හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට ගැනීමේ සිදුවීම මුල් කරගනිමින් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ට අපහාසයක් සිදු වූ බව පවසමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී. සිරිල් ඇන්තනී පෙරේරා විසින් නීතිමය පියවර ගෙන ඇත.
ඒ අනුව, 'සර්වජන බලය' පක්ෂයේ වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නීතිඥ නලීන් පතිරණ ට සහ 'දෙරණ' මාධ්‍ය ජාලය වෙත රුපියල් මිලියන 500 බැගින්, රුපියල් මිලියන 1000ක (බිලියනයක) වන්දි ඉල්ලා සභාපතිවරයා විසින් ඊයේ (22) එන්තරවාසි දෙකක් යොමු කර තිබේ.











