දකුණු ආසියානු පාපන්දුවේ වගකීම් තවදුරටත් ව්‍යාප්ත කෙරෙන අමතර ජාත්‍යන්තර පාපන්දු නායකත්ව තනතුරු දෙකක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් විසින් භාරගෙන තිබේ.
ඒ අනුව, දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (සාෆ්) ජ්‍යෙෂ්ඨ උපසභාපති ධූරයට උසස් කරනු ලැබ සිටින උමාර්, දකුණු ආසියානු පාපන්දු තරගාවලි කමිටුවේ සභාපතිවරයා ලෙස ද පත් කර ඇත.
FIFA සහ AFC ජාත්‍යන්තර වගකීම් පුළුල් වෙයි
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) මූලික පදනම හා ආධුනික පාපන්දු කමිටුවේ සාමාජිකයෙකු ලෙසත්, ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සංවර්ධන කමිටුවේ සාමාජිකයෙකු ලෙසත් උමාර් දැනටමත් දරන ජාත්‍යන්තර වගකීම්වලට මේ අලුත් පත්වීම් මගින් තවත් වැදගත් කාර්යභාරයක් එක්ව තිබේ.
කලාපීය හා ජාත්‍යන්තර පාපන්දු ප්‍රජාව තුළ ජස්වර් උමාර් වෙත පවරා ඇති වගකීම්වල වැඩිවීමක් මෙම නව තනතුරුවලින් පිළිබිඹු කරන්නේ දකුණු ආසියානු පාපන්දුවේ සංවර්ධනය වෙනුවෙන් වන ඔහුගේ කාර්යයන්ට තවත් පුළුල් මානයක් එක් කරමිනි.
ජාතික කණ්ඩායමේ පිබිදීම සහ පරිපාලන වෙනස
ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ජාතික කණ්ඩායමේ ශක්තිය වැඩි කිරීම කේන්ද්‍ර කරගෙන ජාත්‍යන්තර වෘත්තීය බලපත්‍රලාභී ප්‍රධාන පුහුණුකරුවෙකු වන අබ්දුල්ලා අල්මුටයිරි පත්කිරීම, ජාත්‍යන්තර තරග සහභාගිත්වය වැඩි කිරීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම හා පාපන්දු සංවර්ධන වැඩසටහන් ව්‍යාප්ත කිරීම ඇතුළු පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 21ක් ඉදිරියට
ශ්‍රී ලංකාවේ FIFA ශ්‍රේණිගත කිරීම් ද මේ කාලය තුළ සැලකිය යුතු අන්දමට දියුණු වී තිබෙන්නේ එම කාලය තුළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 207 සිට 186 දක්වා ස්ථාන 21ක් ඉහළට ඔසවා තබමිනි.
විශේෂයෙන් දකුණු ආසියානු මට්ටමෙන් ශක්තිමත්ව තරග කර, අවසානයේදී ශ්‍රී ලංකාව 1995 වසරේ දිනා ගත් සාෆ් පාපන්දු ශූරතා කිරුළට නැවත අභියෝග කිරීම කේන්ද්‍ර කොටගත් දැවැන්ත අපේක්ෂා සහිත දුරදර්ශී වැඩපිළිවෙළක් උමාර් විසින් සකස් කර ඇත.
දකුණු ආසියානු පාපන්දුවේ නව පරිච්ඡේදය
තමන් වෙත පැවරී තිබෙන වඩාත් ව්‍යාප්ත වූ කලාපීය වගකීම් සමගින් ජස්වර් උමාර්ට ශ්‍රී ලාංකික පාපන්දුවේ සංවර්ධනයට පමණක් නොව, මුළු මහත් දකුණු ආසියාව පුරාම පාපන්දු තරගාවලිවල ප්‍රමිතිය හා වර්ධනය උදෙසා සක්‍රීයව දායක වීමේ මහඟු අවස්ථාවක් දැන් උදා වී තිබේ.
මේ අනුව ශ්‍රී ලංකා හා දකුණු ආසියානු පාපන්දුවේ ඉදිරි පරිච්ඡේදය වඩාත් තීරණාත්මක මෙන්ම ප්‍රබල එකක් බවට පත්වනු නිසැකය.
(සටහන | වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු




