The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

වතුකරයෙන් ජනාධිපති රනිල්ට ඉල්ලීම් රැගත් සන්දේශයක්

T

The Leader Desk

July 26, 2022 • 4:35 AM

 වතුකරයෙන් ජනාධිපති රනිල්ට ඉල්ලීම් රැගත් සන්දේශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවතින ආර්ථික අර්බුදය හමුවේ අන්ත දුක්ඛිතව දිවි ගෙවන වතු කම්කරුවන්ට මෙම සාමුහික ගිවිසුම යළි ක්‍රියාත්මක මගින් ඔවුන්ට යම් සාධාරණයක් ඉටුවන බව ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
  • මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කරන ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් එස්.රාමනාදන් අවධාරණය කරන්නේ වතු කම්කරුවන් අද දවසේ මුහුණ දෙන දුෂ්කරතාවන්ට වගකිව යුත්තේ පෙර පැවති ආණ්ඩුව බවයි.
  • ඒ සමඟම වතු වෘත්තීය සමිති, හාම්පුතුන් සහ ආණ්ඩුව අතර පැවති සාමුහික ගිවිසුම අහෝසි වුනු අතර කම්කරු වැටුප් ගැන වූ අධිකරණ ක්‍රියා මාර්ග වසර දෙකක කාලයක් පුරා ඇදී යමින් තිබේ.
  • මෙම තත්වයෙන් යම් පමණකින් හෝ සහනයක් ලබා ගැනීමට වැටුප් ප්‍රශ්නයට විසදුම් සොයා ගතයුතු බැවින් වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ සාමුහික ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පවතින ආර්ථික අර්බුදය හමුවේ අන්ත දුක්ඛිතව දිවි ගෙවන වතු කම්කරුවන්ට මෙම සාමුහික ගිවිසුම යළි ක්‍රියාත්මක මගින් ඔවුන්ට යම් සාධාරණයක් ඉටුවන බව ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය පෙන්වා දෙයි.



මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කරන ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් එස්.රාමනාදන් අවධාරණය කරන්නේ වතු කම්කරුවන් අද දවසේ මුහුණ දෙන දුෂ්කරතාවන්ට වගකිව යුත්තේ පෙර පැවති ආණ්ඩුව බවයි.


වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ නිර්දේශය පඩි පාලක සභාව වෙත යොමු කිරීමත් සමඟ ඊට එරෙහිව වතු හාම්පුතුන්ගේ සංගමය අධිකරණ ක්‍රියා මාර්ග වලට එළඹිණි.

ඒ සමඟම වතු වෘත්තීය සමිති, හාම්පුතුන් සහ ආණ්ඩුව අතර පැවති සාමුහික ගිවිසුම අහෝසි වුනු අතර  කම්කරු වැටුප් ගැන වූ අධිකරණ ක්‍රියා මාර්ග වසර දෙකක කාලයක් පුරා ඇදී යමින් තිබේ.

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ ඇරඹි වතු සාමුහික ගිවිසුම සඳහා කම්කරුවන් වෙනුවෙන් ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය සහ ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඒ සඳහා දායකත්වය ලබා දුනි.

''අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ඇතුළු අනෙකුත් භාණ්ඩ මිල දෙගුණයකින් වැඩිවීම හා බස් ඇතුළු සෙසු ගමනාගමන ගාස්තු දෙගුණයකින් ඉහල යාම හේතුවෙන් ළමුන් පාසැල් යැවීමට පවා වතු කම්කරුවන්ට දුෂ්කර වී තියෙනවා,'' යි  ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම්වරයා  ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මෙම තත්වයෙන් යම් පමණකින් හෝ සහනයක් ලබා ගැනීමට වැටුප් ප්‍රශ්නයට විසදුම් සොයා ගතයුතු බැවින් වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ සාමුහික ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි.

 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...