ජාතික ප්‍රශ්නයට විසදුම් ලෙස අත්සන් තැබුණු ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු උතුරු නැගෙනහිර පළාත් වලට

කැඳවූ ඉන්දිය සාම සාධක හමුදාව විසින් මිට තිස් පස් වරකට පෙර මරා දැමුවන් සැමරුමක් යාපනය රෝහලේ පවත්වා තිබේ.


සාම සාධනය සඳහා යැයි රජයේ ආරාධනයෙන් පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් සිදුකරන ලද සමූහ ඝාතන මාලාවක්ම සිදු කර ඇත්තේ 1987 ඔක්තෝබර් මාසයේය.

1987 ඔක්තෝබර් 21 වැනිදා ලුතිනන් ජෙනරාල් දිපේන්ද්‍ර සිං ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය සාම සාධක හමුදා භට පිරිස් යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී සිදු කළ වෙඩි ප්‍රහාරයෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ 21 ක් සහ ප්‍රතිකාර ලබමින් සිටී රෝගීන් 47 ක් ඇතුළු 68 දෙනෙකු මරා දැමිණි.

ඉන්දීය හමුදා විසින් මරා දැමුවන් අතර ඒ. සිවපාදසුන්දරම්, එම්.ජේ.ගනේෂරත්නම් සහ කේ. පරිමලර් වෛද්‍යවරු තිදෙනාත්, ආර්. රාමනාදන්, සිවපාතියම්  සහ ලීලාවතී හෙදියන් තිදෙනාත්, දුරකථන ක්‍රියාකරු කනගලිංගම්, වැඩ සුපරික්ෂකයන් වූ ආර්.ක්‍රිෂ්නරාජ්, කේ. සෙල්වරාජ්   සහ වී. ෂන්මුගලිංගම්  නම්  ගිලන් රථ රියදුරා ද වුහ.

ඉන්දීය සාම සාධක හමුදාවේ යාපන ශික්ෂණ රෝහල් සංහාරයේ 35 වැනි සමරුව සති අන්තයේදී කාර්ය මණ්ඩලයේ  සහභාගිත්වයෙන් යාපන රෝහලේදී පවත්වා තිබේ.     

 
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්