The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

ගෝඨාභය බරපතල අනතුරක ! - මෛත්‍රී කියයි

T

The Leader Desk

August 15, 2022 • 3:48 AM

 ගෝඨාභය බරපතල අනතුරක ! - මෛත්‍රී කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටට පැමිණීම ගැටළුවක් නොවනබව ද ඔහු කියා සිටියි.
  • හිටපු ආණ්ඩුකාරවරයකු වන මෛත්‍රී ගුණරත්න එම කාරණය අවධාරණය කර ඇත්තේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසුව ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන් ඔහු මුහුණ දෙමින් සිටින තත්වය සම්බන්දයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
  • එහිදී ඔහු පැහැදිලිකොට ඇත්තේ රාජ්‍ය මැදිහත්වීමක් තුලින් හිටපු ජනාධිපතිවරයා පුර්ණ ආරක්ෂාවක් යටතේ නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගතයුතු බවයි.
  • ඒ සදහා ජනාධිපතිවරයාගේ පුර්ණ අවධානය යොමුකළ යුතු බවද එහි වැඩිදුරටත් සදහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටට පැමිණීම ගැටළුවක් නොවනබව ද ඔහු කියා සිටියි.

හිටපු ආණ්ඩුකාරවරයකු වන මෛත්‍රී ගුණරත්න එම කාරණය අවධාරණය කර ඇත්තේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසුව ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන් ඔහු මුහුණ දෙමින් සිටින තත්වය සම්බන්දයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එහිදී ඔහු පැහැදිලිකොට ඇත්තේ රාජ්‍ය මැදිහත්වීමක් තුලින් හිටපු ජනාධිපතිවරයා පුර්ණ ආරක්ෂාවක් යටතේ නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගතයුතු බවයි. ඒ සදහා ජනාධිපතිවරයාගේ පුර්ණ අවධානය යොමුකළ යුතු බවද එහි වැඩිදුරටත් සදහන් වේ.

මේ ඒ සම්බන්දයෙන් නිකුත් කල සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.


image acacf8f9c8
පසුගිය ජුලි 09 වැනිදා මෙරටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට තායිලන්තයේ රැකවරණය ලබමින් සිටින බවත් එතුමන්ට එහිද රැදී සිටීමට අවසර ඇත්තේ දින 90ක කාලයක් සදහා පමණක් බවත් ජාත්‍යන්තර හා දේශීය මාධ්‍ය වාර්තාකොට තිබුණි.

හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක හිමිකරුවෙකු වන බැවින් 2013 දෙරට අතර ඇතිකරගත් ගිවිසුමට අනුව දින 90 ක කාලයක් ඔහුට වීසා නොමැතිව තායිලන්තයට ඇතුලුවිය හැකි බව ද තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක තනී සංගරත් මහතා තහවුරුකොට ඇත.

මේ සිදුවීම දෙස දෙස් විදෙස් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

මුලින්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ ගුවන් යානයකින් ආරක්ෂක රැකවරණය යටතේ සිංගප්පුරුවට ගිය හිටපු ජනාධිපතිවරයා එහි රැදී සිටීමට තිබු විසා කාලය අවසන්වීමත් සමග තායිලන්තය වෙත පැමිණ තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයට වඩා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහජනතාව හොදින් හදුනාගෙන සිටියේය. වසර 30කට අධික කාලයක් ශ්‍රී ලාංකික දේහය වසාගෙන පැවැති කොටි ත්‍රස්තවාදී ඊලාම් යුද්ධය අවසන් කිරීම සදහා ඔහු විසින් ලබාදුන් පරිපාලන නායකත්වය සේම ඒ මොහොතේ විදෙස් රටවලින් එල්ල වූ බලපෑම් නොතකා මානුෂිය මෙහෙයුම ඉදිරියටම ගෙනගොස් ත්‍රස්තවාදය රටින් තුරන් කිරීම කෙරෙහි ලාංකීය ජනයා ඔහු කෙරෙහි සුවිසාල ගෞරවයක් දැක්විය.


image c6878fee96පිත්තල හන්දියේ ගෝඨාභයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවිය.



කොල්ලුපිටියේදී එල්ටීටීඊය විසින්, පුපුරණ ද්‍රව්‍ය සහිත ත්‍රිරෝද රථයක් ගෝඨාභය මහතා ගමන් ගත් රථ පෙල වෙත ධාවනය කිරීමට සලස්වා පිපිරවීමක් සිදු කොට, ඉන් එතුමාව ඝාතනය කර දැමීමට උත්සාහ කරන ලදී. නමුත් ප්‍රහාරයෙන් ගෝඨභය මහතා දිවි ගලවා ගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනෙකු මරණයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබූහ.

එහි අග්‍ර ප්‍රථිපලය වුයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ඡන්ද ලක්ෂ 69ක් ලබාගැනීමයි එය තම ප්‍රතිවාදියාට වඩා ඡන්ද ලක්ෂ 14ක පරතරයක් සහිත ජයග්‍රහණයකි.

කෙසේ නමුත් ඔහු ජනාධිපතිවරයෙකු ලෙස අසාර්ථක වුයේය. ඊට ඔහු ගත් කාලෝචිත නොවන තීන්දු සේම ඔහු වටා සිටී අවස්ථාවාදී දේශපාලන හා නිලධාරි වළල්ල තදින් බලපෑවේය.

කොරෝනා වසංගතය සම්බන්දයෙන් එන්නත්කරණය ඔහු සාර්ථකව සිදුකලත් අනෙකුත් සියළු පරිපාලන තීන්දු ඔහුගේ අසමත්භාවයට හේතුවිය. ඔහු සතුව නොතිබූ දේශපාලන පරිචය නිසා දේශපාලන තීන්දු ගැනීමේදී ඔහු ක්‍රියාකළේ අන්දමන්ද වූ ස්වභාවයකින් බව අපි සියල්ලෝම දන්නෙමු.



රාජ්‍ය නිලධාරින් සේම ඔහුගේ ඇමති මණ්ඩලයේ සමහරුන්ද  ක්‍රියාකළේ ඔහුගේ ප්‍රතිපත්තිය දිනවිමෙට නොව එය පරාජය කිරීමේ දියාරු ප්‍රතිපත්තියක සිටය. අවසානයේ ඔහු මහා  ප්‍රතිරූපයක් ලෙස සමාජය මත ඔසවා තැබූ මාධ්‍යද ඔහුට වටකර පහර දෙන තැනකට ගමන් කළේය.



සියල්ල අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහා පර්වතයක්ව සිට අයිස් කන්දක් බවට පත්ව බලය දියවී තනතුරින් පලාගියේය.

ඔහු කිසිවිටකත් අරගලයට වෙඩි තැබීමට නියෝග නොදුන්නේය. අරගලකරුවන්ගේ ජිවිත උදුරා නොගත්තේය.  අපි ඔහුට ඒ වෙනුවෙන් ගරුකළ යුතුය.

මැයි 09 වැනිදා සිදුවීම පවා ඔහුගේ දැඩි අකමැත්ත මත සිදුවූ  ම්ලේච්ච සිදුවීමක් බව පසුව මාධ්‍ය වාර්තාකොට තිබුණි. එකී සිදුවීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ නුගත් දේශපාලන රෙජීමය ඍජුව වගකිව යුතුය.


” නහී වේරේන වේරානි – සම්මන්ති‘ධ කුදාචනං

අවේරේන ච සම්මන්තී –  ඒස ධම්මෝ සනන්තනෝ “



බුදුන් වහන්සේ වදාළ මෙකි  බෞද්ධ ගාථාවට අනුව ජිවත් වන රට වැසියන් බහුතරයක් වෙසෙන අප සමාජය ගෝඨාභය සාධකය දෙසද එසේ බැලිය යුතු යැයි මම යෝජනා කරමි.

ඒ මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ මුහුණ දෙමින් සිටින ඛේදජනක ඉරණම නිසාය. දැන් ඔහු බලයෙන් පහකරන ලද අසාර්ථක පාලකයෙකි. අපි ඔහු කෙරෙහි තව දුරටත් වෛරයෙන් බැලිය යුතුද? ඔහු සමග පැවති දේශපාලන අරගලය අවසන් කල යුතු නැද්ද ?



මා සිතන්නේ ගෝඨාභය රාජපක්ෂ යනු තවදුරටත් ශ්‍රී ලංකාව තුල වලංගු සහ මාර්කට් කල හැකි දේශපාලන චරිතයක් නොවේ. එබැවින් ඔහුට තම උපන් භූමියට පැමිණීමට ඉඩදිය යුතුය. එය රටේ පුරවැසියෙකු ලෙස ඔහුට ඇති අයිතියකි. බටහිර සහ යුරෝපිය රටවල සේම ඕනෑම රටකදී ඔහුට අන්තවාදී හෝ බෙදුම්වාදී ප්‍රහාරයක් එල්ලවිය හැකි ඉතිහාසයක් ඔහු සතුව තිබීම ඊට හේතුවයි.


කොටි ත්‍රස්තවාදී මරාගෙන මැරෙන ලයිස්තුවේ ඉහලින්ම සිටි පුද්ගලයෙකු ලෙස ඔහුට එකී අවදානම නොතිබෙන බව කිසිවෙක්ට කිව නොහැක.

පසුගියදා ලොව ප්‍රකට ලේඛකයෙකු වූ සලමන් රුෂ්ඩි (Salman Rushdie) වෙත එල්ල වූ අන්තවාදී ප්‍රහාරය මීට  උදාහරණය ලෙස අපට පෙන්වාදිය හැකිය.

ඒ අනුව මගේ යෝජනාව නම් රාජ්‍ය ආරක්ෂාව යටතේ හිටපු ජනපතිවරයා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යවරයාත් අදාළ බලධාරිනුත් කටයුතු කලයුතු බවයි.

හිටපු ජනාධිපතිවරයා කෙරෙහි බටහිර මාධ්‍ය සේම ජාත්‍යන්තර සංවිධානයද මීට කාලයකට පෙර සිට යුධ අපරාධ චෝදනා විවිධ මට්ටම්වලින් එල්ල කරමින් සිටි. ඒ අනුව කුමන තත්වයක් යටතේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර වශයෙන් අත්අඩංගුවට ගැනීමක් සිදුවුව හොත් එය රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවන භායානක තත්වයකි.

88/89 කැරැල්ලෙන් පසුව ජවිපෙ නායක  රෝහණ විජේවීර මහතාගේ පවුලේ අයටද මෙවැනි රාජ්‍ය ආරක්ෂාවක් ලබාදීමට එවක රජය කටයුතු කළේය. එවැනි පිළිවෙතක් හිටපු ජනාධිපතිවරයා සම්බන්දයෙන්ද අනුගමනය කිරීමට වර්තමාන ආණ්ඩුවට බාදාවක් නැත.

එය ඉතා කඩිනමින් ඉටුකරනු ඇතැයි අපි බලාපොරොතු වන්නෙමු.

එසේ රටට ගෙන්වා ගැනීමෙන් පසුව ඔහුට එරෙහි චෝදනා තිබේ නම් රටේ පවතින නීති රීති අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පවතින ආණ්ඩුවට හෝ පුරවැසියන්ට අයිතියක් ඇත.

අනාගතයේ පත්වන ඕනෑම ආණ්ඩුවකට එසේ කිරීමට බාදාවක් නැත.''

 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...