The Leader News
BREAKING
Top Ad
පුවත්

ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි

අභියාචනාධිකරණ නියෝගයෙන් සිරදඬුවමේ ඉතිරි කාලය ගෙවීමට ගිය ඥානසාර හිමියන්ට සිරකරු අංකයක් ලබාදී සාමාන්‍ය වාට්ටුවක රඳවයි.

Pasan

Pasan

October 5, 2026 • 9:09 PM

ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිර අංකය සහ ජම්පරය ලබාදීම සිරගත කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරකරු අංකයක් ලබා දී සිරකරුවන්ට ලබා දෙන ජම්පරය ලබා දුන් බව අද (05) පස්වරුවේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න පැවසීය.
  • ඒ අනුව උන්වහන්සේගේ චීවරය ඉවත් කර ජම්පරය අන්දවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
  • එමෙන්ම උන්වහන්සේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක රඳවා ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
  • අභියාචනාධිකරණ නියෝගය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාලසීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිර අංකය සහ ජම්පරය ලබාදීම

සිරගත කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරකරු අංකයක් ලබා දී සිරකරුවන්ට ලබා දෙන ජම්පරය ලබා දුන් බව අද (05) පස්වරුවේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න පැවසීය.

ඒ අනුව උන්වහන්සේගේ චීවරය ඉවත් කර ජම්පරය අන්දවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එමෙන්ම උන්වහන්සේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක රඳවා ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.


අභියාචනාධිකරණ නියෝගය

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාලසීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

ඒ, අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, ඥානසාර හිමියන්ට පනවන ලද දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කළේය.

සබැඳි පුවත :

ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග

නරඹන්න :

https://youtu.be/A1VOcj_2SZo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...