The Leader News
BREAKING
ලෝකය හොල්ලන AI රැල්ල බිඳ වැටුණොත් ආසියාවට වෙන දේ●නව ව්‍යවස්ථාවට සාකච්ඡා ජනවාරියේ: පළාත් සභා ඡන්දය මුලින්ම●ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පැහැර හැරීම: කෙහෙළිය ඇතුළු පිරිසට එරෙහිව නඩු●රියාද් ගුවන් තොටුපොළ ප්‍රහාරය: අනතුරු ඇඟවීමේ පද්ධතිය නිහඬ වූයේ ඇයි?● IMF අනතුරු අඟවයි: රටවල් රැසකට වියදම් කප්පාදු හැර විකල්ප නෑ! ●ආගමික ඇඳුම් ගරුත්වය රැකීමට 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කරන්න: සජිත්●සාලයේ ටීවී එකෙන් පැතිරෙන අලුත්ම AI අවදානම●කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

කන්න කියා ණය ගන්නා ආණ්ඩුව දරුවන්ගේ කෑම වේලට තට්ටු කරලා

T

The Leader Desk

March 28, 2022 • 4:19 PM

කන්න කියා ණය ගන්නා ආණ්ඩුව දරුවන්ගේ කෑම වේලට තට්ටු කරලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩොලර් බිලියන එකහමාරක ණයක් ලබා ගැනීමට සැරසෙන ආණ්ඩුව, පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ලබාදෙන ආහාර වේලත් කප්පාදු කර ඇති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි.
  • ලංකා ගුරු සංගමය පවසන පරිදි දිවයින පුරා තෝරා ගත් පාසල් 7000 කට ආසන්න ප්‍රමණයක පාසල් දරුවන්ට පෝෂණ ව්‍යාපෘතියක් ලෙස ආහාර වේලක් ලබාදීම වසර පහක පමණ කාලයක සිට සිදු කරනු ලබයි.
  • මෙය දරුවන්ගේ පෝෂණ තත්වය සම්බන්ධයෙන් නොසලකා හැර ගන්නා ලද තීරණයක් බව අවධාරණය කරන ගුරු සම්ගම් නායකයා අවධාරණය කරන්නේ ආර්ථික ගැටලු හමුවේ පාසල් දරුවන්ගේ ආහාර වේල වෙනුවෙන් ලබාදෙන ප්‍රතිපාදන වැඩි නොකර දරුවන්ගේ ආහාරවේල කප්පාදු කිරීම බරපතල ගැටලුවක් බවයි.
  • "10/2017 චක්‍රලේකයට අනුව එක් දරුවෙකුට සහල් ග්‍රෑම් 75 ක බත් ලබාදිය යුතු වූ අතර, සංශෝධිත ආහාර වට්ටෝරුව යටතේ ලබාදෙන්නේ සහල් ග්‍රෑම් 60 ක බත් ප්‍රමාණයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 ඩොලර් බිලියන එකහමාරක ණයක් ලබා ගැනීමට සැරසෙන ආණ්ඩුව, පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ලබාදෙන ආහාර වේලත් කප්පාදු කර ඇති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි.


ලංකා ගුරු සංගමය පවසන පරිදි දිවයින පුරා තෝරා ගත් පාසල් 7000 කට ආසන්න ප්‍රමණයක පාසල් දරුවන්ට පෝෂණ ව්‍යාපෘතියක් ලෙස ආහාර වේලක් ලබාදීම වසර පහක පමණ කාලයක සිට සිදු කරනු ලබයි.

නිවේදනයක් නිතුක් කරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන්නේ, 2017 වසරේ මාර්තු 17 දිනැති චක්‍රලේඛය අනුව නියමිත වට්ටෝරුවක් යටතේ මෙම ආහාරවේල ලබාදීම සිදු කරන අතර, 2022 මාර්තු 21 දිනැති අධ්‍යාපන ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපිය මගින් එම ආහාර වට්ටෝරුව සංශෝධනය කර ඇති බවයි.

"රටේ පවතින වර්තමාන ආර්ථික තත්වය මත එක් දරුවෙකුගේ ආහාර වේල සඳහා ගෙවන දෛනික මුදල ප්‍රමාණවත් නොවන බවට ආහාර සැපයුම්කරුවන් විසින් සිදු කරන ලද ඉල්ලීම අනුව ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අවස්ථානුකූලව ගතයුතු හොඳම පියවර ලෙස 10/2017 චක්‍රලේඛයේ සඳහන් කර ඇති ආහාර වට්ටෝරුව වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරන බව අධ්‍යාපන ලේකම්වරයාගේ උක්ත ලිපියෙහි සඳහන් කර ඇත."



දිවයිනේ ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායකයකු වන ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන්නේ,  ඒ අනුව එක් ශිෂ්‍යයකුගේ ආහාර වේල වෙනුවෙන් දෛනිකව වෙන් කරන රුපියල් 30 ක මුදල තුළම සංශෝධිත ආහාර වට්ටෝරුව ලබාදිය යුතු බව එම  ලිපියෙහි සඳහන් කර ඇති බවයි.



මෙය දරුවන්ගේ පෝෂණ තත්වය සම්බන්ධයෙන් නොසලකා හැර ගන්නා ලද තීරණයක් බව අවධාරණය කරන ගුරු සම්ගම් නායකයා අවධාරණය කරන්නේ  ආර්ථික ගැටලු හමුවේ පාසල් දරුවන්ගේ ආහාර වේල වෙනුවෙන් ලබාදෙන ප්‍රතිපාදන වැඩි නොකර දරුවන්ගේ ආහාරවේල කප්පාදු කිරීම බරපතල ගැටලුවක් බවයි.

"10/2017 චක්‍රලේකයට අනුව එක් දරුවෙකුට සහල් ග්‍රෑම් 75 ක බත් ලබාදිය යුතු වූ අතර, සංශෝධිත ආහාර වට්ටෝරුව යටතේ ලබාදෙන්නේ සහල් ග්‍රෑම් 60 ක බත් ප්‍රමාණයකි. ග්‍රෑම් 50 ක් ලෙස ලබාදිය යුතු බිත්තර ප්‍රමාණය ග්‍රෑම් 25 දක්වා අඩු කර ඇත. හාල්මැස්සන්, කරවල ආදිය සම්පූර්ණයෙන්ම සංශෝධිත ආහාර වට්ටෝරුවෙන් ඉවත් කර ඇති අතර, තවත් සංශෝධන ගණනාවක් එහි අඩංගු වේ. මේ ආකාරයෙන් පෝෂණ තත්වය හීන වන ලෙස දරුවන්ගේ ආහාර වට්ටෝරුව සංශෝධනය කර තිබීම බරපතල ගැටලුවක් වන අතර, සෞඛ්‍ය බලධාරීන් සහ අධ්‍යාපන බලධාරීන් අවස්ථානුකූල හොඳම තීරණය ලෙස මේ ආකාරයෙන් දරුවන්ගේ පෝෂණය හීන කිරීමට තීරණ ගන්නේ කෙසේද යන්න බරපතල ගැටලුවකි."



රටේ පවතින ආර්ථික අවපාතය තුළ දරිද්‍රතාවයෙන් පෙළෙන දෙමව්පියන්ට තම දරුවන් පෝෂණය කිරීමේ බරපතල ගැටලුවකට මුහුණ පෑමට සිදුව ඇති අතර, සමහර පාසල් දරුවන්ට ලැබෙන එකම පෝෂ්‍යදායී ආහාර වේල වන්නේ පාසලෙන් ලබාදෙන මෙම ආහාරවේල පමණක් බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය වැඩි දුරටත් අවධාරණය කරන්නේ  සමහර දරුවන් ආහාරවේල ලබාගැනීම සඳහා පාසල් පැමිණෙන තත්වයන් ද දක්නට ලැබෙන බවයි.




මේ වන විට රුපියල් 30 ක මුදලට ආහාර වේල ලබාදිය නොහැකිව බොහෝ ආහාර සැපයුම්කරුවන් විසින් පාසල්වලට ආහාර ලබාදීම නතර කර ඇති අතර, ඒ තත්වය යටතේ දරුවන්ට ආහාර ලැබීම සිදු නොවන බවත් ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
 
මේ තත්වය තුළ පාසල් දරුවන්ගේ ආහාර වේල කප්පාදු නොකර පෝෂ්‍යදායී හා ප්‍රමාණවත් ආහාර වේලක් දරුවන්ට ලබාදීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.



ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක්


අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා යැයි පවසමින් ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන එකක  අතිරේක ණයක් ඉල්ලා තිබේ.
ඒ  දැනටමත් ඉන්දියාව විසින් ලංකා රජයට  ප්‍රතිඥා දී ඇති ඩොලර් බිලියන එකක  ණය මුදලට අමතර ණය මුදලක් ලෙසිනි.

ඉන්ධන මෙන්ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා එම මුදල ලබාගැනීම සඳහා සාකච්ඡා කෙරෙමින් පවතින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් උපුටා දක්වන රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

සහල්, තිරිඟු පිටි, ධාන්‍ය වර්ග, සීනි සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉල්ලා සිටින ලද නව ණය මුදල පිළිබඳ ඉල්ලීම ඉටු කිරීමේ කැමැත්ත ඉන්දීය බලධාරීන් විසින්  අඟවා ඇතැයි රොයිටර් තව දුරටත් පවසයි.

 

 


The Leader TV අද වීඩියෝ 

 

සමහරු අපිට ජම්පර් අන්දනවා කියනවා, අපි බය නෑ ! - පාඨලී චම්පික රණවක | Direct Politics

නාමල් බේබිට සිරිසඟබෝ ගහලා! | අද ගොසිප් එක

 

 

Leader Whats app


 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කන්න කියා ණය ගන්නා ආණ්ඩුව දරුවන්ගේ කෑම වේලට තට්ටු කරලා | The Leader