BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

පිටකොටුව බස් නැවතුම්පොළේ නීතිය තද වෙයි: බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1029කට ප්‍රජා සත්කාර දඬුවම්

T

The Leader Desk

August 25, 2026 • 3:57 AM

පිටකොටුව බස් නැවතුම්පොළේ නීතිය තද වෙයි: බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1029කට ප්‍රජා සත්කාර දඬුවම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *කැමරා දැලට හසුවූ වැරදිකරුවන් ලවාම අපවිත්‍ර කළ තැන් සුද්ද කරවයි
  • ඇතැම් පිරිස් බුලත් කෙළ ප්ලාස්ටික් බෝතල්වලට ගසා පරිශ්‍රය තුළ විසි කර දමා තිබියදී නිරීක්ෂණය වී තිබේ.
  • පැය 24 පුරා කැමරා 64 කින් දැඩි සෝදිසියක් පසුගිය අප්‍රේල් 08 වැනිදා ජනතා අයිතියට පත්කෙරුණු මෙම මධ්‍යම බස් නැවතුම්පොළෙහි ආරක්ෂාව සහ පවිත්‍රතාව අධීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක කැමරා 64ක් ඔස්සේ නිරීක්ෂණ මධ්‍යස්ථාන 88ක් සම්බන්ධ කර ඇත.
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලගණ නිලධාරි ඉන්දික වික්‍රමසිංහගේ අධීක්ෂණය යටතේ නිලධාරීන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැය 24 පුරා මෙම මෙහෙයුම් කටයුතුවල නිරත වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


*පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ විනය හදන්න ත්‍රිවිධ අධීක්ෂණයක්

රුපියල් මිලියන ගණනක වියදමින් නවීකරණය කෙරුණු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය තුළ විනය විරෝධී ලෙස හැසිරෙමින්, තැන තැන බුලත් කෙළ ගසා මුත්‍රා කරමින් පරිසරය අපවිත්‍ර කළ පුද්ගලයන් 1,029 දෙනෙකු ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන, ඔවුන් ලවාම එම අපවිත්‍ර කළ ස්ථාන පිරිසිදු කරවීමේ විශේෂ ප්‍රජා සත්කාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

මෙලෙස හසුවූවන් අතර මගීන්ට අමතරව ඇතැම් බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් ද සිටින බව අනාවරණය වී ඇත. ඇතැම් පිරිස් බුලත් කෙළ ප්ලාස්ටික් බෝතල්වලට ගසා පරිශ්‍රය තුළ විසි කර දමා තිබියදී නිරීක්ෂණය වී තිබේ.

පැය 24 පුරා කැමරා 64 කින් දැඩි සෝදිසියක්

පසුගිය අප්‍රේල් 08 වැනිදා ජනතා අයිතියට පත්කෙරුණු මෙම මධ්‍යම බස් නැවතුම්පොළෙහි ආරක්ෂාව සහ පවිත්‍රතාව අධීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක කැමරා 64ක් ඔස්සේ නිරීක්ෂණ මධ්‍යස්ථාන 88ක් සම්බන්ධ කර ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලගණ නිලධාරි ඉන්දික වික්‍රමසිංහගේ අධීක්ෂණය යටතේ නිලධාරීන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැය 24 පුරා මෙම මෙහෙයුම් කටයුතුවල නිරත වේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් නලින් වැවකුඹුර සඳහන් කළේ, සීසීටීවී (CCTV) දර්ශන පදනම් කරගනිමින් පොලිසිය සහ ගුවන් හමුදා නිලධාරීන් මැදිහත්ව වැරදිකරුවන් ක්ෂණිකව නීතියේ රැහැනට හසුකර ගැනීමට පියවර ගත් බවයි.

අපරාධ මැඩලීම සහ හදිසි ප්‍රතිචාර

පසුගිය මාස හතක කාලය තුළ මෙම ආරක්ෂිත කැමරා පද්ධතිය මඟින් විවිධ සිදුවීම් 1,286ක් අනාවරණය කරගෙන ඇත. මගීන්ගේ මුදල් සහ ගමන් බෑග් සොරකම් කිරීම්, නීති විරෝධී ක්‍රියා මෙන්ම පොදු දේපළවලට හානි සිදුකිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දී තිබේ.

මීට අමතරව, අනවසරයෙන් රැඳී සිටි යාචකයන් 55 දෙනෙකු, ජංගම වෙළෙඳුන් 13 දෙනෙකු සහ ගණිකා වෘත්තියේ නිරත වූ කාන්තාවන් තිදෙනෙකු පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මේ වනවිට පොලිසිය, ගුවන් හමුදාව සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ආරක්ෂක අංශ එක්ව මගීන්ට සිදුවන හිරිහැර වැළැක්වීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටී.

එමෙන්ම, බස් නැවතුම්පොළ පරිශ්‍රය තුළදී හදිසි රෝගී තත්ත්වයන්ට පත් වූ පුද්ගලයන් 64 දෙනෙකු කඩිනමින් 'සුවසැරිය' ගිලන් රථ සේවාව හරහා රෝහල්ගත කිරීමටද ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

පොදු දේපළ හානිවලට රියැදුරන්ගෙන්ම වන්දි

නවීකරණයෙන් පසු රියැදුරු සහ කොන්දොස්තරවරුන් සඳහා කාමර 15කින් යුත් විවේකාගාරයක් ස්ථාපිත කර ඇති අතර, එහි පුද්ගලයන් 120 දෙනෙකුට නවාතැන් පහසුකම් සලසා ඇත. එහෙත් එම විවේකාගාරය ආසන්නයේ කසළ බඳුනකට නිරන්තරයෙන් මුත්‍රා පිරවූ බෝතල් දැමූ අවිස්සාවේල්ල ඩිපෝවේ බස් රියැදුරෙකු, පැය අටක කැමරා දර්ශන ආපස්සට පරීක්ෂා කර හඳුනාගැනීමට හැකි වූ බව ආරක්ෂක අංශ වාර්තා කරයි.

මීට අමතරව, බස් නැවතුම්පොළේ දේපළ හප්පා අලාභහානි සිදුකළ ලංගම බස් රථ රියැදුරන් සම්බන්ධ සිදුවීම් 28ක් කැමරා දර්ශන මඟින් තහවුරු කරගෙන ඇති අතර, ලංගම පාලනාධිකාරිය විසින් එම අලාභ මුදල් අදාළ රියැදුරන්ගෙන්ම අයකර ගැනීමට පියවර ගෙන ඇත. එසේම ජල කරාම, කොමඩ් ඇතුළු පොදු දේපළ විනාශ කිරීමේ සිදුවීම් 48ක් ද නිරීක්ෂණය වී තිබේ.

"සොරකම් සහ අක්‍රමිකතා පාලනය වී තිබෙනවා" – ලංගම සභාපති

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න ප්‍රකාශ කළේ, ගුවන් හමුදාව, පොලිසිය සහ ආරක්ෂක අංශවල ක්ෂණික මැදිහත්වීම සහ නවීන තාක්ෂණික අධීක්ෂණය හේතුවෙන් මධ්‍යම බස් නැවතුම්පොළ තුළ සිදුවූ සොරකම් සහ නීති විරෝධී ක්‍රියාකාරකම් මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් පාලනය වී ඇති බවයි.

පොදු දේපළ ආරක්ෂා කරගනිමින් මගී ජනතාවට සුරක්ෂිත හා පිරිසිදු ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම සඳහා මෙම ඒකාබද්ධ අධීක්ෂණ ක්‍රියාවලිය අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව ද බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පිටකොටුව බස් නැවතුම්පොළේ නීතිය තද වෙයි: බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1029කට ප්‍රජා සත්කාර දඬුවම් | The Leader