The Leader News
BREAKING
Top Ad
පුවත්

ජූලි 1 සිට ක්‍රෙඩිට් කාඩ් පොලිය ඉහළට: ලක්ෂ 22ක පාරිභෝගිකයන්ට දැඩි බලපෑමක්!

T

The Leader Desk

June 7, 2026 • 4:13 PM

ජූලි 1 සිට ක්‍රෙඩිට් කාඩ් පොලිය ඉහළට: ලක්ෂ 22ක පාරිභෝගිකයන්ට දැඩි බලපෑමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් (Credit Cards) භාවිතා කරන්නන් සංඛ්‍යාව වන ලක්ෂ 22 ට මෙහි බලපෑමක් ඇතිවේ.
  • එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට බොහෝ දෙනා මෙම කාඩ්පත් භාවිතා කරන අතර ජූලි 01 වෙනිදා සිට එය වැඩි වශයෙන් ඔවුන්ට දැනෙනු ඇතැයි මුල්‍ය විශ්ලේෂකයෝ සඳහන් කරති.
  • පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 1%කින් (පදනම් අංක 100කින්) ඉහළ නැංවීමට තීරණය කළේය.
  • මෙහි සෘජු බලපෑම එල්ල වී ඇත්තේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ටය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් (Credit Cards) භාවිතා කරන්නන් සංඛ්‍යාව වන  ලක්ෂ 22 ට මෙහි බලපෑමක් ඇතිවේ.

එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට බොහෝ දෙනා මෙම කාඩ්පත් භාවිතා කරන අතර  ජූලි 01 වෙනිදා සිට එය වැඩි වශයෙන් ඔවුන්ට දැනෙනු ඇතැයි මුල්‍ය විශ්ලේෂකයෝ සඳහන් කරති.

පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 1%කින් (පදනම් අංක 100කින්) ඉහළ නැංවීමට තීරණය කළේය. මෙහි සෘජු බලපෑම එල්ල වී ඇත්තේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ටය. ඒ අනුව, මෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පැවති 26%ක වාර්ෂික පොලිය, ජූලි 01 වෙනිදා සිට 28% දක්වා ඉහළ නැංවීමට ඇතැම් බැංකු දැනටමත් තීරණය කර අවසන්ය.

මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙන්නේ මේ වසරේ මාර්තු මාසය වන විට මෙරට ක්‍රෙඩිට් කාඩ් හිමියන් බැංකුවලට ආපසු ගෙවිය යුතු මුළු ණය ශේෂය රුපියල් මිලියන 194,105ක් වන බවයි.

ආර්ථික හා මූල්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කරන්නන් තමන්ට මුහුණ දීමට සිදුවන පීඩනය අවම කිරීමට  පහත පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි'

1.  අත්‍යවශ්‍යම දේකට මිස කාඩ්පත භාවිතා නොකරන්න, පවතින ඉහළ පොලිය හමුවේ අනවශ්‍ය වියදම් සඳහා කාඩ්පත භාවිතා කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.

2.  සම්පූර්ණ ණය මුදලම ගෙවන්න, මාසය අවසානයේ අවම ගෙවීම වෙනුවට, සම්පූර්ණ ණය මුදලම (Full Payment) පියවීමට උත්සාහ කරන්න.

3.අමතර කාඩ්පත් අවලංගු කරන්න, තමන් සතුව කාඩ්පත් කිහිපයක් තිබේ නම්, ඒවායේ නඩත්තු ගාස්තු සහ පොලී පීඩනය අවම කර ගැනීම සඳහා අනවශ්‍ය කාඩ්පත් වහාම අවලංගු කරන්න.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...