The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනපතිගේ උතුරේ නියෝජිතයා දෙමළ විරෝධතා හමුවේ පසුබසී

T

The Leader Desk

November 16, 2022 • 3:38 PM

 ජනපතිගේ උතුරේ නියෝජිතයා දෙමළ විරෝධතා හමුවේ පසුබසී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ හමුදා අවශ්‍යතාවන්ට පොදු ජනයා සතු ඉඩම් බලහත්කාරයෙන් පවරා ගැනීමේ වෑයමට එරෙහිව ජනතා විරෝධය එල්ලවී තිබේ.
  • දෙමළ ජාතික ජනතා පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ කේ.සුභාෂ් ගේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණයක් ඊයේ [15] උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේ පැවැත්වුයේ ඉඩම් පවරා ගැනීම ගැන ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ජාවක් එහි පවත්වන්නට සුදානමින් සිටියදීයි.
  • උද්ඝෝෂකයන් අතරට පැමිණි උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා කියා සිටියේ සිය වැඩකටයුතු කරන්නේ කෙසේද යන්න තමන් දන්නා බැවින් කිසිවෙකු කලබල නොවිය යුතු බවයි.
  • ඒ දේවල් මට කියන්න එන්න එපා,''යැයි ආණ්ඩුකාරවරයා පැවසීමත් සමග විරෝධතාකරුවන් ''අපේ ඉඩම් අපට ඕනේ''යැයි හඬ නගන විට ඔහු එම ස්ථානයෙන් පසුබැස ගිය බව යාපන අර්ධද්වීපයේ වාර්තාකරුවෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

රජයේ හමුදා අවශ්‍යතාවන්ට පොදු ජනයා සතු  ඉඩම් බලහත්කාරයෙන් පවරා ගැනීමේ වෑයමට එරෙහිව ජනතා විරෝධය එල්ලවී තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ කේ.සුභාෂ් ගේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණයක් ඊයේ [15] උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේ  පැවැත්වුයේ ඉඩම් පවරා ගැනීම ගැන ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ජාවක් එහි පවත්වන්නට සුදානමින් සිටියදීයි.

''අපට අපේ ඉඩම් ඕනෑ''` ,

''දෙමළ නිලධාරීන්ගේ සහාය  ආණ්ඩුකාරයාට නෑ''

''දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලකන්න එපා'',

''IMF ණය ගන්න රඟන නාඩගමක්'',

''ජන සංහාරක හමුදාව දෙමළාගේ ඉඩම් පැහැර ගනී'',

''රනිල්-රාජපක්‍ෂ ආණ්ඩුවේ වර්ග සංහාරක සැලසුම් නවත්වනු'',

''උතුරු- නැගෙනහිර දෙමළ ජනතාවගේ නිජබිමයි''



ඇතුළු  සටන් පාඨ ලියු බැනර් හා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂකයෝ හඬ නැගුහ.

උද්ඝෝෂකයන් අතරට පැමිණි උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා කියා සිටියේ සිය වැඩකටයුතු කරන්නේ කෙසේද යන්න තමන් දන්නා බැවින් කිසිවෙකු කලබල නොවිය යුතු බවයි.

''ඉඩම් ලබා ගන්න නීතියෙන් ඉඩ තියෙනවා. කරන්න ඕනේ මොනවද කියලා මම දන්නවා. ඒ දේවල් මට කියන්න එන්න එපා,''යැයි ආණ්ඩුකාරවරයා පැවසීමත් සමග විරෝධතාකරුවන් ''අපේ ඉඩම් අපට ඕනේ''යැයි හඬ නගන විට ඔහු එම ස්ථානයෙන් පසුබැස ගිය බව යාපන අර්ධද්වීපයේ වාර්තාකරුවෝ පවසති.

jaffna gov

''හමුදාවට එක අඟලක ඉඩමක් දෙන්නේ නැහැ.''

මේ අතර පෙරේදා [14 ] යාපනයේදී වෙන වෙනම මාධ්‍ය හමුවූ ඉලංගෙයි තමිල් අරසු කච්චි හා දෙමළ ජාතික ජනතා පෙරමුණ ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජාගේ  ඉඩම් අත්පත් කර ගැනීමේ සැලසුම හෙළා දැක තිබේ.

''දැනටමත් හමුදාව අත්පත් කරගෙන ඉන්න ඉඩම් නිදහස් කරන්න කියලා අපි සටන් කරමින් ඉන්නවා. ආණ්ඩුකාරයට තවත් ඉඩම් අත්පත් කරගන්න අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ,'' යැයි ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සඳහන් කරයි.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ  ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් කියා සිටියේ බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ ආණ්ඩුකාරවරයාගේ පිළිවෙත හෙළා දකිමින් ඔහුගේ කාර්යාලය වටලන බවයි.

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...