවිධ සංකල්පයට අයත් ‘සෙයිරි’ යන්නෙන්, ආයතනයකට අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනාගෙන අනවශ්‍ය දෑ බැහැර කිරීම අදහස් කෙරේ. ඒ අනුව, රාජ්‍ය ආයතන තුළ සීමිත ඉඩකඩ ප්‍රශස්ත ලෙස භාවිත කරමින්, ගොඩගැසී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම මෙහිදී ප්‍රමුඛ කාර්යයක් වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථා ප්‍රධානීන්ට නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව, මෙම සතිය තුළ සෑම දිනකම උදෑසන කාලයෙන් පැය දෙකක් ආයතන පිරිසිදු කිරීම සහ සංවිධානය කිරීම සඳහා යෙදවිය යුතුය. ගොඩනැගිලි ඇතුළත මෙන්ම බාහිර පරිසරය, ආයතනයට පිවිසෙන මාර්ග සහ මාර්ග දෙපස අලංකාරව පවත්වා ගැනීමටත්, විශේෂයෙන් ආබාධිත ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැලසීමටත් මෙහිදී අවධානය යොමු කෙරේ.

තවද, භාවිතයට ගත නොහැකි ඉන්වෙන්ට්‍රි භාණ්ඩ, පැරණි මෝටර් රථ සහ ලිපිගොනු නිසි ක්‍රමවේදයකට අනුව බැහැර කරන ලෙසට ද උපදෙස් දී ඇත.

මෙම ‘සෙයිරි සතිය’ එක්වරක් පමණක් ක්‍රියාත්මක කර නතර නොකර, එමගින් ඇති කරන සංවිධිත පරිසරය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ස්ථිර ක්‍රමවේදයක් සකස් කර, ඒ සඳහා නිලධාරියෙකුට වගකීම් පවරන ලෙසද සියලුම ආයතන ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...