The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

රනිල් පන්න දමා මාස හයක අතරමැදි ආණ්ඩුවක් !

T

The Leader Desk

July 19, 2022 • 4:01 AM

 රනිල් පන්න දමා මාස හයක අතරමැදි ආණ්ඩුවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
  • ගෝඨාභය රාජපක්ෂ පලවා හළ අරගලකරුවන්ට ඉදිරි රාජ්‍ය පාලනයේ නියෝජනයක් ලබා දිය යුතු බවද ඔවුන්ගේ යෝජනාවකි.
  • වෘත්තීය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය විසින් පෙරේදා [17] කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් එලිදැක්වූ එම යෝජනාවලි මගින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් වහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන පෙන්වා දෙයි.
  • හය මසක අන්තර් කාලීන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 15 කට සීමා විය යුතු අතර ජනාධිපතිවරයාගේ සිට සෑම මන්ත්‍රීවරයෙක් දක්වාම මාසික වැටුප හැර අනෙක් සියලු දීමනා කපා හැරිය යුතු බවට වෘත්තීය සමිති යෝජනා කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පලවා හළ අරගලකරුවන්ට ඉදිරි රාජ්‍ය පාලනයේ නියෝජනයක් ලබා දිය යුතු බවද ඔවුන්ගේ යෝජනාවකි.

වෘත්තීය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය විසින් පෙරේදා [17] කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් එලිදැක්වූ එම යෝජනාවලි මගින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් වහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන පෙන්වා දෙයි.

හය මසක අන්තර් කාලීන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 15 කට සීමා විය යුතු අතර ජනාධිපතිවරයාගේ සිට සෑම මන්ත්‍රීවරයෙක් දක්වාම මාසික වැටුප හැර අනෙක් සියලු දීමනා කපා හැරිය යුතු බවට වෘත්තීය සමිති යෝජනා කර ඇත.



ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ලෙස මෙම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ  අතවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීම, ඉන්ධන, ගෑස්, ඖෂධ සහ අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගය අහෝසි කිරීම, පොහොර කෘමි නාශක හා වල් නාශක, කර්මාන්ත අමුද්‍රව්‍ය හා උපකරණ හිඟයකින් තොරව ලබා දීම සහ ස්වයං රැකියා, ගොවි හා ධීවර ණය සහ ලීසිං  පොලිය ඉවත්කර ගෙවීමට මාස හයක කාලයක් ලබා දිය යුතු බවයි.




මහජන දේපල විකිණීමට හා බදූ දීමට තීරණය කර ඇති ගිවිසුම් අහෝසි කිරීම, කම්කරු අයිතීන් හා වැටුප් සහ විශ්‍රාම වැටුප් කප්පාදුවටත්, රාජ්‍ය සේවකයන් ඉවත් කිරීමටත් කෙරෙන නව නීති සම්පාදනය අහෝසි කිරීම, පෞද්ගලික අංශ කම්කරුවන්ට ජන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි මැතිවරණ දිනවලදී නිවාඩු ලබා ගැනීමේ නීති ප්‍රතිපාදන සකස් කිරීම, විශ්‍රාමිකයන්ගේ හා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම හා අනෙකුත් අත්‍යාවශ්‍යපහසුකම් ලබා දීමට ඇති නීතිමය බාධා ඉවත් කිරීම එම යෝජනාවලිය මගින් ඉදිරිපත් කර තිබේ.



ගෝටාගෝගමට නියෝජනයක්


රාජ්‍ය හා සිවිල් පාලනයේ දී ජන අරගලය නියෝජනය කළ පාර්ශවයන්ගේ දායකත්වය ලබා ගැනීම සඳහා ඔවුන් යෝජනා කරන්නේ ඊට එක්ව සිටින වෘත්තීය සමිති, ශිෂ්‍ය, ගොවි, ධීවර, වෘත්තීයවේදීන් ඇතුළු බහුජන සංවිධාන සහභාගිවත්වයෙන් නෛතික බලයක් ඇති පුරවැසි සභාවක් පිහිටුවීමටයි.

ඊට අමතරව සියළුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන අධික්ෂණයට වෘත්තීය සමිතිද අයත් වන නෛතික යාන්ත්‍රණයක් ඇති කිරීම හා කම්කරු නීති, වැටුප් හා විශ්‍රාම වැටුප් අර්ථසාධක, භාරකාර අරමුදල් වැනි වැඩකරන ජනයාට සෘජුව බලපාන දේවල් සංශෝධනයේදී  ලියාපදිංචි වෘත්තීය සමිති සම්මේලන වලින් සමන්විත, පාර්ලිමේන්තුවෙන් අනුමත නියාමන සභාවක් ද යෝජනා කරයි.

ජන අරගලයේදී ජිවිත අහිමි වූ සහ ශාරීරික ආබාධ ඇතිවුවන්ට සාධාරණය ඉටුකරන කඩිනම් වැඩපිළිවෙලක් යෝජනා කරන වෘත්තීය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය අනීතික ලෙස අත්අඩංගුවට ගෙන සිටින සියලු පුරවැසියන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටී.



samithi1 2022.07.19

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...