The Leader News
BREAKING
කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●ණය ශ්‍රේණිය ඉහළ යාම සැබෑ ආර්ථික දියුණුවක්ද? දිලිත් පහදයි●Diginote | ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට●දිට්වා කුණාටුවෙන් බිඳුණු කඳුකර ගොවිබිම යළි පණගන්වන ජාත්‍යන්තර මෙහෙයුම●යුද සමයේ සහන සේවා ප්‍රහාර ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න: UN ඉල්ලයි●ලාෆ්ස් ගෑස් අර්බුදය: පාරිභෝගිකයාටත් කොටස් වෙළෙඳපොළටත් තීරණාත්මක සතියක්●එයාර්බස් ගනුදෙනුවේ නඩුවට ප්‍රංශ මූල්‍ය විමර්ශිකාවක් ශ්‍රී ලංකාවට●සුරේෂ් සලේගේ පෙත්සම් නියෝගය ජනවාරි 28 දක්වා කල් යයි●
Top Ad
විශේෂාංග

කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු

Nethmini

Nethmini

November 28, 2026 • 12:42 PM

කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමරසේන කංකානම්ගේ සූරීන් කැලණියේ ගුරුකුල විදුහලේ අසූව දශකයේ එක්තරා කාලයක කලා අංශය බාරව හිටියේ අමරසේන සර් ය.
  • කවි රචකයෙක් වන හෙතෙම සොබා දහමට පුදුම ලෙසට ඇළුම් ක කෙනෙකි; ඉගැන්වූයේ කැලණියේ ය; ඉපදුනේ මාතර අපරැක්කේ ය.
  • එදා කුණු කූඩෙට දාන්න කියපු සින්දුවක් තමයි මේ… නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී.
අකුරු ප්‍රමාණය (Font Size):

 අමරසේන කංකානම්ගේ සූරීන්

කැලණියේ ගුරුකුල විදුහලේ අසූව දශකයේ එක්තරා කාලයක කලා අංශය බාරව හිටියේ අමරසේන සර් ය. කවි රචකයෙක් වන හෙතෙම සොබා දහමට පුදුම ලෙසට ඇළුම් ක කෙනෙකි; ඉගැන්වූයේ කැලණියේ ය; ඉපදුනේ මාතර අපරැක්කේ ය.

1982 වර්ශයේ දවසක ගුරුකුලේ විදුහල්පතිතුමා යම් අයෙක් කැටුව අමරසේන සර් හමුවන්න පැමිණියා.

''මේ තමයි අපේ අළුත් සංගීත ගුරුතුමා''

ඔන්න ඔහොම මේ කඩවසම් සංගීත ගුරුතුමා ඔහුට හඳුන්වා දෙනවා.

අමරසේන සර් කවියෙක්. සොබා දහම මුහු කරගෙන කවි පොත් කීපයක් ම රචනා කල අයෙක්.

දවසක් මේ කවිපොත් කීපයක් රැගෙන විත් මේ සංගීත ආචාර්‍ය වරයාට පෙන්වනවා. ඒවා කියවපු ඔහු කියනවා ''අමරසේන සර් මට සින්දු දෙක තුනක් ලියලා දෙන්නකෝ…'' කියල.

''අනේ මම කවි ලීවට සින්දු ලියලා නෑ. අනික මට සින්දු ලියන්නත් බෑ…''

මේ සංගීත ගුරුතුමා ගේ ඇවිටිල්ල නිසා ම දවසක් සින්දු දෙකක් ලියාගෙන කාටත් හොරෙන් ලැජ්ජාවෙන් වගේ දෙකට තුනට නවාපු කොළ දෙක දීලා කියනවා ''අනේ මේවා සින්දුද දන්නෑ. හොද නැත්නම් කුණු කූඩෙට දාන්න. කාටවත් පෙන්නන්න නම් එපා…'' කියලා

නවලා තිබුණ කොළ කෑලි දෙක දිග හැරලා සින්දු දෙක කියවූ සංගීත ආචාර්‍යවරයා කුණු ඒ් කොළ කැබලි දෙක කූඩෙට දානවා වෙනුවට තමන්ගේ උඩ සාක්කුවට ම දා ගත්තා; ඒ, සංගීතය නිර්මාණය කිරීම සඳහා රෝහණ වීරසිංහයන්ට ගිහින් දෙන්න.

කෑගල්ලේ ඉපදුණ සංගීත ආචාර්‍යවරයා තමයි එඩ්වඩ් ජයකොඩි; මාතර අපරැක්කේ ඉපදුන කැළණියේ ගුරුකුලේ කලා අංශය බාරව සිටි අමරසේන කංකානම්ගේ ගුරුතුමා සුප්‍රසිද්ධ ගී පද රචකයකු වන්න පාර කැපුවේ ඔන්න ඔය විදියට.

එදා කුණු කූඩෙට දාන්න කියපු සින්දුවක් තමයි මේ…

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා

නුරාවෙන් වෙළී....

මල් පිපෙන සුළඟ නීල වලා

තුළට ගුළි වෙවී...

සඳ හොරෙන් සිනා වී

නිල් දිය මතට පාවෙමින්....

හදේ දොරටු විවර කළෙමි

සොඳුර ඔබෙ නමින් 

කුණු කූඩෙට නොදා එදා එඩ්වඩ් ජයකොඩි ආචාර්‍යවරයා තම උඩ සාක්කුවේ දා ගත්ත අනෙක් සින්දුව තමයි මේ

පින්න මලේ සුද ඇන්න ගිහින් වද

මුහුණ පුරා...

පෙම් පිරිලා

ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර

කන්ද කපා හඳ ගෙට එන්නා

දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්

අන්න බලාපන් ...

අත වනතේ

මන්ද නගේ නුඹ යන්නෙ

ගමෙන් පිට

ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ...

 අමරසේන කංකානම්ගේ සූරීන් ඉපදුණේ එක්දහස් නවසිය හතළිහේ මැයි තිස් වනදා මාතර අපරැක්ක ගමේදී. ඔහුගේ ළගන්නා නිර්මාණවලට පාදක වූයේ තම ළමා විය ගත කල එම ප්‍රදේශයේ සුන්දරත්වය යි.

එම ගමෙහි දිනෙක: තැනක තොවිල් පලක්, තව දිනෙක පන්සලේ සල්පිලේ නාට්‍යක්, ඉරිදා පොලේ කවි කාරයෙක්, ගමේ ඉස්කෝලේ මාසයකට වතාවක් කවි මඬුවක්, හතර අතේ ගහ කොළ , සතා සිවුපාවුන් යනාදි මේ සියල්ල කැටි වූ අපරැක්ක ගම කලාගාරයක්.

මේ සියලු දේ රසවිඳි, අත් දුටු අමරසේන කංකානම්ගේ සූරීන් නිර්මාණකරුවකු වීම අරුමයක් ද…?

එතුමන්ගේ පෑන් තුඩින් අකුරු කල ගීත අතර: 'ඉස්සර විදියට දුවපැන යන එක මතක ද', 'තැන තැන රවුමට ඉඳගෙන' සහ 'චක් ගුඩු ගුඩු' ඉතාමත් ජනප්‍රිය වුණා.

මේ සියලු නිර්මාණ ගීත ප්‍රියයන් වන අප සන්තක කර එතුමන් දෙදහස් විසි එකේ ජුලි විසි හත් වනදා දැයෙන් සමු ගත්තේ ය.

සටහන - නන්දන සුසන්ත බන්ඩාර

උපුටා ගත්තේ Nandana Susantha Bandara Koralaගේ face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...