ඊයේ දවසේ බුකියේ ලාංකීය කලාපයේ වැඩියෙන් ම සංසරණය වුණේ ඇමරිකාවේ ලංකාව නියෝජනය කරන තානාපති ලෙස අරුණි රණරාජාගේ නම යෝජනා වී ඇති බව ය. ඇය විදේශ අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ධුරය හොබවන්නී ය.
අරුණි රණරාජාට පෙර විදේශ අමාත්‍යාංශයේ ලේකම් ධුරය හොබවන ලද්දේ අරුණි විජේවර්ධන ය. දැනට ලැබෙන තොරතුරු අනුව අරුණි රණරාජාට පසු ව අමාත්‍යාංශයේ ලේකම් වනු ඇත්තේ හිමාලි අරුණතිලක ය.
වෘත්තීය විදේශ සේවා නිලධාරිනියන්ගේ නැගීම
අරුණි රණරාජාට පෙර විදේශ අමාත්‍යාංශයේ ලේකම් ධුරය හොබවන ලද්දේ අරුණි විජේවර්ධන ය. දැනට ලැබෙන තොරතුරු අනුව අරුණි රණරාජාට පසු ව අමාත්‍යාංශයේ ලේකම් වනු ඇත්තේ හිමාලි අරුණතිලක ය.
වෘත්තීය විදේශ සේවා නිලධාරිනියන්ගේ නැගීම

මේ තිදෙනා ම වෘත්තීය විදේශ සේවා නිලධාරීන් (career diplomats) ය. අරුණිලා දෙදෙනා සහ හිමාලි, විදේශ සේවයට සම්බන්ධ මනා පුහුණුව, පරිචය හා අත්දැකීම් ඇති අය ය. ඒ අතර ම, මේ තිදෙනාම ගැහැණුන් ද වේ.
කලක් පිරිමි කලාපයක් ලෙස වැජඹුණු විදේශ සේවය (ඉඳහිට ව්‍යතිරේකයක් නොතිබුණා නොවේ. ළඟදී මිය ගිය අබේසේකර මහත්මිය වැනි) මේ වන විට ශීඝ්‍රයෙන් කාන්තාකරණය (feminization) වේගෙන එන බව පැහැදිලි ව පෙනේ. පසුගිය කාලවල දී අලුතින් බඳවා ගන්නා ලද විදේශ සේවා කණ්ඩායම්වල (new batches of foreign service recruits) සංයුතිය බැලීමේදී බහුතරය වන්නේ කාන්තාවන් ය.
අරුණිලා දෙදෙනා හා හිමාලි මේ තත්ත්වයට පත් වන්නේ එක රැයකින් නොවේ. ඔවුන් තිදෙනාම විදේශ සේවයේ අවුරුදු 20කට 25කට අධික අත්දැකීමක් ඇති අය ය. මීට අමතරව තානාපති මට්ටමේ ද කාන්තාවන් සැලකිය යුතු ප්‍රමාණයක් නායකත්වය හොබවයි. ඉන් ගම්‍ය වන්නේ අවුරුදු ගණනකට පෙර සිට ම මේ ප්‍රවණතාව ආරම්භ වී ඇති බවයි.
මෙලෙස විදේශ සේවයට කාන්තාවන් වැඩියෙන් ආකර්ෂණය වන්නේ හා ඊට සාපේක්ෂ ව පිරිමින් එම සේවයට බැඳීමට වැඩි උනන්දුවක් දක්වන්නේ නැත්තේ ඇයි ද යන්න සොයා බැලිය යුතු කරුණකි.
අරුණි රණරාජා පිළිබඳ පෞද්ගලික මතකයක්
මෙලෙස විදේශ සේවයට කාන්තාවන් වැඩියෙන් ආකර්ෂණය වන්නේ හා ඊට සාපේක්ෂ ව පිරිමින් එම සේවයට බැඳීමට වැඩි උනන්දුවක් දක්වන්නේ නැත්තේ ඇයි ද යන්න සොයා බැලිය යුතු කරුණකි.
අරුණි රණරාජා පිළිබඳ පෞද්ගලික මතකයක්

ප.ලි : අරුණි රණරාජා (Aruni Ranaraja) ඕලන්දයේ තානාපතිවරිය වශයෙන් කටයුතු කරද්දී මා ඇය කිහිප වරක් ම හමු වී දීර්ඝ ලෙස කතාබස් කර ඇත. ඇයගේ නිල නිවසේ රාත්‍රී ආහාරය සඳහා මට දෙවරක් ම නිල ආරාධනා කරන ලද අතර කෑමට බීමට අමතර රුචියක් දක්වන මා, අරුණි විශිෂ්ට සත්කාරකවරියක් (host) බව ද කිව යුතු ය.
මා එක් අවස්ථාවක අරුණි විසින් මනා ලෙස පුහුණු කරන ලද කෝකිවරියක් හා බට්ලර්වරියක් ගැන ද මීට පෙර මා පෝස්ටුවක ලියා ඇත. මේ සමග අරුණිට නව පත්වීම අරභයා මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනැමේ !!
Note 1 : Current Sri Lankan female High Commissioners and Ambassadors
Female High Commissioners
High Commissioners head Sri Lanka's diplomatic missions in Commonwealth member states:
• Australia (Canberra): Yasoja Gunasekera (assumed duties in April 2025).
• India (New Delhi): Maheshini Colonne (appointed in August 2026
Female Ambassadors
Ambassadors lead Sri Lanka's diplomatic missions in non-Commonwealth countries:
• Austria (Vienna): Dayani Mendis (also serves as Permanent Representative to the UN in Vienna; cleared by Parliament in March 2026).
• Brazil (Brasília): C. A. Chaminda Inoka Colonne (also concurrently accredited to Suriname and several other South American nations).
• Ethiopia (Addis Ababa): Nirmala Indumathie Dias Paranavitana (Sri Lanka’s first female Ambassador to Ethiopia and Permanent Observer to the African Union and UNECA; assumed duties in April 2026).
• Indonesia (Jakarta): Sumadhurika Sashikala Premawardhane.
• Nepal (Kathmandu): Ruwanthi Delpitiya.
• Philippines (Manila): Anzul Banu Jhan (approved by the Parliamentary Committee on High Posts in September 2026).
• Thailand (Bangkok): E. A. S. Wijayanthi Edirisinghe (also serves as Permanent Representative to UNESCAP).
• United Arab Emirates (Abu Dhabi): Prof. Arusha Cooray (appointed in August 2026).
(උදන් ප්‍රනාන්දුගේ Facebook සටහනක් ඇසුරෙනි)




