The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ඝාතනය කළ සිය ගණනක් දෙමළ වැසියන් නැගෙනහිරදී සැමරේ

T

The Leader Desk

June 16, 2022 • 8:29 AM

ඝාතනය කළ සිය ගණනක් දෙමළ වැසියන් නැගෙනහිරදී සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිබෙන සමුහ ඝාතන දෙකක් නැගෙනහිර පළාතේදී අනුස්මරණය කර තිබේ.
  • මඩකලපු දිස්ත්‍රික්කයේ, කොක්කඩිචෝලේ ගම්පියස ගොවිතැන, ධීවර කර්මාන්තය හා ඉස්සන් ඇතිකිරීම තම ජීවනෝපාය කරගත් ජනතාවගේ වාසභූමියකි.
  • ප්‍රදේශවාසීන් පවසන පරිදි 1987 වසරේ ජනවාරි 29 වැනිදායින් ඇරඹී දින තුනක් පුරා තම ගමට එල්ල වූ ලංකාණ්ඩුවේ හමුදාවන්ගේ, තෙරක් නැති ගිනි අවි ප්‍රහාරයන්ට ලක්වීමට ගම්වාසීන්ට සිදුව තිබේ.
  • අනතුරුව කොන්ඩවට්ටුවාන්, කළුවන්චිකුඩි, වෙල්ලවේලි හා කල්ලඩි කදවුරු වලින් පැමිණි හමුදාවෝ ට්‍රක්රථ හා හෙලිකොප්ටර් යානා යොදාගෙන ගමට ඇතුල් වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

තිබෙන සමුහ ඝාතන දෙකක් නැගෙනහිර පළාතේදී අනුස්මරණය කර තිබේ.

ඝාතනයට ලක් වු දෙසිය තිහකගේ නම් සදහන් කරමින් මඩකලපුව කොක්කඩිචෝලේහි මහිලඩිතිව් හි ස්ථාපිත කර තිබෙන ස්මාරකය අභියසදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පහන් දල්වමින් ජුනි 12 වැනිදා අනුස්මරණය කර ඇත්තේ 1987 වසරේ ජනවාරි මසදී සහ 1991 වසරේ ජූනි මසදී  කොක්කඩිචෝලේ ග්‍රාමයේදී රජයේ ආරක්ෂක අංශ අතින් ඝාතනය වු සාමාන්‍ය වැසියන්ය.

මඩකලපු දිස්ත්‍රික්කයේ, කොක්කඩිචෝලේ ගම්පියස ගොවිතැන, ධීවර කර්මාන්තය හා ඉස්සන් ඇතිකිරීම තම ජීවනෝපාය කරගත් ජනතාවගේ වාසභූමියකි.

 

ප්‍රදේශවාසීන් පවසන පරිදි 1987 වසරේ ජනවාරි 29 වැනිදායින්  ඇරඹී දින තුනක් පුරා තම ගමට එල්ල වූ ලංකාණ්ඩුවේ හමුදාවන්ගේ, තෙරක් නැති ගිනි අවි ප්‍රහාරයන්ට ලක්වීමට ගම්වාසීන්ට සිදුව තිබේ.

 

අනතුරුව කොන්ඩවට්ටුවාන්, කළුවන්චිකුඩි, වෙල්ලවේලි හා කල්ලඩි කදවුරු වලින් පැමිණි හමුදාවෝ ට්‍රක්රථ හා හෙලිකොප්ටර් යානා යොදාගෙන ගමට ඇතුල් වී තිබේ.

වයස අවුරුදු 14 සිට 40 දක්වා වූ ගම් වැසියන් ඔවුන් විසින් පැහැරගනු ලැබූ අතර ඉන් වැඩි පිරිසක් ඝාතනය කළ කළ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.

කොක්කඩිචෝලේ මහිලඩිත්තිව් හි ඉස්සන් ගොවිපල ක්‍රියාත්මක වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ආධාර යටතේය.

කම්කරුවන් විශාල පිරිසක් එහි රැකියාවේ නිරතව වී තිබෙන අතර 1987 ජනවාරි 28 දා ඝාතනයට ලක්වුවන් අතර මෙම ඉස්සන් ගොවිපලේ සේවය කළ  කම්කරුවෝ ද වෙති.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කොක්කඩිචෝලේ පිහිටි සහල් මෝලේ රැකවරණය ලැබූ 24 දෙනකුද හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කළ බවයි.
එසේ ඝාතනයට ලක්වූවන් අතරින් 12 දෙනකු 12 වැනි වියේ පසුවුවන් ය.


1991 සමුල ඝාතනය



කොක්කඩිචෝලේ පළමු සමුහ ඝාතනයෙන් පස් වසරක් සපිරෙන්නටත් මත්තෙන් යළිත් වරක් රජයේ ආරක්ෂක අංශ විසින් එම ග්‍රාමයේ 1991 වසරේදී සමුහ ඝාතනයක් සිදු කර තිබේ.

ගම්වැසියන් පවසන්නේ 1991 ජූනි 12 වැනිදා හමුදාව කොක්කඩිචෝලේ සහල් ඇඹරුම් මෝලකට ඇතුළු වී එහි සේවයේ නියුතුව සිටි කම්කරුවන් 17 දෙනා මරා දමමින් සහල් මෝල ගිනිබත් කළ රජයේ ආරක්ෂක හමුදාව එදිනම අවට නිවාස 400 කටද හානි සිදු කර තිබේ. කාන්තාවන් හය දෙනකු ලිංගික ප්‍රචණ්ඩතාවට ගොදුරු වූ බවද ගම්වැසියෝ පවසති.

ප්‍රදේශවාසී ජනතාව පවසන පරිදි එම විනාශයේ දී විශාල පිරිසක් රජයේ හමුදාව අතින්  ඝාතනය වී තිබේ.

ඔවුන්ගේ සිරුරු ටයර් යොදා හමුදාව විසින් පුළුස්සා දමා තිබේ.

ආරක්ෂක අංශ වෙත එල්ලවන මෙම චෝදනා රජය විසින් ප්‍රතික්ෂේප කළ ද, ඒ බව තහවුරු කිරීම සඳහා කිසිදු නීතිමය පියවරක් මේතාක් ගෙන නැත.

 sasa

ජුනි 12 වැනිදා අනුස්මරණය

 

 

 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...