The Leader News
BREAKING
කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●උතුරු-නැඟෙනහිර මානව හිමිකම් ගැන HRCSL විශේෂ වාර්තාවක්●අනෝජන් බේරාගැනීමේ තීරණාත්මක සටන 18 වැනිදා සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට●නව ත්‍රස්ත පනතට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්●ඥානසාර හිමිගේ සිවුර ගැන ගම්මන්පිලගේ ප්‍රකාශය: පොලිස් විමර්ශනයක්●රෝහිත බෝගොල්ලාගම යළි 29 වැනිදා දක්වා රිමාන්ඩ්●බැංකු වංචා: වගකීම කාගෙද? සමරසිරි හෙළිකරයි●කොළඹ සරසවි විද්‍යාර්ථීන්ගෙන් සහාධිපත්‍ය අර්බුදයට විසඳුම් කෘතියක්●
Top Ad
පුවත්

ආර්ථික අහේනියට මුහුණ දීමට ඩයස්පෝරා සංවිධාන තහනම ඉවතට

T

The Leader Desk

June 16, 2022 • 4:53 AM

ආර්ථික අහේනියට මුහුණ දීමට ඩයස්පෝරා සංවිධාන තහනම ඉවතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සහ පුද්ගලයන්ට පනවා තිබු තහනම ඉවත්කිරීමට ඇති සුදානම ජාත්‍යන්තරය හමුවේ ප්‍රකාශයට පත් කර තිබේ.
  • "2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසි යටතේ, නම් කරන ලද පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව සමාලෝචනය කෙරෙමින් පවතී.
  • මේ වන විට පුද්ගලයින් 318 දෙනෙක් සහ හිමිකම් 04ක් ඉවත් කිරීම සඳහා යෝජිතව ඇත.
  • මෙය අඛණ්ඩ ව්‍යායාමයක් ලෙස සිදු කෙරේ." ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් ඒ බව සදහන් කර ඇත්තේ ජුනි 13 වැනි දින ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි නිත්‍ය සැසිවාරය අමතමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සහ පුද්ගලයන්ට පනවා තිබු තහනම ඉවත්කිරීමට ඇති සුදානම ජාත්‍යන්තරය හමුවේ ප්‍රකාශයට පත් කර තිබේ.

"2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසි යටතේ, නම් කරන ලද පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව සමාලෝචනය කෙරෙමින් පවතී. මේ වන විට පුද්ගලයින් 318 දෙනෙක් සහ හිමිකම් 04ක් ඉවත් කිරීම සඳහා යෝජිතව ඇත. මෙය අඛණ්ඩ ව්‍යායාමයක් ලෙස සිදු කෙරේ."

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් ඒ බව සදහන් කර ඇත්තේ ජුනි 13 වැනි දින ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි නිත්‍ය සැසිවාරය අමතමිනි.

ඩයස්පෝරා ප්‍රජාව සහ  රටේ 'යහපැවැත්ම සඳහා කැපවී සිටින' සිවිල් සමාජ සංවිධාන සමඟ සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව විවෘතව පවතින බවත් අමාත්‍යවරයා එහිදී පැවසු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රබල සංවිධාන ඇතුළු දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් තහනම් කිරීමට 2021 වසරේ මාර්තු මාසයේදී ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජය කටයුතු කර තිබුනි.

 

ගෝලීය දෙමළ සංසදය (GTF), බ්‍රිතාන්‍ය දෙමළ සංසදය (BTF), කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC), ඕස්ට්‍රේලියානු දෙමළ කොන්ග්‍රසය (ATC), කැනේඩියානු දෙමළ ජාතික සභාව, දෙමළ තරුණ සංවිධානය සහ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් තහනම් කරන ලදී.

 

ඒවා අතුරින්  ඇතැම් කණ්ඩායම් 2014 දී තහනම් කරන ලද නමුත් 2015 දී රජය විසින් නැවත ලැයිස්තු ගත කර තිබිණ.


2012 එක්සත් ජාතීන්ගේ රෙගුලාසි අංක 1 (4) යටතේ ඒවා තහනම් කර තිබුනි.

සංවිධාන තහනම් කිරීම සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අත්සන් තබා තිබුනේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසිනි. (http://documents.gov.lk/files/egz/2021/2/2216-37_S.pdf)

එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, මැලේසියාව සහ තවත් රටවල් කිහිපයක වෙසෙන පුද්ගලයන් ගණනාවක්ද රජය විසින් මෙම තහනම් ලැයිස්තුවට ඇතුළත් කර තිබුනි.

රට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියදී මේ වසරේ මාර්තු මාසයේ කැඳවන ලද බහු පාක්ෂික සමුළුවකදී මෙන්ම දෙමළ ජාතික සන්ධානය සමග පැවති හමුවකදීත් දෙමළ ඩයස්පෝරා ආයෝජන වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මනාපය පලවී තිබුණි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා විදේශගත දෙමළ ජනතාවගේ මුදල් දිවයිනට අද්දවා දීම සඳහා 'පාලමක්' වීමටත්  දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට සහතික වී තිබුණි.


ඩයස්පෝරා ආයෝජනයට බාධා

පසුගිය අප්‍රේල් මාසයේදී උතුරේ සංචාරයක නිරතව වු කොළඹ එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් හමුවු අවස්ථාවේ උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා පවසා තිබුනේ රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් මුදල් ආයෝජනය කරන ලෙස ජනාධිපතිවරයා ඩයස්පෝරාවෙන් ඉල්ලා ඇති නමුත් එය ක්‍රියාවට නංවාලීමේදී බාධා රැසක් මතුවන බව යි.

ඒ වෙනුවෙන් පවතින නීති ක්‍රියාවලිය සංකීර්ණ බව පෙන්වා දී ඇති ආණ්ඩුකාරවරයා කොළඹ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් ගෙන් උපකාර ඉල්ලා සිටි බව දෙමළ ජනමාධ්‍යවේදීහු වාර්තා කර තිබුනි.
 
 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...