BREAKING
ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●
Top Ad
පුවත්

සුරේෂ් සලේගේ රඳවා ගැනීමට එරෙහි පෙත්සමේ අතරමැදි පාර්ශ්ව සලකා බැලීම අගෝස්තු 06ට කල් යයි!

T

The Leader Desk

August 4, 2026 • 4:46 PM

සුරේෂ් සලේගේ රඳවා ගැනීමට එරෙහි පෙත්සමේ අතරමැදි පාර්ශ්ව සලකා බැලීම අගෝස්තු 06ට කල් යයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපතිවරයාගෙන් අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක්
  • මෙම නඩුවේදී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් තමන් විරෝධයක් පළ නොකරන බවයි.
  • සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් සහ ඊට අදාළ හැන්සාඩ් වාර්තාව උපුටා දක්වමින් ජනාධිපති නීතිඥවරයා තර්ක කළේ, කතෝලික පල්ලියේ ඉල්ලීම මත යම් විමර්ශකයන් පත්කර ඇති පසුබිමක සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කළ නොහැකි බවයි.
  • එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ විමර්ශන කමිටු මගින් යම් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස කර තිබූ නිර්දේශ සහ ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධයෙන් පවතින මතවාද හමුදාවලට තරුණයන් එක්වීම කෙරෙහි බලපෑ හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


විමර්ශකයන්ගේ පත්කිරීම් සහ PTA භාවිතය ගැන නීතිඥවරුන්ගෙන් දීර්ඝ තර්ක විතර්ක

අභියාචනාධිකරණ හමුවේ නීතිමය ක්‍රියාමාර්ගය

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට ඉදිරිපත් වූ අතරමැදි පෙත්සම් අද (04) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුණි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් කැඳවනු ලැබූ අතර, වැඩිදුර සලකා බැලීම අගෝස්තු 06 වන දා තෙක් කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

මෙම නඩුවේදී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් තමන් විරෝධයක් පළ නොකරන බවයි. කෙසේ වෙතත්, වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් පූර්ව නඩු තීන්දු කිහිපයක් උපුටා දක්වමින් මෙම අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

විමර්ශකයන් පත්කිරීම සම්බන්ධයෙන් එල්ල වූ තර්ක

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ විමර්ශන සඳහා නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතීත්වය පිළිබඳ ගැටලු පවතින බවයි. සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් සහ ඊට අදාළ හැන්සාඩ් වාර්තාව උපුටා දක්වමින් ජනාධිපති නීතිඥවරයා තර්ක කළේ, කතෝලික පල්ලියේ ඉල්ලීම මත යම් විමර්ශකයන් පත්කර ඇති පසුබිමක සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කළ නොහැකි බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ විමර්ශන කමිටු මගින් යම් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස කර තිබූ නිර්දේශ සහ ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධයෙන් පවතින මතවාද හමුදාවලට තරුණයන් එක්වීම කෙරෙහි බලපෑ හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

PTA භාවිතය සහ ඉදිරි පෙත්සම් විභාගය

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලන හෝ පුද්ගලික අරමුණු උදෙසා අවභාවිත කිරීමට ඉඩ දිය නොහැකි බවයි. වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව මෙන්ම ජාත්‍යන්තර විමර්ශන වාර්තා උපුටා දක්වමින් ඔහු පෙන්වා දුන්නේ මෙම පනත අවභාවිත කරමින් සිදුකරන අත්අඩංගුවට ගැනීම් නීතිවිරෝධී බවයි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ පෙත්සමට පක්ෂව සහ විරුද්ධව ඉදිරිපත්ව ඇති සියලු අතරමැදි පෙත්සම් පිළිබඳ අධිකරණයේ අවධානය යොමු කරන බවත්, අදාළ දේශන විනාඩි 10 ක කාලයකට සීමා කරන ලෙසත්ය. මේ වන විට සුරේෂ් සලේ ගේ පෙත්සමට සහය පළ කරමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ඇතුළු පාර්ශ්ව 8 ක් අතරමැදි පෙත්සම් ගොනු කර ඇති අතර, ඊට එරෙහිව අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමියන් ද පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...