The Leader News
BREAKING
Top Ad
පුවත්

දෙමළ, මුස්ලිම්, කඳුරට නියෝජනය වෙනුවෙන් උතුරෙන් 21ට කොන්දේසි

T

The Leader Desk

June 3, 2022 • 2:08 PM

  දෙමළ, මුස්ලිම්, කඳුරට නියෝජනය වෙනුවෙන් උතුරෙන් 21ට කොන්දේසි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරිපත් කරන ලෙස උතුරේ විද්වත් සංවිධානයක් දෙමළ දේශපාලන පක්‍ෂ වලින් ඉල්ලීමක් කර තිබේ.
  • සමාජ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය මගින් දෙමළ දේශපාලන පක්‍ෂ වලට ඉදිරිපත් කර ඇත්තේ 21 වැනි සංශෝධනය යටතේ පිහිටැවෙන ව්‍යවස්ථාදායක සභාවේ සහ ස්වාධීන කොමිෂන් සභා තුල දෙමළ ජනතාවගේ ප්‍රමාණවත් නියෝජනයක් සහ දෙමළ ජනතා ප්‍රශ්න වලදී තීරණ ගැනීමේ බලය ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතු බවයි.
  • ''21 වැනි සංශෝධනය මූලික වශයෙන් සිංහල ජාතිය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම සඳහා වූ සංශෝධනයකි.
  • එහිදී පීඩිතයන් වූ දෙමළ සහ මුස්ලිම් කඳුකර ජනතාවගේ අවශ්‍යතා කිසි ලෙසකින් සහතික නොවේ.'' යැයි දේශපාලන විශ්ලේෂක සහ නීතිඥ සී.ඒ.ජෝතිලිංගම් පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉදිරිපත් කරන ලෙස උතුරේ විද්වත් සංවිධානයක් දෙමළ දේශපාලන පක්‍ෂ වලින් ඉල්ලීමක් කර තිබේ.

සමාජ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය මගින් දෙමළ දේශපාලන පක්‍ෂ වලට ඉදිරිපත් කර ඇත්තේ 21 වැනි සංශෝධනය යටතේ පිහිටැවෙන ව්‍යවස්ථාදායක සභාවේ සහ ස්වාධීන කොමිෂන් සභා තුල දෙමළ ජනතාවගේ ප්‍රමාණවත් නියෝජනයක් සහ දෙමළ ජනතා ප්‍රශ්න වලදී තීරණ ගැනීමේ බලය ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතු බවයි.

''21 වැනි සංශෝධනය මූලික වශයෙන් සිංහල ජාතිය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම සඳහා වූ සංශෝධනයකි. එය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී කිරීමට ගෙන එන සංශෝධනයක් නොවේ. එහිදී පීඩිතයන් වූ දෙමළ සහ මුස්ලිම් කඳුකර ජනතාවගේ අවශ්‍යතා කිසි ලෙසකින් සහතික නොවේ.'' යැයි දේශපාලන විශ්ලේෂක සහ නීතිඥ සී.ඒ.ජෝතිලිංගම් පවසයි.



දෙමළ දේශපාලන පක්‍ෂ 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු අයුරු ගැන යාපනේ මාධ්‍ය සමාජයේදී මාධ්‍යවේදීන් හමුවී ජෝතිලිංගම් පෙන්වා දුන්නේ 19 වැනි සංශෝධනයේදී දෙමළ, මුස්ලිම් හා කඳුකර ජනයාගේ නියෝජනය සහතික කළද 21 දී එවැන්නක් නොවන බවයි.



''අවම වශයෙන් දෙමළ, මුස්ලිම් සහ කඳුකර ජනතාවට ප්‍රමාණවත් නියෝජනයක් වගේම ඒ ඒ ජාතීන්ගේ අවශ්‍යතා තීරණය කිරීමට බලයක් තිබේ නම් පමණක් ඔවුන්ට මේ ගැන  තෘප්තිමත් වෙන්න පුළුවන්.''

''ස්වාධීන කොමිෂන් සභාවල දෙමළ, මුස්ලිම්, කඳුකර ජනතාවට නිශ්චිත නියෝජනයක් නැහැ. නියෝජනයක් ලැබෙන්නේ ජනාධිපතිතුමා කැමති නම් පමණයි. ජනාධිපතිවරයාගේ කරුණාවෙන් පත්වන කෙනෙකුට ඔහුට පක්ෂපාතී වනවා හැරෙන්නට තමා අයත් වන ජනතාවට පක්ෂපාතී වෙනවා කියලා කියන්න බැහැ.''

අදාල කොන්දේසි ආණ්ඩුව පිළිනොගන්නේ නම් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට දෙමළ ජාතික පක්ෂ සහය නොදිය යුතු බව පවසන දේශපාලන විශ්ලේෂක ජෝතිලිංගම්, ඊට පටහැනිව ආණ්ඩුවට සහාය දීමට කිසියම් පක්‍ෂයක් වෑයම් කරන්නේ නම් ඔවුන් ජනතාව ඉදිරියේ හෙළිදරව් කරන බවටද අනතුරු ඇඟවීය.



ජනාධිපතිවරයාගේ බලතල සීමා කර එම බලතල කැබිනට් මණ්ඩලයට, ස්වාධීන කොමිෂන් සභාවලට සහ ව්‍යවස්ථාදායක සභාවට පැවරීම මෙම සංශෝධනයේ අරමුණ ලෙස ප්‍රකාශයට පත් වී තිබේ. රාජපක්ෂවරුන්ගේ බලතල කප්පාදු කර ඔවුන් දුර්වල කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වී නොමැත.



''13 වැනි සංශෝධනය සහ සමානුපාතික නියෝජනය නිසා දෙමළ, මුස්ලිම්, කඳුකර ජනතාව ශක්තිමත් වේ යැයි බියෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට මහානායක හිමිවරුන්ගේ නොකැමැත්ත අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ පීඨාධිපතිවරුන් විසින් සෘජුවම අධිකරණ අමාත්‍යවරයාට කියා තියෙනවා,''යැයි ද ජෝතිලිංගම් පෙන්වා දෙයි.

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සමගි  බලවේගය, ජ.වි.පෙ., දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ දෙමළ ජනතා ජාතික සන්ධානය එකඟතාවය පළ කර තිබේ.

  
 {gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දෙමළ, මුස්ලිම්, කඳුරට නියෝජනය වෙනුවෙන් උතුරෙන් 21ට කොන්දේසි | The Leader