The Leader News
BREAKING
Top Ad
පුවත්

10 හැවිරිදි දරුවෙකු අපයෝජනය කළ අනුරාධපුර විහාරාධිපතිට වසර 24ක බරපතළ සිරදඬුවමක්

T

The Leader Desk

June 5, 2026 • 3:43 PM

10 හැවිරිදි දරුවෙකු අපයෝජනය කළ අනුරාධපුර විහාරාධිපතිට වසර 24ක බරපතළ සිරදඬුවමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මධ්‍යම පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ වත්මන් විනිසුරු රුවන් ධම්මික දිසානායක විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
  • සිරදඬුවමට අමතරව වින්දිත දරුවාට රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ගෙවන ලෙසත්, එය පැහැර හැරියහොත් තවත් වසර දෙකක සිරදඬුවමක් ද අධිකරණය විසින් නියම කළේය.
  • එමෙන්ම චෝදනා දෙකට රුපියල් 3,000ක දඩයක් ද, එය නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඬුවමක් ද නියෝගයට ඇතුළත් වේ.
  • උසාවිය මඟහැර පලාගිය විත්තිකරු මෙම නඩුව විභාග වන අවස්ථාවේදී විත්තිකාර හිමිනම දිගින් දිගටම අධිකරණය මඟහැර පලාගොස් සැඟව සිටි බැවින්, විත්තිකරු නොමැතිවම නඩු විභාගය පවත්වා තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

මධ්‍යම පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ වත්මන් විනිසුරු රුවන් ධම්මික දිසානායක විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

සිරදඬුවමට අමතරව වින්දිත දරුවාට රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ගෙවන ලෙසත්, එය පැහැර හැරියහොත් තවත් වසර දෙකක සිරදඬුවමක් ද අධිකරණය විසින් නියම කළේය. එමෙන්ම චෝදනා දෙකට රුපියල් 3,000ක දඩයක් ද, එය නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඬුවමක් ද නියෝගයට ඇතුළත් වේ.


උසාවිය මඟහැර පලාගිය විත්තිකරු


මෙම නඩුව විභාග වන අවස්ථාවේදී විත්තිකාර හිමිනම දිගින් දිගටම අධිකරණය මඟහැර පලාගොස් සැඟව සිටි බැවින්, විත්තිකරු නොමැතිවම නඩු විභාගය පවත්වා තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

මේ වනවිට විත්තිකාර හිමිනම වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කරමින් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර ඇත.


මංකොල්ලකරුවෙකු මහණ වී කළ අපරාධය


දෙමාපියන් විසින් සිය දරුවාට යහපත් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් විහාරස්ථානයට භාර දී තිබියදී, 2015 වසරේ මැයි මාසයේදී අවස්ථා දෙකකදී මෙම අපයෝජනය සිදුකර තිබේ.

නඩු විභාගයේදී අනාවරණය වූ සුවිශේෂී කරුණක් වන්නේ, මෙම හිමිනම පැවිදි වීමට පෙර ගිහි ජීවිතයේදී ගෙවල් බිඳීම් සහ මංකොල්ලකෑම්වලට අදාළව අධිකරණයෙන් පෙර වැරදි දෙකක් සහිත, අත්හිටවූ සිරදඬුවම් ලැබූ පුද්ගලයෙකු බවයි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතීඥ චමික ගුරුගේ පෙනී සිටි අතර ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් විමර්ශන මෙහෙයවා තිබිණි. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...