මාස තුනකට ඉහත දී ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කළ ප්‍රබල දෙමළ ඩයස්පෝරා සංවිධානයක ප්‍රධානීන්ට

ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා ආරාධනා කර තිබේ.

තහනම ඉවත් කරනු ලැබූ කැනේඩියානු දෙමළ කොංග්‍රසයේ සභාපති සිවන් ඉලංගෝ සහ විධායක අධ්‍යක්ෂ ඩැන්ටන් තුරෙයිරාජා ගෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ එම ඉල්ලීම සිදු කර ඇත්තේ මෙරටේ අනාගත සංවර්ධනය උදෙසා සියලු ශ්‍රී ලාංකිකයන් සමඟ සබඳතා පුළුල් කර ගැනීමේ අරමුණින් යයි පවසමිනි.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විදුරංග සිරිමාන්න සිංහල සහ ඉංශ්‍රීසි බසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, කැනේඩියානු ඩයස්පෝරා සංවිධානය මෙරට තුළ තහනම් සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ස්තූතිය පළ කරමින් කැනේඩියානු දෙමළ කොංග්‍රසය විසින් නිකුත් කරන ලද ලිපියක් එම සංවිධානයේ නියෝජිත පංචලිංගම් කන්දයියා විජයදාස රාජපක්ෂ  අමාත්‍යවරයා වෙත නොවැම්බර් 16 බදාදා භාර දුන් අවස්ථාවේ එම ඉල්ලීම කළ බවයි.

“සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා රජයේ නිවැරදි මගපෙන්වීම පිළිබඳව ප්‍රශංසා කරන අතරම, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය හඳුනාගෙන ගරු කිරීම උදෙසා දීර්ඝ කාලීන සහජීවනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් කඩිනමින් ගත යුතු පියවර පිළිබඳව ද එහිදී ඔවුන් විසින් අවධාරණය කළ බව” නීතිවේදී විදුරංග සිරිමාන්න වැඩි දුරටත් නිවේදනය කරයි.

ඩයස්පෝරාව සමග කටයුතු කරනු ලබන ජනතාවට මෙරට තුළ කැමැති ප්‍රදේශයක ව්‍යාපාර ආරම්භ කිරීම සදහා අවස්ථාව ලබා දීමටත් අමාත්‍යවරයා එහිදී පොරොන්දු වී ඇත.



"ඩයස්පෝරාව සමග කටයුතු කරනු ලබන ජනතාවට ශ්‍රි ලංකාව තුළ තමන් කැමති ප්‍රදේශයක තම ව්‍යාපාර කටයුතු ආරම්භ කර දියුණු කිරීම උදෙසා අවස්ථාව ලබා දෙන අතරම සියලුම ශ්‍රී ලාංකිකයන්ට සමානව හා වෙනස්කමකින් තොරව සැලකීමට කටයුතු කරන බවට ද අමාත්‍යතුමා මෙහිදී සහතික විය."



කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසය විසින් පසුගියදා උතුරු, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වල රජයේ රෝහල්වල වෛද්‍ය අවශ්‍යතා සඳහා අරමුදල් සැපයීම පිළිබඳව ද අමාත්‍යවරයාගේ ප්‍රසාදය වු බව විදුරංග සිරිමාන්න නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

ආරක්ෂක අමාත්‍යංශය පසුගිය අගෝස්තු 14 වැනිදා නිවේදනය කර තිබුනේ තහනම් ද්‍රවිඩ සංවිධාන 6ක් හා පුද්ගලයන් 316ක තහනම පසුගිය අගෝස්තු 1 දා ඉවත් කළ බවයි.

ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය - ATC, ගෝලීය දෙමළ සංසදය - GTF, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව - WTCC,  ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය - TEPA, කැනේඩියානු දමිළ කොංග්‍රසය - CTC, බ්‍රිතාන්‍ය දමිළ සංසදය - BTF. එම සංවිධාන හය වේ.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්