The Leader News
BREAKING
ලෝකය හොල්ලන AI රැල්ල බිඳ වැටුණොත් ආසියාවට වෙන දේ●නව ව්‍යවස්ථාවට සාකච්ඡා ජනවාරියේ: පළාත් සභා ඡන්දය මුලින්ම●ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පැහැර හැරීම: කෙහෙළිය ඇතුළු පිරිසට එරෙහිව නඩු●රියාද් ගුවන් තොටුපොළ ප්‍රහාරය: අනතුරු ඇඟවීමේ පද්ධතිය නිහඬ වූයේ ඇයි?● IMF අනතුරු අඟවයි: රටවල් රැසකට වියදම් කප්පාදු හැර විකල්ප නෑ! ●ආගමික ඇඳුම් ගරුත්වය රැකීමට 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කරන්න: සජිත්●සාලයේ ටීවී එකෙන් පැතිරෙන අලුත්ම AI අවදානම●කුස්සියේ ෆ්‍රිජ් එකටත් සයිබර් හොරු පනියිද?●සංගීත කර්තෘභාග අයකිරීම තාවකාලිකව අත්හිටුවයි: ACPOSL කනගාටුව පළකිරීමේ පසුබිම●ගෝලීය බලය ටෙක්නෝපොලිටික්ස් අතට: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

'කැමති තැනක ව්‍යාපාර කිරීමට' ඩයස්පෝරාවට ආරාධනා

T

The Leader Desk

November 17, 2022 • 5:15 PM

'කැමති තැනක ව්‍යාපාර කිරීමට' ඩයස්පෝරාවට ආරාධනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා ආරාධනා කර තිබේ.
  • ඩයස්පෝරාව සමග කටයුතු කරනු ලබන ජනතාවට මෙරට තුළ කැමැති ප්‍රදේශයක ව්‍යාපාර ආරම්භ කිරීම සදහා අවස්ථාව ලබා දීමටත් අමාත්‍යවරයා එහිදී පොරොන්දු වී ඇත.
  • ආරක්ෂක අමාත්‍යංශය පසුගිය අගෝස්තු 14 වැනිදා නිවේදනය කර තිබුනේ තහනම් ද්‍රවිඩ සංවිධාන 6ක් හා පුද්ගලයන් 316ක තහනම පසුගිය අගෝස්තු 1 දා ඉවත් කළ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා ආරාධනා කර තිබේ.

තහනම ඉවත් කරනු ලැබූ කැනේඩියානු දෙමළ කොංග්‍රසයේ සභාපති සිවන් ඉලංගෝ සහ විධායක අධ්‍යක්ෂ ඩැන්ටන් තුරෙයිරාජා ගෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ එම ඉල්ලීම සිදු කර ඇත්තේ මෙරටේ අනාගත සංවර්ධනය උදෙසා සියලු ශ්‍රී ලාංකිකයන් සමඟ සබඳතා පුළුල් කර ගැනීමේ අරමුණින් යයි පවසමිනි.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විදුරංග සිරිමාන්න සිංහල සහ ඉංශ්‍රීසි බසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, කැනේඩියානු ඩයස්පෝරා සංවිධානය මෙරට තුළ තහනම් සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ස්තූතිය පළ කරමින් කැනේඩියානු දෙමළ කොංග්‍රසය විසින් නිකුත් කරන ලද ලිපියක් එම සංවිධානයේ නියෝජිත පංචලිංගම් කන්දයියා විජයදාස රාජපක්ෂ  අමාත්‍යවරයා වෙත නොවැම්බර් 16 බදාදා භාර දුන් අවස්ථාවේ එම ඉල්ලීම කළ බවයි.

“සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා රජයේ නිවැරදි මගපෙන්වීම පිළිබඳව ප්‍රශංසා කරන අතරම, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය හඳුනාගෙන ගරු කිරීම උදෙසා දීර්ඝ කාලීන සහජීවනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් කඩිනමින් ගත යුතු පියවර පිළිබඳව ද එහිදී ඔවුන් විසින් අවධාරණය කළ බව” නීතිවේදී විදුරංග සිරිමාන්න වැඩි දුරටත් නිවේදනය කරයි.

ඩයස්පෝරාව සමග කටයුතු කරනු ලබන ජනතාවට මෙරට තුළ කැමැති ප්‍රදේශයක ව්‍යාපාර ආරම්භ කිරීම සදහා අවස්ථාව ලබා දීමටත් අමාත්‍යවරයා එහිදී පොරොන්දු වී ඇත.



"ඩයස්පෝරාව සමග කටයුතු කරනු ලබන ජනතාවට ශ්‍රි ලංකාව තුළ තමන් කැමති ප්‍රදේශයක තම ව්‍යාපාර කටයුතු ආරම්භ කර දියුණු කිරීම උදෙසා අවස්ථාව ලබා දෙන අතරම සියලුම ශ්‍රී ලාංකිකයන්ට සමානව හා වෙනස්කමකින් තොරව සැලකීමට කටයුතු කරන බවට ද අමාත්‍යතුමා මෙහිදී සහතික විය."



කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසය විසින් පසුගියදා උතුරු, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වල රජයේ රෝහල්වල වෛද්‍ය අවශ්‍යතා සඳහා අරමුදල් සැපයීම පිළිබඳව ද අමාත්‍යවරයාගේ ප්‍රසාදය වු බව විදුරංග සිරිමාන්න නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

ආරක්ෂක අමාත්‍යංශය පසුගිය අගෝස්තු 14 වැනිදා නිවේදනය කර තිබුනේ තහනම් ද්‍රවිඩ සංවිධාන 6ක් හා පුද්ගලයන් 316ක තහනම පසුගිය අගෝස්තු 1 දා ඉවත් කළ බවයි.

ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය - ATC, ගෝලීය දෙමළ සංසදය - GTF, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව - WTCC,  ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය - TEPA, කැනේඩියානු දමිළ කොංග්‍රසය - CTC, බ්‍රිතාන්‍ය දමිළ සංසදය - BTF. එම සංවිධාන හය වේ.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...