The Leader News
BREAKING
නාමල්ගේ හිඩැස පුරවන ලිමිණි සහ කංචන | ආචාර්ය මහේෂ් හපුගොඩ●බඹරා නිරිත දිගින්ම ආවේ ඇයි? | අජිත් පැරකුම් ජයසිංහ●කමින්ස්ගේ නායකත්වයට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලයෙන් ඒකමතික අනුමැතිය●යතුරුපැදි මරණ අවම කරන්නට නගරයෙන් බැහැර මාර්ගවලට වෙනම මංතීරුවක්●දිරිය දියණියකට ගරු කරන්න අසුනින් නැගිට්ට රුහුණේ කුලපති හිමි●ගෑස් මිල සහ සැපයුම ගැන මැතිසබා කමිටුවෙන් විශේෂ උපදෙස්●අද (නොවැම්බර් 21) ලෝක රූපවාහිනී දිනය යි●දේශගුණික අභියෝග ජයගන්න බංග්ලාදේශ ගොවීන්ට ඩොලර් බිලියන 5ක ණය සහනයක්●අනුර නිසා රාජධානිය අහිමි වූ එකම දිනක උපන් දෙන්නෙක්! - ගුරුදා විග්‍රහය●සංවිධානාත්මක අපරාධ පනත සම්මත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්●
Top Ad
Opinion

නාමල්ගේ හිඩැස පුරවන ලිමිණි සහ කංචන | ආචාර්ය මහේෂ් හපුගොඩ

Nethmini

Nethmini

November 21, 2026 • 4:15 PM

නාමල්ගේ හිඩැස පුරවන ලිමිණි සහ කංචන | ආචාර්ය මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මම කැමතියි පසුගිය සතියක විතර කාලයක් ඇතුළේ සිද්ධ වෙච්ච සිද්ධි දෙකක් ගැන මගේ පොදු අදහස ලියන්න.
  • කංචනට සෘජුව පොහොට්ටුව එක්ක සම්බන්ධයක් මේ මොහොතේ නැතුව ඇතියි කියලා හිතන්න පුළුවන් වුණත්, ඔහුගේ නම ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්ෂක (හෝ අගමැති අපේක්ෂක?) කියලා රාවයක් ගියා.
  • මම කියන්න යන අදහසට ඒක ඇත්තද නැත්තද කියන එක අදාළ නැහැ.
  • හැබැයි ලිමිණි සම්බන්ධයෙන් 'සක්‍රිය දේශපාලනය' කියන වචනය තවම පාවිච්චි කරන්න බැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

මම කැමතියි පසුගිය සතියක විතර කාලයක් ඇතුළේ සිද්ධ වෙච්ච සිද්ධි දෙකක් ගැන මගේ පොදු අදහස ලියන්න. ඒ සිද්ධි දෙකට පාදක වෙන්නේ කංචන විජේසේකර සහ ලිමිණි රාජපක්ෂ කියන චරිත දෙක.

මේ දෙන්නම ඈඳෙන්නේ පොහොට්ටුව කියන දේශපාලන වැඩ භූමිය එක්ක ඉස්මතු වෙන දේශපාලනයක් එක්ක. සහ නාමල් රාජපක්ෂ දිගින් දිගටම රිමාන්ඩ් කරලා ඉන්න තත්ත්වයක් එක්ක.

කංචනට සෘජුව පොහොට්ටුව එක්ක සම්බන්ධයක් මේ මොහොතේ නැතුව ඇතියි කියලා හිතන්න පුළුවන් වුණත්, ඔහුගේ නම ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්ෂක (හෝ අගමැති අපේක්ෂක?) කියලා රාවයක් ගියා. මම කියන්න යන අදහසට ඒක ඇත්තද නැත්තද කියන එක අදාළ නැහැ.

ඊට පස්සේ ලිමිණි රාජපක්ෂ, නාමල් උසාවි ආපු දවසක උසාවි පැමිණීම ගැන සෑහෙන විතර රාවයක් ගියා. ඇය ගැන මම මීට කලින් සටහනක් තියලා තියෙනවා. ඊට අමතරව බුකියේ ඇයගේ නිශ්ශබ්ද එහෙත් ශක්තිමත් පෞරුෂය ගැන සටහන් කීපයක් දැක්කා.

දේශපාලන හිඩැස සහ තරුණ චරිතවල ඉල්ලුම


මේ දෙකම සිද්ධ වෙන්නේ නාමල් කියන චරිතය සක්‍රිය දේශපාලනයේ නැති තත්ත්වයක් එක්ක. නැත්නම් දිගට ඇප හෝ නොදෙන තත්ත්වයක් තුළ. වෙනත් විදියකින් කිව්වොත් හිඩැසක් තුළ.

පොදුවේ ගත්තම මේ දෙන්නම තරුණ දේශපාලන චරිත කියලා කියන්න පුළුවන්. හැබැයි ලිමිණි සම්බන්ධයෙන් 'සක්‍රිය දේශපාලනය' කියන වචනය තවම පාවිච්චි කරන්න බැහැ.

කොහොම වුණත් මේ දෙන්නම තරුණ චරිත වීම පොදු සාධකයක් ලෙස තියෙනවා වගේම පොදුවේ සමාජයේ යම් ඉල්ලුමක් තියෙන බවක් පේනවා. කංචනව ඉතාම සහාසික ලෙස අවමානයට (discredit) ලක්කිරීමේ සැලසුම් සහගත දේශපාලනයක් ඇතුළේ පවා ඔහුව අගය කරන පිරිසක් දකින්න පුළුවන්. ඔහු හෝ ඔහු වගේ අයෙක් ඉල්ලා සිටින සමාජයක් අප අවට දකින්න පුළුවන්.

මේ දේම යම් විදියකට ලිමිණි සම්බන්ධයෙන් පවා නිරීක්ෂණය කරන්න පුළුවන්. මම කියන්නේ තරුණ දේශපාලන චරිතයකට ලොකු අවකාශයක් ලංකාවේ දේශපාලනය ඇතුළේ නිර්මාණය වෙමින් යනවා කියන එක. විශේෂයෙන් නාමල් රාජපක්ෂට සමාන වයසක ඉන්න මේ දෙන්නා සම්බන්ධයෙන් ලංකාවේ ජනතාව ඉක්මන් ප්‍රතිචාර දක්වනවා කියන එක නොසලකා හැරිය නොහැකි දේශපාලන සාධකයක්.


'නාමල් වන එහෙත් නාමල් නොවන' නව පරපුර

'නාමල් වන එහෙත් නාමල් නොවන' කියලා මේක නිර්වචනය කරන්නත් පුළුවන්.

මෙයාලා එක ෆේස්බුක් පෝස්ට් එකකින් ඉක්මනට උඩට ගන්න පුළුවන්. අවධානයට ලක්කරන්න පුළුවන්. පැරණි අයව ඒ තරම් ඉක්මනට උඩට ගන්න බැහැ. මිනිස්සු බලනවා අඩුයි.

හැබැයි මෙයාලට එහෙම නැහැ. මම හිතන්නේ ඒ වයස් කාණ්ඩයේ දේශපාලන චරිතවලට සමාජයේ ඉල්ලුමක් හැදෙමින් එනවා. ඒක මඟහැරිය නොහැකි පොදු සාධකයක්.



(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

ආචාර්ය මහේෂ් හපුගොඩ

සමාජ හා දේශපාලන විශ්ලේෂක

ආචාර්ය මහේෂ් හපුගොඩ සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන අතර, සාහිත්‍ය, දේශපාලනය සහ සමාජය පිළිබඳ විශ්ලේෂණාත්මක අදහස් ඉදිරිපත් කරන විද්වතෙකි. ඔහුගේ ශාස්ත්‍රීය අවධානයට පශ්චාත්-යටත්විජිත අධ්‍යයනය, පැවැත්මවාදය (Existentialism), මහාද්වීපීය දර්ශනය, Lacanian මනෝවිශ්ලේෂණය සහ Žižek අධ්‍යයනය ඇතුළත් වේ.

View all stories by ආචාර්ය මහේෂ් හපුගොඩ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...