leader s

එකොළොස් වසකට පෙර නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ සේවක අර්ථ සාධකය රැක ගැනීමේ අරගලයේදී රාජපක්‍ෂ ආණ්ඩුවේ පොලිසිය විසින් මරා

දැමුණු සටන්කාමී තරුණ කම්කරුවකු 'ගෝඨාගෝගම' දී අනුස්මරණය කර තිබේ.

2011 වසරේදී මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් සම්මත කර ගැනීමට උත්සාහ දැරූ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට විරෝධය පාමින් කටුනායක නිදහස් වෙළඳ කළාපයේ කම්කරුවන් විසින් පැවැත්වූ උද්ඝෝෂණය මැඩපැවැත්වීමට කැරලි මර්දන පොලීසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් රොෂේන් චානක රත්නසේකර මරා දැමිණි.

2011 මැයි 30 වැනිදා සිදු කළ වෙඩි තැබීමෙන් පසු රෝහලට ඇතුලත් කළ 22 හැවිරිදි රොෂේන් මිය ගිය අතර පොලීසිය හා ප්‍රාදේශීය දේශපාලනඥයන් ගේ මැර කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරවලින් 200 කට වැඩි ස්ත්‍රී හා පුරුෂ කම්කරුවන් තුවාල ලබා තිබිණි.

රජයේ හමුදාවන්ගේ දැඩි රැකවල් මැද, රොෂේන් ගේ අවසන් කටයුතු ඔහුගේ උපන් ගම වන මිනුවන්ගොඩ, ගල්ලොලුවේදී පැවති අතර ප්‍රදේශයේ දේශපාලඥයන් වූ ප්‍රසන්න රණතුංග සහ මර්වින් සිල්වා මැදිහත්ව සිටියේ රාජපක්‍ෂ ආණ්ඩුව වෙත එල්ලවෙන ජනතා කෝපය මැඩපැවැත්වීමටයි.

 මරා දැමුණු රොෂේන් චානකගේ පවුලේ අය පසුව අරලිය ගහ මැදුරට රැගෙන ගිය මොවුන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට මුණ ගස්වා විපතට ගොදුරු වූ සැමට වන්දි පිරිනමන බවත්, අධිකරණ ක්‍රියාවලියක් තුලින් යුක්තිය ඉටු කරන බවත්, පොරොන්දුවී තිබේ.

 

ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් පොලිස්පති මහින්ද බාලසුරිය සිය ධුරයෙන් ඉවත් වූ අතර වෙඩි තැබු පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කෙරිණි. එහෙත් පසුව ඉල්ලා අස්වූ පොලිස්පතිවරයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින්ම බ්‍රසීලයේ තානාපති තනතුරකට පත් කර යවන ලද අතර දෙවනුව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කළේ ඝාතනය ගැන සොයා බැලීමට පත්කළ විශ්‍රාමික විනිසුරු මහානාම තිලකරත්න කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම පසෙක දමාය.

 

දාබිඳු සාමුහිකය, ස්ටෑන්ඩ් අප් කම්කරු සංගමය, වාණිජ හා කාර්මික සේවක සංගමය වැනි නිදහස් වෙළෙඳ  කලාපය ආශ්‍රිතව ක්‍රියාත්මක වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව `නිදහස් වෙළඳ කලාපීය සහයෝගිතාව`  මගින්, රොෂේන් චානක වෙනුවෙන් එකළොස් වසක් පුරා ඉටු නොවුණු යුක්තිය ඉල්ලා හඬ නැගීය.  

 ඊයේ (ජුනි 01) ගාලුමුවදොර අරගල භූමියේදී  පැවති මෙම සමරු වැඩසටහනට  රොෂේන් චානකගේ මව ද එක්ව සිටියාය.


 285636617 1351480105362525 7602964699617219567 n

285804871 1351480092029193 5450522754382103094 n
 skla
 
{gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්