රාජ්‍ය විරෝධී කැරලිකාරීත්වයන් මර්දනයේදී යොදාගන්නා ක්‍රමවේද තීරණය කිරීමට රාජ්‍යයට අනුත්තර අයිතියක් ඇතැයි බොහෝදෙනා සිතන්නෙ ඇයි?
සුවිශාල මිනිස් ඝාතන සහ වර්ග සංහාර දියත්කිරීමට ඉඩ සපයන පහසු මාදිලියක් වශයෙන් කැරළි මර්දන යුද සන්දර්භයන් යොදාගන්නට රාජ්‍යයන් පෙළඹෙන්නෙ ඇයි?
ලංකාවේ ඉතිහාසය ඇසුරින් මේ ප්‍රශ්න පිළිබඳ පිළිතුරු සපයාගැනීමේ ප්‍රයත්නයට දායක වන්නට මෙවර "සවිචාර සංවාද" කැප වේ.
‘රාජ්‍ය අපරාධකාරීත්වය බොරුද’ යන මැයෙන් ජුනි 14 වැනි ඉරිදා ලංකාවේ වේලාවෙන් රාත්‍රි 7.30ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම සංවාදයේ ප්‍රධාන අදහස් දැක්වීම ජූඩ් ලාල් ප්‍රනාන්දු හා රෝහිත භාෂණ අබේවර්ධන විසින් කරනු ලබන අතර සංවාදය මෙහෙය වනු ලබන්නේ තිලක් කෝදාගොඩ විසිනි.





