The Leader News
BREAKING
Top Ad
පුවත්

කම්කරු ඇමැති අනිල් ජයන්ත ජිනීවා නුවරදී හෙට (10) ජාත්‍යන්තර කම්කරු සමුළුව අමතයි

T

The Leader Desk

June 9, 2026 • 12:51 PM

කම්කරු ඇමැති අනිල් ජයන්ත ජිනීවා නුවරදී හෙට (10) ජාත්‍යන්තර කම්කරු සමුළුව අමතයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙහිදී ජාත්‍යන්තර කම්කරු සමුළුව හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රකාශය (Country Statement) ඉදිරිපත් කිරීමට නියමිතය.
  • එමෙන්ම, හෙට පස්වරුවේ ඉන්දීය කම්කරු හා රැකියා අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වීමට ද කටයුතු සැලසුම් කර ඇත.
  • අමාත්‍යවරයා ASPAG කලාපීය කම්කරු අමාත්‍යවරුන්ගේ හමුවට අද (09) සහභාගී වූ අතර, අනතුරුව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත සුමිත් දසනායක විසින් පවත්වනු ලබන විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.
  • මෙම සංචාරයේ විශේෂම අවස්ථාව ලෙස හෙට (10) වනදා, අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර කම්කරු සමුළුව හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රකාශය (Country Statement) ඉදිරිපත් කිරීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙහිදී ජාත්‍යන්තර කම්කරු සමුළුව හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රකාශය (Country Statement) ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම, හෙට පස්වරුවේ ඉන්දීය කම්කරු හා රැකියා අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වීමට ද කටයුතු සැලසුම් කර ඇත.

අමාත්‍යවරයා සිය සංචාරයේ පළමු රාජකාරි දිනය වූ පසුගිය සඳුදා, 'Palais des Nations' හි පැවති මහා සභා රැස්වීමට සහභාගී වූ අතර, එදිනම පස්වරුවේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ විශේෂ සුහද හමුවක ද නිරත විය.

WhatsApp Image 2026 06 09 at 17.53.44
අමාත්‍යවරයා ASPAG කලාපීය කම්කරු අමාත්‍යවරුන්ගේ හමුවට අද  (09)  සහභාගී වූ අතර, අනතුරුව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත සුමිත් දසනායක විසින් පවත්වනු ලබන විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.

මෙම සංචාරයේ විශේෂම අවස්ථාව ලෙස හෙට (10) වනදා, අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර කම්කරු සමුළුව හමුවේ ශ්‍රී ලංකාවේ  ප්‍රකාශය (Country Statement) ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම,හෙට  පස්වරුවේ ඉන්දීය කම්කරු හා රැකියා අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වීමට ද කටයුතු යොදා තිබේ.

සියලු නිල කටයුතු නිම කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා ජූනි 11 වන බ්‍රහස්පතින්දා දින පෙරවරුවේ ජිනීවා නුවරින් පිටත්ව යළි කොළඹ බලා පැමිණීමට නියමිතය.

(සටහන | ජේ.මුණසිංහ) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...