leader s

වතු කම්කරුවන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් සුබසාධන ගැටළු නිරාකරණයට යළිත් සාමුහික ගිවිසුමට එළඹෙන ලෙස වෘත්තීය සමිති අභිනව ජනාධිපති වරයාගෙන් ඉල්ලා තිබේ.


පවතින ආර්ථික අර්බුදය හමුවේ අන්ත දුක්ඛිතව දිවි ගෙවන වතු කම්කරුවන්ට මෙම සාමුහික ගිවිසුම යළි ක්‍රියාත්මක මගින් ඔවුන්ට යම් සාධාරණයක් ඉටුවන බව ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය පෙන්වා දෙයි.



මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කරන ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් එස්.රාමනාදන් අවධාරණය කරන්නේ වතු කම්කරුවන් අද දවසේ මුහුණ දෙන දුෂ්කරතාවන්ට වගකිව යුත්තේ පෙර පැවති ආණ්ඩුව බවයි.


වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ නිර්දේශය පඩි පාලක සභාව වෙත යොමු කිරීමත් සමඟ ඊට එරෙහිව වතු හාම්පුතුන්ගේ සංගමය අධිකරණ ක්‍රියා මාර්ග වලට එළඹිණි.

ඒ සමඟම වතු වෘත්තීය සමිති, හාම්පුතුන් සහ ආණ්ඩුව අතර පැවති සාමුහික ගිවිසුම අහෝසි වුනු අතර  කම්කරු වැටුප් ගැන වූ අධිකරණ ක්‍රියා මාර්ග වසර දෙකක කාලයක් පුරා ඇදී යමින් තිබේ.

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ ඇරඹි වතු සාමුහික ගිවිසුම සඳහා කම්කරුවන් වෙනුවෙන් ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය සහ ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඒ සඳහා දායකත්වය ලබා දුනි.

''අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ඇතුළු අනෙකුත් භාණ්ඩ මිල දෙගුණයකින් වැඩිවීම හා බස් ඇතුළු සෙසු ගමනාගමන ගාස්තු දෙගුණයකින් ඉහල යාම හේතුවෙන් ළමුන් පාසැල් යැවීමට පවා වතු කම්කරුවන්ට දුෂ්කර වී තියෙනවා,'' යි  ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම්වරයා  ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මෙම තත්වයෙන් යම් පමණකින් හෝ සහනයක් ලබා ගැනීමට වැටුප් ප්‍රශ්නයට විසදුම් සොයා ගතයුතු බැවින් වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ සාමුහික ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි.

 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil