leader s

මන්නාරම මුසලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටි කතෝලික ශාන්තුවරයන්ගේ ප්‍රතිමා දෙකක් කඩා බිද දමා තිබේ.



කජිවත්ත ප්‍රදේශයේ  ස්ථාපිත කර තිබු ශාන්ත අන්තෝනි ප්‍රතිමා කඩා බිඳ දමා ඇති අයුරු කොක්කුපඩයාන් ප්‍රදේශවාසීන් දැක ඇත්තේ අගෝස්තු 2 අගහරුවාදා හවස් යාමයේදීය.

එදින හවස් යාමයේ ආගමික කටයුතු සදහා පැමිණි ප්‍රදේශවාසීන්ට දැක ගන්නට ලැබී ඇත්තේ පල්ලිය ඉදිරිපිට සවිකර තිබු අඩි එකක් සහ අඩි තුනක උසකින් යුත් ප්‍රතිමා දෙක සහ ඒවා තැන්පත් කර තිබු වීදුරු කුටි විනාශ කර ඇති බවයි.

ප්‍රතිමාවලට හානි කිරීම සම්බන්ධයෙන් සිලාවතුර පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මේ වන තෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

ඉකුත් වසරේද මන්නාරම නගරයේ පිහිටි සුරුවම් වලට පහර එල්ල කිරීම් සිද්ධීන් රැසක්ම වාර්තා වී තිබුනි.

යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් ජනයා සිටින මන්නාරමේ යුද සමයෙන් පසු ගෙවී ගිය කාලයේ වරින් වර ආගම් විරෝධී ප්‍රහාර කිහිපයක් වාර්තා විය.

එහෙත් එම ආගම් විරෝධී ප්‍රහාර ගැන සාධාරණ පරීක්ෂණ පවත්වා වැරදි කරුවන්ට දඩුවම් දීමට පොලීසිය කටයුතු කර නැතැයි මන්නාරමේ බහුජන සංවිධාන නායකයෝ චෝදනා කරති.

00m 1

00m 2

00m 3

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil